ඉඳහිටක හෝ මා නෙත් දෙස බලන්න..
ඉඳහිටක හෝ මා අසලට පැමිණෙන්න..
නොකියූ කතා ඉඳහිටකවත් තේරුම්ගන්න..
මම ඔබේ උන්මත්තකයා වෙමි....
ඉඳහිටක හෝ මා නෙත් දෙස බලන්න..
ඉඳහිටක හෝ මා අසලට පැමිණෙන්න..
නොකියූ කතා ඉඳහිටකවත් තේරුම්ගන්න..
මම ඔබේ උන්මන්තිකාව වෙමි....
දුටු වනම මා ඔබට හද පුද කලා....
ඔබත් හිතා බලන්න ඔබ මට කුමක් කළා දැයි කියා....
ඔබ කුමක් කළාදැයි කියා....
මගේ හදවත බිඳ නොදමන්න....
ඉඳහිටක හෝ හදවතට හදවත ළං කරන්න....
මම ඔබේ උන්මත්තිකාව වෙමි....
ඔබේ කෙහෙරැල් සිපගන්න සිතෙයි....
එවිට ඔබ කුමක් පවසාවිදැයි සිතෙයි....
ඔබට කුමක් නම් පවසන්නද?....
කුමක් නම් පවසන්නද?....
ඔබේ තීරණය පවසන්න... මා වැළඳගන්න.....
මම ඔබේ උන්මත්තකයා වෙමි....
Subscribe to:
Post Comments (Atom)
3 අදහස්:
මිතුර ඔබ බොහෝ විට මගේ නිදහස් සිතුවිලි විචාරයට ලක් කර ඇති බව දනිමි. එහෙත් ඔබේ කව් සිතුවිලි මට වැටහෙන මානයෙන් එපිටය. මුල වැටහුනද අග වැටහෙන්නේ නැත. අග වැටහුනද මුල වැටහෙන්නේ නැත. අග මුල වැටහුනද මැද වැටහෙන්නේ නැත. අග මැද මුල වැටහුනද සමස්තය වැටහෙන්නේ නැත. ඒ මාගේ බුද්ධි මට්ටම පැතිර පවතින පරාසයේ දෝෂයක් යැයි සිතමි. එබැවින් සමා වුව මැන. මට ඒ කවි පිළිබඳ ව විචාරයක යෙදෙන්නට නොහැකව ඇත. එහෙත් මම නිරතුරු ඒවා කියවන්නෙමි.
මිතුර,
ඔබගේ අව්‍යාජ අදහස් දැක්වීමට බොහොම තුති. එය මම අගය කොට සලකමි.
ඇත්ත...මෙහි එන සමහරක් නිර්මාණ තරමක් අවුල් සහගතයි. ඒවා හුගක් මම මගේ සිහින හා අභ්‍යන්තර සිතුවිලි නිදහස් කිරීමට ගත් උත්සාහයන්ය. එය ඔබගේ රසවින්දනයේ හෝ තේරුම් ගැනීමේ ශක්තියේ අඩු බවක් නොව පොදුවේ යම් සිදුවීමක් හෝ දෙයක් මම දකින විකාර රෑපී හෝ වෙනස් තත්තවය නිසා උද්ගත වූවක් බව අදහමි.
නැවත වතාවක් ඔබට තුති.
හික්ස්...
කලාව කියන්නේ හරියට මායිම් දාලා පෙන්නන්න පුළුවන දෙයක් නෙම්යි මචංලා
/බිඟුවා...!
Post a Comment