
ආරාධනාවයි!
හිතවත් සමනළය,
නොපෙනේද?
වැඩි කලක් නැත තොපට
අහවරව යාවි
අද හෙටම
මල් සුවද
බැරි උනත් අප වන්න
උපතින්ම
පුරුදුවව් දැන් සිටම
පමා නැත තොප තවම
නෙක වර්ණ හැඩකාර
පියාපත් හංගන්න
කුණූධූලි ඇති පදම්
ඇතිය මේ හතරවට
වාදයක් බේදයක්
නැතිය කිසි අප අතර
බොහෝ දේ තිබෙනකල
විඳගන්න
මල් සුවඳ බිඳක් රැකගනු පිණිස
කුමට අරගල මිතුර
සාමයෙන් සැනසෙන්න
ප්‍රීතියෙන් විදගන්න
එන්න අප හා එක්ව ඉගිලෙන්න
යන්න හැකි වෙතොත්
බෝ දුරක් එලෙසින්ම
නිල ලැබූ නිල මැස්සෙක්ම
වන්න හැකි වෙයි නුඹට
මතු දිනක
මීට
නිලමැස්සා
33 අදහස්:
විශිෂ්ඨයි නිල මැස්සා. ඒකාට ලෑන්ඩ් කරන්න මලක්ම ඕනෙත් නැහැ නොවැ.
උපරිමයි අදහස හා පදකිරීම.
විශ්මි අක්කේ නිදා ගන්න කලින් ඔන්න ආවා ඔයාවත් බලන්න.දැන් නම් නිදි මතයි සෑහෙන්න.ඒත් නිදි මතෙන් උනත් කවිය කියෙව්වා.ඇත්තටම මේ යන විදිහට ගියොත් සමනලයින්ට මල් පැණි නම් බොන්න වෙන හැඩක් නෑ.ඒ නිසා ඔයා කිව්ව වගේ සමණලයොත් ඉක්මනින්ම නිල මැස්සාගේ භෝජන රටාවට හුරු වෙන එක හොදයි වගේ.අපේ බ්ලොග් ලියන සමනලීටත් කියන්න ඕනා මේ ගැන.
මං ඔයාගෙ කවිය තෙරුම් ගත්ත විදිහ හරිද මන්දා.කමක් නෑ.හෙට උදේටත් මං කොහොමත් මේ පැත්තේ එනවා.එතකොට අයෙත් කියවලා වැරදි නම් හදන්නම් කො.
ම්...විශ්මි අක්කේ.....කවිය ලස්සනයි.නිදි මතේ උනත් ඒක දැනුනා....
ඔව් මල්ලි... ඇත්තටම සතුට මුසු ඊර්ෂ්‍යාවක් එනවා... මගේ ජීවිතයටම මට මෙහෙම දෙයක් ලියාගන්න බැරිවෙයි....
මල්ලි,
නියම කවියක්... ඔයා ලියපු ඒ වයින් මට වැඩියෙන් ම ආස හිතුන් එක...
ලොකු ඛේදවාචකයක්... මුළු ලෝකය ටම අත් විඳින්න වෙන.. .. ඒත් ආකර්ශනීය වචනවලින්..
දැන් නම් මමත් තිස්ස අය්ය එක්ක එකඟයි....ඔයාට තියෙන්නෙ අමුතුම පරිකල්පනයක්..
@මම .....හපොයි ලමයෝ ඔයා නම් හොඳටම නිදිමතේ.... මේක මම නෙවෙයි ලිවුවේ රේවන්.......... :D
හපොයි අක්කේ මං බැලුවා මොකද මේ කට්ටියම මල්ලි මල්ලි ගාන්නේ කියලා.වස ලැජ්ජාවයි.
හ්ම් අනේ අනේ හිතුවා නේද මට වැරදුනා කියලා.මං හිතලමයි එහෙම කලේ.මොකද මං දන්නවානේ රවේන් අයියායි ඔයායි කියන්නේ එක්කෙනෙක් කියලා.හූ...හූ මට අහුවුනා නේ..
නියමයි රේවන්....අපූරු නිර්මාණයක්
අපිටත් ලගින්න වෙන්නෙ කුණු ගොඩක තමයි අනාගතේ.
ලස්සනයි අදහස රේවන්...
හපොයි "මම"... ඒකනම් එකසිය ගානක වැරද්දක්... ඒ දෙන්නා මේ ලඟදී විවාහ ගිවිසා ගත් යුවලක් නේ...? ඉස්පාසුවෙන් පහුගිය පෝස්ට් බැලුවොත් නංගිටම තේරෙයි දෙන්නා ලියන විදිහේ පැහැදිලි අනන්‍යතාවන් තියනවා... ඒක එක්කෙනෙකුට කරන්න බැරි දෙයක්...
සියල්ලන්ටම ස්තූතියි අදහස් දැක්වූවාට. :)
"මම" ට-
ඔයාගෙ කමෙන්ට් එකෙන් වැරදි වැටහීමක් ඇති විය හැකි වගක් පෙනෙනවා.
අපිව දැනගත යුතු අය අපි කවුද කියලා දන්නවා. අපි කවුද කියලා ප්‍රශ්නයක් තිබේ නම් තිස්ස හෝ දුකා අයියලාගෙන් දැනගන්න පුලුවන් ඔයාට. හික් හික්.
කටට එන හැම දෙයක්ම පල කිරීමට පෙර තරමක් හිතල,සොයල බලන්න. ඔබට ජය.
හුග කාලෙකින් ආවේ නිර්මාණය කියෙව්වා මග හැරුණු ඒවත් රසවිදින්න ඕන....
සමාවෙන්න අයියේ...
මං කලින් කරලා තියෙන comment එකෙන් විශ්මි අක්කාට හෝ ඔයාට මොකක් හරිම අපහසුතාවක් ඇති උනානම් ඇත්තටම මට සමාවෙන්න.ඔබ දෙදෙනා අපහසු තාවට පත් කීරිමට කිසිදු අදහසක් නොතිබිනි.
ජීවිතය - හප්පා කාලෙකින් දැක්කේ. ඉඩ ලැබෙන හැටියකට කියවන්නකො එහෙනම් මිත්‍රයා. බොහොම ස්තූතිය මෙහි ගොඩ වැදුනට
මම-
ඒකට කමක් නැහැ නංගි. සමහර වචන වලින් කියවන්නන්ට වැරදි දෙයක් මැවෙනවා යැයි හිතුන නිසයි පැහැදිලි කිරීමක් කලේ. ඔයත් එක්ක කිසි අමනාපයක් නැහැ. අපි හැමෝම ලියන කියන දෙයක් අනිත් අය එක්ක බෙදා හදාගෙන සතුටු වෙන උදවියනෙ. :)
රවේන් අයියේ...
මට පේන්නේ මගෙ අතින් උන එකම වරද ඔයාගෙ නම වෙනුවට විශ්මි අක්කාගෙ නම දාපු එක විතරයි.මං ඔය දෙන්නා එක්කෙනෙක් කියන එකෙන් අදහස් කලේ ඔයා දෙන්නෙක්ගෙ නම දාගෙන ඔයා විතරක් තනියෙන් ලියනවා කියන එක නෙවෙයි.මං දන්නවා විශ්මි අක්කයි,ඔයයි කියන්නෙ කව්ද කියලා(ඔය දෙන්නගෙ බැදීම මොකක්ද කියලා).ඒක මං දැනගෙනත් ටික දවසකට පස්සෙයි ඔයාලගෙ බ්ලොග් කියවන්නත් ආවේ.
" කටට එන හැම දෙයක්ම පල කිරීමට පෙර තරමක් හිතල,සොයල බලන්න" කියපු එකට නම් මගෙ හිත රිදුනා.හේතුව තමා මං අදහස් කරපු දේට වඩා හාත් පසින්ම වෙනස් දෙයක් හිතාගෙනයි ඔයා ඒක කියලා තියෙන්නේ.ඒක මට තෙරුනෙත් ඔයාගෙ බ්ලොග් කියවන කෙනෙක්ට call කරලා මේ වෙච්ච සිද්දිය කිව්වමයි.ඊටත් පස්සෙයි දැක්කේ දොඩන්ගොඩ අයියගෙ comment එක.
රාවෙන් " මම " කියන කෙනා ලියලා තියන දෙ වැරැද්දක් නැහැ කියලා ඔයා හොදට බැලුවොත් පෙනෙවි.. දෙන්නෙක් නෙමෙ එක්කෙනෙක් කියන දෙ හරි.. ඔය දෙන්නගෙ ආදර අන්දරය අපි දන්නෙ නැහැ. නමුත් ඔය දෙන්නා එකිනෙකා වෙනුවෙන් පළ කල යම යම් නිර්මාණ ඔස්සෙ කල්පනා කරද්දි හිතෙනවා දෙදෙනාම එකතු වෙලා සම්පුර්න වෙලා කියලා..
මම -
නම් දෙකේ පටලැවිල්ලට මම මොකුත් කියන්නේ නැහැ. කිවුවෙත් නැහැ.ඒ ගැන විෂ්මි බොහොම සුහදව කියල තියනව නේද? එවන් වැරදීම් විය හැකියි.අපි ඊට දොස් කිවුවෙ නෑ.
ඒ උනත් අපි දෙන්නා එක්කෙනෙක් කියල හූ කියන එකේ අදහස මෙතන පැහැදිලි කරනවද. ඒකෙන් අනිත් අයට වැරදි වැටහීමක් ඇති වෙන්නෙ නැද්ද?
මම මේක අහන්නෙ රවාගෙනුත් එක්කයි.
රවා උඹ කාලෙකට පස්සෙ ඇවිත් එකපාරටම නිර්මාණය ගැන කතා නොකර මෙතන වෙන දෙයක් කතා කිරීමට පමණක් පැමිණීම ගැන කණගාටුයි. ඔබ හරිහැටි අපි ලියූ දේවල් කියවා නැති බව මම තේරුම් ගත්තා. ඒත එක්කම තව බොහෝ දේවල් තේරුම් ගත්තා. ඒ ගැන මට සතුටුයි.
දෙදෙනෙක් එකතු වී යමක් නිමැවූ පමණින් දෙදෙනා එක්කෙනෙක් ලෙස හැදින්වීම ඔබට සාධාරණ වෙන්න පුලුවන්. ඔබට ඒ ගැන වාද කරන්නත් පුලුවන්. ඔබ කල්පනා කරන සහ ඔබට හැගෙන සැමදේම නිවරදි නැති බවත් මතක තබාගන්න.
හැකිනම් පෙන්නන්න ඔබ කියන ඔය සමාන කම් ගැන විස්තර ඇතිව කාටත් පේන්න.
කොතරම් උත්සාහ කලත් වචන විසින් තමන්ව පාවාදෙන බවත් තරයේ මතක තබාගන්න.
සුබ දවසක් දෙන්නටම.
රාවේන් අයියේ ඔයාලාගේ බ්ලොග් කියවන අය අනිවර්යෙන්ම දන්නවා ඔයාලා දෙන්නා එක්කෙනෙක්ද දෙන්නෙක්ද කියන එක. ඒක මං අමුතුවෙන් කියන්න ඔනා නෑනේ.ඔයා ලියපු "නුඔ නිසා ලියැවින"හා විශ්මි අක්කා ලියපු "නුඹේ බිරිදව" කියන ලිපි කියවපුවාම ඒක ඕන කෙනෙක්ට තේරුම් යනවා.
"හපොයි අක්කේ මං බැලුවා මොකද මේ කට්ටියම මල්ලි මල්ලි ගාන්නේ කියලා.වස ලැජ්ජාවයි."
"හ්ම් අනේ අනේ හිතුවා නේද මට වැරදුනා කියලා.මං හිතලමයි එහෙම කලේ.මොකද මං දන්නවානේ රවේන් අයියායි ඔයායි කියන්නේ එක්කෙනෙක් කියලා.හූ...හූ මට අහුවුනා නේ.."
අයියේ ඔය උඩින් තියෙන්නේ මගෙ comment එකනේ.ඒකේ ඉස්සෙල්ලම ලියලා තියෙන එකෙන් මං අදහස් කලේ මට නම වැරදුනා කියන එකයි.ලිපිය විශ්මි අක්කා නෙවෙයි ඔයයි ලියලා තියෙන්නේ කියන එක මං එවලෙ බලපුවමයි දැක්කේ.
ඊට පස්සෙ ලියලා තියෙන එකෙන් මං ඔයාලට කියන්න හැදුවෙ,
අපිට දෙයක් වැරදුනා කියලා දැනුනම අපි විහිලුවට කියන්නේ "නෑ නෑ මට වැරදුනේ නෑ.මං ඒක දැනගෙනමයි කලේ ඔයාව රවට්ටන්න, ඔයා ඒකට රැවටුනානේ ,හූ... හූ..." කියලා.
අන්න ඒකයි මං මේ comment ඒකෙන් විශ්මි අක්කටත් කියන්න හැදුවේ."අහු වුනානේ" කියන එකෙන් මං අදහස් කලේ "විශ්මි අක්කා මට රැවටුනා නේද කියන එකයි" අයියේ.
"කොතරම් උත්සාහ කලත් වචන විසින් තමන්ව පාවාදෙන බවත් තරයේ මතක තබාගන්න".අයියේ මෙතනදී වචන විසින් මාව පාවා දෙන්නේ ඔයා මගෙ අදහස නැතිව වෙන අදහසකින් ඒ දිහා බලන නිසයි.මගේ අදහස හරියට තේරුම් අරන් ඔයා බැලුවනම් මගෙ comment එක කියවද්දි ලාවට හිනාවක් ගියොත් මිසක තරහක් ,හිත් වේදනාවක් නම් ඇති වෙන්න විදිහක් නෑ. මීට වඩා මගෙ comment එක තේරුම් කරන්න මටවත් තේරෙන්නේ නෑ.දන්න උපරිමයෙන් තේරුම් කලේ.අයියාට තවත් හිතෙනවනම් මං අයියා හිතන අදහසිනුයි මේ comment එක කලේ කියලා මට කරන්න දෙයක් නෑ සමාව ඉල්ලනවා හැර.
ඔයා සුභ දවසක් කිව්වට අද මේ comment එකක් නිසා දවසනම් සුභ උනේ නෑ.
ඔයාලා දෙන්නටම සුභ දවසක්.....
මම- නංගි කමෙන්ට් වල වචන වලින් අපිට කෙනෙක්ගෙ මූණක් පෙනෙන්නේ නැහැ. කියන අදහස පමණයි එන්නෙ. ඔයාගෙ අදහස ඔයා දැන් සාධාරණීයකරණය කලාට අනිත් හැමෝමත් එහෙම හිතයි කියලා කියන්න බැහැ නේද. හරියට මට හිතුනා වගේ අනිත් අයටත් හිතෙන්න බැරි නැහැ නේද? එහෙම වැරදි වැටහීමක් එනවානම් ඒක සාධාරණීකරණය කරන්න මට අයිතියක් තියෙනවනෙ.
ඒ ගැන මම මගේ කමෙන්ට් එකෙනුත් ඔයාට කියල ඇති.
"ඒකට කමක් නැහැ නංගි. සමහර වචන වලින් කියවන්නන්ට වැරදි දෙයක් මැවෙනවා යැයි හිතුන නිසයි පැහැදිලි කිරීමක් කලේ. ඔයත් එක්ක කිසි අමනාපයක් නැහැ. අපි හැමෝම ලියන කියන දෙයක් අනිත් අය එක්ක බෙදා හදාගෙන සතුටු වෙන උදවියනෙ. :)"
නමුත් ඔයා සහ රවා කලේ ඒ දේ තේරුම් නොගෙන ඔයාගෙ කමෙන්ට් එක සාධාරණීකරණය කරන්න උත්සාහ ගත්ත එකයි.හරි ඔයා කියපු දෙයින් ඇත්තටම අදහස් කලේ එහෙමයි කියල හිතමු. ඒත්
ඒ වචන කියවලා ඔය දෙන්නට හිතෙන විදිහටම අනිත් කියවන හැමෝටම හිතෙයි කියල ඔයාලට විශ්වාසයෙන් කියන්න පුලුවන්ද? බැහැ නේද?
මම කලේ අන්න එහෙම වැරදි වැටහීමක් කෙනෙක්ට ඇති වෙන එක වලක්වන්න උත්සාහ ගැනීම පමණයි. ඒක මගේ අයිතියක්. මොකද මම මේ දේවල් ලියන්නෙ ගොඩක් සතුටින් අනිත් අයත් එක්ක බෙදාගෙන රසවිඳින්න, සතුටු වෙන්නයි.
මගේ කමෙන්ටුව තේරුම් ගන්න ඇතැයි සිතනවා දැන්වත් :)
ලස්සන පද ගැලපුමක්... මටනම් ඔහොම ලියන්න බෑ... මන් හිතන්නෙ සමනළයත් කවදා හරි මල් නැති වෙනකොට වෙන මොනවා හරි දෙයකට පුරුදු වෙයි.. මමනම් සමනළයෙක් දැක්කෙ නෑ ගොඩක් කාලෙකින්.. අපි ඉන්නෙ ඉතින් අගනගරයට කිට්ටුවනේ.. සමනළයන්ට මල් නැති වුනදාට වෙන දෙයකට පුරුදු වුනෙ නැත්නම් චාල්ස් ඩාවින් කිව්වා වගේ පරිනාමය වෙන් නැති අය වදවෙලා යාවි... නැත්නම් නිල මැස්සන්ටත් වඩා වෙනස් අලුත් ජීවින් වර්ගයක් බිහි වෙවි...
යාලුවේ මම නම් බ්ලොග් වලට අලුත් කෙනෙක් . මගේ comment එක හොදද නැද්ද කියල මම දන්නෙ නෑ.. මගේ සිතට දැනෙන දේයි මම කිව්වෙ... ඔබට ජය!
සිතට දැනෙන දේ- බොහොම සාදරයෙන් පිළිගන්නවා මිත්‍රයා ඔබව මේ අඩවියට.
සතුටුයි කවිය රස විඳලා ඇති වගට කමෙන්ට් එකක් අහන්න ලැබීම. පරිණාමය..ඇත්ත. ඒ ඒ තත්ත්වයන්ට අනුවර්තනය උනේ නැත්නම් කාටවත් පැවැත්මක් නෑ. සමනළයන්ට උනත් එහෙමයි.
සිත් ගත්තා ඔබේ කමෙන්ටුව. ඔබටත් රසවත් කවි ලියන්න බැරි බවක් නම් පෙනෙන්නට නැහැ මිත්‍රයා. දිගටම ලියන්න ඔබත්. ජය පතනවා ඔබටත්.
එයි මචං මොනවද මෙ කතා.. මට මෙ ටිකෙ විනඩි 10, 15 විවෙක හම්බ වෙන්නෙ..නිර්මාණ්යක් බොහො වෙලාවක් රසවිඳින්න ගොඩ වෙලාවක් නැහැ මෙ ටිකෙ..එකයි ලියපු කතා තුනට මුකුත් කරෙ නැත්තෙ.. මමත් දවල් හදිස්සියෙන් හිටියෙ.. උබලා දෙන්නගෙ රුපයට හනියක් නැහැ.. එහෙම අය මෙතන රැදෙන්නෙ නැහැ.... එ නංගි කතා කරලා කිව්වා මට බලන්න මගෙ අතින් වැරැද්දක් වත් වුනා ද කියලා කියලා.. මම හිතුවෙත් නැහැ උබ එච්චර එක සිරා අරන් කියලා....රාවෙන් අපි මිනිස්සු නෙ බං වරදිනවා.. එවෙලාවෙ මම එ ලමයට කිව්වා රාවෙන් අයියා ඔයා කියන දෙ තෙරුම් අරන් නැහැ, අනික ඔයා එහෙම කිව්වාහම අලුත බලන කෙනෙක් වැරදි විදියට එ දෙන්නා ගැන හිතනවනෙ කියලා. මෙතන ඇරෙන්න වෙන තැනක් නැහැ මට උබව දකින්න.. මම එකයි මෙතන පොඩි සටහනක් දැම්මෙ.... වැරදිම වෙනවා සමාවෙයන්.. මම උබව බලන්න නාවෙ.. උබව බලන්න ආපු හාම පැය දෙකක් විතර වචනෙ වචනෙ අහුල අහුල කියවන්නෙ එකයි.. මට මෙ ටිකෙ හිතෙ එච්චර ලොකු සැනසීමක් නැහැ නිර්මාණ්යකට එච්චර වෙලාවක් හිත එක්තැන් කරන්න.. මම ආවෙ අරයා කිව්වෙ මෙදෙ ගැනැයි නෙ කියලා ඉඟියක් දිලා යන්න.... උබ හරි හැමතිස්සෙම්ම මම හරි තැනත් නැහැ...
ගැඹුරු තේමාවක් සරලව තේරුම් කරපු සුන්දර කවියක්....
ගොඩක් ලස්සනයි..
පොඩ්ඩක් පරක්කු උනා මචන්. මේක කලින් කියෙව්වත් කමෙන්ට්ටුවක් දාන්ඩ වෙලවක් තිබ්බෙ නැහැ. මේකත් මේ හදිස්සියෙ දාන්නෙ.
අපූරුයි මචන් අදහස. හරිම සුන්දර විදිහට ඒක දීල තියනව. නිල මැස්සොත් කොච්චර සුන්දරද කියල මේක කියෙව්වම මට හිතුනා.
"මල් සුවඳ බිඳක් රැකගනු පිණිස
කුමට අරගල මිතුර
සාමයෙන් සැනසෙන්න
ප්‍රීතියෙන් විදගන්න
එන්න අප හා එක්ව ඉගිලෙන්න"
මැක්සා.......
උඹ හැමදාමත් වගේම අදත් පට්ට වැඩක් කරලා. ඇත්තටම බන් උඹල දෙන්න ගැන්නම් කියන්න වචන නෑ. මට මුල ඉඳලා උඹලගේ බ්ලොග් 1ට එන්න බැරි උනනේ. ඒත් පහු ගිය් දවසක මන් මුල ඉඳලා ඔක්කොම ලිපි ටික කියෝගෙන කියෝගෙන ගියා. සිරා මචන්. අපිට හිතෙන දේට වඩා වෙනස් පැති වලින් උඹට හැම දෙයක් දිහාම බලන්න පුලුවන්. මෙතන කවිය වගේම මන් අගය කරන අනිත් දේ තමයි කවියෙන් දෙන අදහස. මෙච්චර කාලෙකට මට නිකමටවත් ආවේ නෑනෙ ඔය වගේ අදහසක්. "මදුරුවන්ට පුරුදු කරමු මල් පැනි බොන්න" කියලනම් කිය කිය හිටියා. උඹල දෙන්නා හැමදාම අලුත් විදියට හිතලා වෙනස් දෙයක් කරනවා. අන්න ඒකයි මන් උඹලට කැමති.
මචන් උඹලගෙ අර පුන්චි පහේ වාදය දැකල මටත් පොඩ්ඩක් කට පියන් ඉන්න බැරි තත්වයක් ආවා. ඔන්න තරහා වෙන්න එපා මචන් මන් මේක මෙතන කියනවට. මන් මේ හදන්නෙ කාවවත් සාදාරණී කරනය කරනන් නෙවෙයි. කාටවත් දොස් කියන්නත් නෙවෙයි. තුන් වෙනි පාර්ෂවයක් විදියට මට පෙනුනු දේ කියන්න විතරයි.
මම උඹලා කවුරුවත්ම හැබැහින් දැකලත් නෑ. කව්ද කින්ද මන්ද කියලා හාංකවිස්සියක්වත් දන්නෙ නෑ. අපි අඳුනන්නෙ උඹලගේ කලාකාමි හිත විතරයි. ඒ උඹලා මේ ලියන වචන වලින්. උඹලා දෙන්නවත් (රේවන්, විෂ්මි ) රවා හෝ "මම" කියන කෙනා ගැනවත් මේ බ්ලොග් අවකාශයේ කාවවත් මම පෞද්ගලිකව අඳුනන්නෙ නෑ. ඒක නිසා ඒක පෞද්ගලික හිතවත් කම මත වාසි තකා ලියන දෙයක් නෙවෙයි කියන දේත් හිතට ගත්තොතින් හොඳයි කියලා හිතෙනවා. උඹ ගැන, විශ්මි ගැන මට යමක් වැටහෙනවා. නමුත් ඒ උඹලගේ පෞද්ගලික දේවල් නෙවෙයි. උඹල දෙන්නා බොහොම සංවේදී විදියට හදවතට කතා කරන්න පුලුවන් විදියට ලියන කොල්ලෙක් සහ කෙල්ලෙක් කියන දේ විතරයි. ඊට වඩා දෙයක් මන් උඹලා ගැන දන්නෙ නෑ. ඒත් මාව උඹලා දෙන්න ලියන දේවල් වලට වශී වෙලා කියලනම් දන්නවා. රවා කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලත් මට වැටහීමක් තියෙනවා. ඒ එයා ලියන දේවල් වලින්. නමුත් ඔය "මම" කියන කෙනා ගැන නම් ලොකු අවබෝදයක් මට නෑ. මම එයාව දන්නේ විවිද බ්ලොග් වල පල කරලා තිබ්බ කමෙන්ට් වලින් විතරයි. එයාගේ අර බස් එකේදි වෙච්ච සිදුවීමක් විස්තර කරල තියෙන ලිපිය විතරඉ කියවලා තියෙන්නෙත්. නමුත් ඒකෙනුත් එයා ගැන සම්පූර්ණ අදහසක් ගන්න අමරුයි. මන් මෙච්චර වෙලා මේ හැම දේම කිව්වෙ අවශ්‍ය වටපිටාව හදාගන්න. මන් ලියන දේ කාගේවත් පැත්තකට ලියන දෙයක් නෙවෙයි කියලා පෙන්නන්න. හුදෙක් මට හිතෙන විදිය පමණක්ම බව පෙන්නන්න.
මුලින්ම කියන්නම් "මම"ගේ කමෙන්ට් එක මුලින්ම කියවද්දි මගේ හිතටනම් ආවේ උඹේ හිතට ආපු අදහස නෙවෙයි. අපි කියන්නේ "බැන්දම ගෑනියි මිනිහයි කියන්නෙ දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක්" කියාලා. අන්න ඒ දේ. අනිත් දේ "මම" තවත් තැනක සඳහන් කරලා තියෙන විදියටම ලාවට හිනාවකුත් ගියා. පුන්චි විහිල්වක් කරලා ලැජ්ජාවෙන් බේරෙන්න හදන හැටි දැකලා මට හිනා ගියා. අපි හැමෝම වගේ ඔය දේ කරනවනෙ. ඊට පස්සෙ ඒක එහෙමම අමතක කරලා ඊලඟ කමෙන්ට් එක කියෙව්ව. පස්සෙ තිස්ස අය්යගේ කමෙන්ට් එකෙන් මන් හිතුවා මේ කියන්නෙ අර උඹ ලිව්ව දේට විශ්මි ලිව්ව කියලා හිතලා කමෙන්ට් කරපු 1ට වෙන්න ඇති කියලා. ඒකත් මට පෙනුනේ "මම"ට කරපු පොඩි ජෝක් එකක් විදියට. එමන්න ඊ ලඟට උඹේ කමෙන්ට් 1 දැකලා මම ඩිම් උනා. මේ මොකද්ද මේ කියන්නෙ. මම හිතුවා. මම අයෙත් උඩට ගිහින් "මම" ලියපු එක කියෙව්ව. මේකේ එච්චර ලොකු වර්දක් තියෙනවද කියලා මන් කල්පනා කලා. ඒත් මගේ මෝඩ මොලෙට කිසිම දෙයක් කල්පනා උනේ නෑ. පස්සෙ "මම" සමාව ඉල්ලල තියෙන හැටිත් උඹ නැවත පහැදිලි කරලා තියෙන හැටිත් දැක්ක. නමුත් මගේ ගැටලුවට උත්තර්යක් හම්බ උනේ නෑ, මොක්දද ඒ කමෙන්ට් එකෙ තියෙන එච්චර ලොකු වැරද්ද. ඔන්න අයේ "මම" දාල තියෙන කමෙන්ට් එකෙන් තමයි ඒකට උත්තරේ හම්බ උනේ.
"මං ඔය දෙන්නා එක්කෙනෙක් කියන එකෙන් අදහස් කලේ ඔයා දෙන්නෙක්ගෙ නම දාගෙන ඔයා විතරක් තනියෙන් ලියනවා කියන එක නෙවෙයි"
අම්මට සිරි එහෙනම් මෙකයි කේස් එක. ඔන්න එතකොට තමයි මට තේරුනෙ ඒ කමෙන්ට් එකේ අඩුපාඩුව. උඹ කියනවා වගේ කෙනෙක්ට ඒ විදියට හිතෙන්නත් බැරි නෑ නේද කියලා මට ඒ වෙලාවෙ තමයි තේරුනෙ.හැබැයි ඉතින් මට හිතුනා වගෙත් හිතෙන්න පුලුවන්. උඹ කියනවා වගේ හිතෙන්නත් පුලුවන්.
උඹේ සිතුවිලි වල ඉඳගෙන උඹ පැහැදිලි කරා. "මම"ගේ සිතුවිලි වල ඉඳගෙන "මම" පැහැදිලි කරා. රවාගේ සිතුවිලි වල ඉඳගෙන රවා පැහැදිලි කරා. ඒක හරි. තම තමුන්ගේ අදහස්නෙ. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්ණෙ. ඇයි මේක මෙච්චර දුර දිග ගියේ. "මම" ගේ ප්‍රකාශය. උඹේ පැහැදිලි කිරීම. "මම"ගෙ සමාව ඉල්ලිම හා පැහැදිලි කිරීම. මේක මෙතනින් නවතින්න තිබ්බ නේද. නමුත් ඇයි එහෙම උනේ නැත්තෙ. මට හිතෙන්නෙ ඒකට හේතුව උඹේ එක ප්‍රකාශයක්.
"කටට එන හැම දෙයක්ම පල කිරීමට පෙර තරමක් හිතල,සොයල බලන්න."
පොඩ්ඩක් අයේ කිවල බලපන් මචන් ඒ ප්‍රකාශයේ කොච්චර දරුණු බවක් ගැබ් වෙලා තියෙනවද කියලා. ඒක කියෙව්වම මත් නිකම් මොකද්ද වෙලා ගියා. ඇයි මේ කියලා.
"ඔයාගෙ කමෙන්ට් එකෙන් වැරදි වැටහීමක් ඇති විය හැකි වගක් පෙනෙනවා.
අපිව දැනගත යුතු අය අපි කවුද කියලා දන්නවා. අපි කවුද කියලා ප්‍රශ්නයක් තිබේ නම් තිස්ස හෝ දුකා අයියලාගෙන් දැනගන්න පුලුවන් ඔයාට. හික් හික්."
මේ ටික මරු. ජොක් එකට ජොක් එකකින් පිලිතුරු දීලා තියෙනවා කියලා මට හිතුනා. නමුත් අනිත් ප්‍රකාශයෙන් මාව හොලමන් උනා. උඹට ඒ වෙලාවෙ තිබ්බේ නංගී මේකයි. ඔයාගේ කමෙන්ට් එකෙන් මෙන්න මෙ වගේ අදහසකුත් එන්න ඉඩ තියෙනවා. ඒක නිසා ලියද්දි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. සමහර වෙලාවට ලියන දේ නෙවෙයිනෙ කියවන කෙනාගේ ඔලුවට යන්නෙ කියලා එයාට එක පැහැදිලි කරන්න. එහෙම උනානම් මේක මෙච්චර දුර දිග යන එකක්වත්, කාවෙගත් හිත් රිදවීමක් ඇති වෙන එකක්වත් නෑ නේද මචන්.
කමෙන්ට් එක මෙච්චර දිග උනාට සමාවෙයන්. මට අදාල නැති දෙයක් මෙතන කිව්වටත් සමාවෙයන්. ඒත් පොඩ්ඩක් මන් කිව දේ ගැන හිතලා බලපන්. මන් වැරදියිනම් ඒක මට කියපන්. මන් ආයෙත් හිතලා බලන්නම් මට වැරදුනු තැන මොකද්ද කියලා. මා එක්ක කේන්ති ගියෝත් මට බැනපන්. කමක් නෑ. ඒත් මචන් තරහ වෙන්න එපා. උඹ කොච්චර බැන්නත් මන් අයේ උඹේ බ්ලොග් එකට එනවා. මොකද මම උඹලා දෙන්න ලියන දෙවල් කියවන්න හුඟක් ආස නිසා.
මුලින්ම. ස්තූතියි කමෙන්ට් කරපු හැමෝටම. මේ දේ ඊයෙන් නවත්වන්නයි මම හිතන් හිටියේ. මේක මේ ගැන මගේ අවසාන පිළිතුර වෙයි.
අනුරාධ මචන්- මචන් උඹ කියන ඒ පැහැදිලි කිරීම මම කරල ඇති කමෙන්ටුවේ ඉහලින්ම.මගේ කියමනෙන් යම් හිත් රිදීමක් වෙලා තියන බවට මට වැටහුනා. ඒ ගැන මම කණගාටු වෙනවා. හැම දෙයක්ම සමථයකට පත්වෙලා තිබුණ බව කමෙන්ට් සහ ඒවා වැටිල තියෙන වෙලාව බලලා උඹ තේරුම් ගනී කියල හිතෙනවා.
නමුත් පසු කමෙන්ට් වලින් ඒ දේවල් නැවත ඇදිල ආ වගකුත් පෙනෙයි.
මෙතන උනේ ඒ ඒ දේවල් කියපු වෙලාව සහ ඒ ඒ වෙලාවල ප්‍රකාශ කරපු දේවල් අතර උන පටලැවිල්ලයි. තේරුම් ගැනීමේ අවුලයි.
මගේ පැත්තෙන් මම සමාව අයදිනවා හිත් රිදීමක් උන අයට. මම බොහොම පාඩුවේ නිදහසේ ලියන්න කැමති කෙනෙක්. මේ වගේ දේවල් මට අවශ්‍ය නැහැ ඇත්තටම.
මේ ගැන තව දුරටත් කතා නොකර ඉන්න මම කැමතියි.
කමෙන්ට් එකකට වෛර බඳින්න හෝ අමනාප ගන්න මට පුරුද්දක් නැහැ. :)
ස්තූතියි උඹට අවංකව මතය ප්‍රකාශ කලාට.
ලස්සන කවියක් අයියෙ...
ස්තූතියි විහඟි නංගි.
අපූරු අදහස.. වර්ථමාන සමාජය තුල ජීවිත වෙනස් වන්නේ ද මෙසේ යයි මට යම් විටෙක සිතේ (සමාජයීය පරිණාමය කිව්වොත් හරිද මන්දා)
නෙතු- ස්තූතියි ඔබටත්. මමත් හිතනවා ඒ යෙදුම හරියි කියල.
Post a Comment