නොදැනුනා නොවේ
උඹෙ සැලසුම
අහුකරගන්න මා
උගුලට
පොත්මේසෙ
අද්දරින්
එහෙ මෙහේ
යනකොට
තරහකට නොවේ මග
හැරියෙ මම එතකොට
නොදැනිලා නොවේ
උඹෙ තනිකම
සිකුරාදාය අද
බිඳෙන ඒ
මුනිවත
දොඩමලුව
අද හවස
අසා ඉමි
නුඹ වින්ද දුක
සතියක් පුරාවට