
පාසලක...
මතක ගොඩක
හිත දුව දුවා හැමතැනම
දඟ කරයි නොනැවතිම
කුරුටු ගෑ සිතුවිළි
ගී සින්දු පදවැල් අතර
සොයුරියන් වුනා අප
එකම මවු කුසින් ඔත්
අමතකව නොයෙයි ඒ
සොඳුරු මිතු සබඳකම්
කෙළිදෙලෙන් අකුරු කළ
මතක අතරේ දුවන
සුදුපාට රැළි අතර
සැඟව ගිය කඳුලු කැට
සමුගත්ත දා නුඹෙන්
අදත් උණුහුමයි මට
0 අදහස්:
Post a Comment