සබඳ,
පොදි බැන්ද පැතුම් නැත
සිහින මාලිග පිඹුරුපත් නැත
අනාගත මල් උයන් වතු නැත
එහෙත්,
බැන්ද ආදර හැඟුම් පොදි ඇත
සිහින මත නුඹ අරක් ගෙන ඇත
සතුට හද තුළ පිරී'තිර ඇත
ඉඳින්,
පසු කරන මග දෙපස
ගත කරන හැම දවස
හෙලන සුසුමක පහස
මග හැරී නැත අපට
ප්‍රේමය,
මහ මෙරක බර දැනෙන
පිණි පතක සිසිල දෙන
සිහිනයක මත ගෙනෙන
හිරු සේම ගත දවන
පණ සේ උනුන් රකින
අප සේම අප විඳින
අවකාශයයි..
-විශ්මි-
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
උදාරක ප්‍රේමය දකිනු රිසියෙන්
වෙලෙමි නුඹ ළග හැමදාම මෙලෙසින්
රුදුරු ලොවේ කදුලු අතරින්
මිනිස් ලොවේ සිනහ ගෙනෙමින්
ඇවිද යමු අපි සසර කතරින්....
@ජීවිතය - ස්තුතියි අදහස් දැක්වීමට යාළුවා :)
Post a Comment