
ශත වරුස ගණනක
බරැති සලු හැඳ
නොහැක පැන යන්න
මට
බැරිය සැඟවෙන්න
බයයි මට
ටක්...ටක්...ටක්..
තත්පර ගෙවේ
ඉතිහාසයේ
කාල බෝම්බය
ඈද මා අතරේ
දහසක් පෙම් කතා හා
අනන්‍යව
හිස කේ ද රැවුලුද සිඳ දමා
උකස් කොට හෝ විකුට දිවියම
පමණි මහ පිපිරුමෙන් ගැලවුම
ඉන්පසුව
අබරණ පැළඳ එන
තටු බරැති සමනලුන්
ඇල්ලිය හැක බරට
එකම රවුමක
ගෙවෙන දිනවල
0 අදහස්:
Post a Comment