About

Related Posts Plugin for WordPress, Blogger...

මොහොතක දෙකක කවියකි ජීවිතය



1 අදහස්


1976 වසරේදී තිරගත වූ "කභි කභි" චිත්‍රපටය හින්දි සිනමාවේ එක් සුවිශේෂී සලකුණක්. මෙම චිත්‍රපටය "සහීර් ලුධියාන්වි" නම් ඉන්දීය කවියාගේ ජීවිත කථාව ඇසුරෙන් බිහිවූ බවට පැවසෙනවා. එම චිත්‍රපටය සඳහා ඔහු විසින් පද රචනය කළ මෙම ගීතය විශේෂයි. ජීවිතය, හමුවීම්-වෙන්වීම්, හිමිවීම්- අහිමිවීම් ගැන උපේක්ෂාවෙන් ලියා ඇති මෙම ගීතය අප බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සමීපයයි හැ‍‍‍ගේ.






මම මොහොතක දෙකක කවියෙක්මි...
මගේ කතාව මොහොතකට දෙකකට පමණි...
මගේ සිනහව මොහොතකට දෙකකට පමණි...
මගේ තාරුණ්‍යය මොහොතකට දෙකකට පමණි...

මම මොහොතක දෙකක කවියෙක්මි
මට පෙර කොපමණ නම් කවියන් පැමිණියාද?
පැමිණ ගියාද?
සමහරුන් සුසුම් හෙලා ආපසු ගියා
සමහරුන් ගීත ගයමින් පිටව ගියා
ඔවුනුත් එක මොහොතක කතාවක් පමණි
මමත් එක මොහොතක කතාවක් පමණි
හෙට ඔබගෙන් වෙන්වී යාවී
අද ඔබගෙන් කොටසක් වූ මා
මම මොහොතක දෙකක කවියෙක්මි

හෙට නව ගීතයක් පැමිණේවි
නැවුම් මල් පොකුරු සිප ගන්නෝ
මට වඩා හොඳ කතා කරුවන් වනු ඇත
ඔබට වඩා හොඳ අසන්නන් වනු ඇත
හෙට කවුරුන් හෝ මා මතක් කරාවී
නමුත් කවුරුවත් මා මතක් කරන්නේ ඇයිද?
මෙතරම් කාර්යබහුල ලොවක
මා වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ ඇයිද?
මම මොහොතක දෙකක කවියෙක්මි...


1 අදහස්:

Shirley Andrews at: 6/16/2022 11:01 PM said...

Hello mate, great blog.

Post a Comment

newer post older post