
සුමට සිතුවිළි
තෙරප තෙරපා
කටු අනියි හදවතට
ගිලන් විය මිතුරු දම
ඔද වැඩී සිහිනයක්
ඔබත් මාත් අතර
පාරාදීස වළාවක
ප්‍රේමණීය අහස් වියන යට
කාලයද සතුරු වී
අවකාශයේ සිරගත විය
ඔබත් මාත්
නෙත් සතරෙන් දුටු
එකම සිහිනය
ගිනි පුපුර වී සිහිනයේ මම
ඉන් එළිය දුටු ඔබේ නෙත් යුග
දකින්නට අවැසි මුත්
සිහිනය හුදු
සිහිනයම විය
0 අදහස්:
Post a Comment