
ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් කැපකරනව කියන කෙනෙක්ගෙ ආසාවක් තියෙන්නෙ ආදරේ ගැන ඒ ආදරෙන් ගෙවන කාලය ගැන විතරමද?..... ආදරේ නිසා මත්පැන් බීම කැපකරන කෙනෙක්ගෙ හිතේ පොඩි හරි ආසාවක් නැද්ද ඉද හිට හෝ ඒ වෙනුවෙන් කාලයක් ගත කරන්න? ආදරේ වෙනුවෙන් යාලුවො, දෙමවුපියො, නෑදෑයො කැපකරන අයගෙ හිතේ ඒ අය නැතුව පාලුවක් ඇත්තෙම නැද්ද?
මම හිතන හටියට නම් ආදරය වෙනුවෙන් කැපකිරීම් නෙවේ වටින්නෙ ….. අත් හැරීම්…… සැහැල්ලුවෙන්, කැමත්තෙන් අත් හැරීම්… ඒ අත් හැරීම් ගැන නැවත කිසිම දවසක පසු තැවීමක්, ඇතිවෙන්න ඉඩක් ආදරය තුල නැත….. අත්හැරිය දේවල් වල ඉඩත් ආදරෙන් පිරෙනවනම් ඒ දේවල් කිසියම් මොහොතක ආදරය වෙනුවෙන් කැපකලා යැයි මතකයක් හෝ රැදෙනු නැත……
බොහෝ සුන්දර පෙමක් නිසාවෙන් උපන් සැබෑවටම අත්විදින සිහින සිතුවිල්ලක් පමණි…..
4 අදහස්:
ආදරය කියන්නේ සැබැවටම කැපකිරීමක්.. විරහව කියන්නෙත් කැපකිරීමක් ආදරය කැපකිරීමෙන් ලබාගතයුතුයි/ විරහව කැපකිරීමෙන් අත්හල යුතුයි.
සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්. ළඟදිම මේ ගැන මම ලිපියක් ලියනවා.
@ ජීවිතය ... මම අදහන හැටියට නම් ආදරය වෙනුවෙන් කැපවිය යුතුයි.... කැපකිරීම් නොකල යුතුයි.....ආදරය කැපවීමෙන් ලබාගතයුතුයි.... විරහව කැපවීමෙන් අත්හල යුතුයි.... මම හිතන්නෙ ඔබත් අදහස් කලේ මෙයම වියයුතුයි....... ස්තුතියි අදහස් දැක්වීමට.......
@ සුදර්ශන .... හොද අදහසක්.... :)
Good readiing
Post a Comment