About

Related Posts Plugin for WordPress, Blogger...

ආදරය සහ කැප කිරීම්..



4 අදහස්
සිහිනයක් නොවේ… මෙය සිහින සිතුවිල්ලක්…… “ආදරය වෙනුවෙන් කැපකිරීම් නොකලයුතුයි”….. බොහෝ දෙනෙක් කියයි එය එසේ නෙවේ කියල….. ඒත් මම හිතන හැටියට නම් කැපකිරීම් කියන්නෙ තමන් ආස කරන දෙයක් අත්හැරීමක් පමණයි……. ඒ දෙයට ඇති ආසාව අත් හැරීමක් නෙවේ…….ඒ කියන්නෙ අපි යමක් ආදරය වෙනුවෙන් කැප කරන්නෙ ඒ කැප කරන දෙය ගැන යම් දුකක් ආසාවක් හිතේ කොනක හිර කරගෙන……

ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් කැපකරනව කියන කෙනෙක්ගෙ ආසාවක් තියෙන්නෙ ආදරේ ගැන ඒ ආදරෙන් ගෙවන කාලය ගැන විතරමද?..... ආදරේ නිසා මත්පැන් බීම කැපකරන කෙනෙක්ගෙ හිතේ පොඩි හරි ආසාවක් නැද්ද ඉද හිට හෝ ඒ වෙනුවෙන් කාලයක් ගත කරන්න? ආදරේ වෙනුවෙන් යාලුවො, දෙමවුපියො, නෑදෑයො කැපකරන අයගෙ හිතේ ඒ අය නැතුව පාලුවක් ඇත්තෙම නැද්ද?


මම හිතන හටියට නම් ආදරය වෙනුවෙන් කැපකිරීම් නෙවේ වටින්නෙ ….. අත් හැරීම්…… සැහැල්ලුවෙන්, කැමත්තෙන් අත් හැරීම්… ඒ අත් හැරීම් ගැන නැවත කිසිම දවසක පසු තැවීමක්, ඇතිවෙන්න ඉඩක් ආදරය තුල නැත….. අත්හැරිය දේවල් වල ඉඩත් ආදරෙන් පිරෙනවනම් ඒ දේවල් කිසියම් මොහොතක ආදරය වෙනුවෙන් කැපකලා යැයි මතකයක් හෝ රැදෙනු නැත……


බොහෝ සුන්දර පෙමක් නිසාවෙන් උපන් සැබෑවටම අත්විදින සිහින සිතුවිල්ලක් පමණි…..

4 අදහස්:

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 2/24/2010 6:26 PM said...

ආදරය කියන්නේ සැබැවටම කැපකිරීමක්.. විරහව කියන්නෙත් කැපකිරීමක් ආදරය කැපකිරීමෙන් ලබාගතයුතුයි/ විරහව කැපකිරීමෙන් අත්හල යුතුයි.

සුදර්ශන at: 2/24/2010 7:23 PM said...

සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්ණයක්. ළඟදිම මේ ගැන මම ලිපියක් ලියනවා.

විශ්මි at: 2/25/2010 11:02 AM said...

@ ජීවිතය ... මම අදහන හැටියට නම් ආදරය වෙනුවෙන් කැපවිය යුතුයි.... කැපකිරීම් නොකල යුතුයි.....ආදරය කැපවීමෙන් ලබාගතයුතුයි.... විරහව කැපවීමෙන් අත්හල යුතුයි.... මම හිතන්නෙ ඔබත් අදහස් කලේ මෙයම වියයුතුයි....... ස්තුතියි අදහස් දැක්වීමට.......

@ සුදර්ශන .... හොද අදහසක්.... :)

Vallejo Land Surveyors at: 11/12/2022 9:26 AM said...

Good readiing

Post a Comment

newer post older post