සබඳ,
පොදි බැන්ද පැතුම් නැත
සිහින මාලිග පිඹුරුපත් නැත
අනාගත මල් උයන් වතු නැත
එහෙත්,
බැන්ද ආදර හැඟුම් පොදි ඇත
සිහින මත නුඹ අරක් ගෙන ඇත
සතුට හද තුළ පිරී'තිර ඇත
ඉඳින්,
පසු කරන මග දෙපස
ගත කරන හැම දවස
හෙලන සුසුමක පහස
මග හැරී නැත අපට
ප්‍රේමය,
මහ මෙරක බර දැනෙන
පිණි පතක සිසිල දෙන
සිහිනයක මත ගෙනෙන
හිරු සේම ගත දවන
පණ සේ උනුන් රකින
අප සේම අප විඳින
අවකාශයයි..
-විශ්මි-
නේරන්ජනා
ගං තීරයේ
ඈ උන්නා
සඳක් සේ
දාවලේ
ලිඟු වලින්
වයසින්
තරාතිරමෙන්
නැතිව වෙනසක්
දහක් උන්
පෙළ ගැසී
ඈ හා
රමණයට
පෝලිමේ
ඒ අතක්
මේ අතක්
නොමදැන
මා
අයාලේ
දෙගිඩියාවේ
මුලක් මැද හෝ අගක්
නොපෙනෙන
මිනිස් ගඟ
කළතවයි
නේරංජනාවේ රළ
අප්‍රියයි මට
ඈ සමග
යළි යළිදු නිදිවැද
පෝලිමේ
හිඳිනතර
මහලුව
මියෙනු මිස
වේද එතෙරක්
මෙයින් එපිටක
අඩු මිලට
ජීවිතය විකුණා
කුමන ඵල?
හැරදමාලා
මේ අමන පෝලිම
නේරංජනා රළ
රැගෙන තුරුළට
උඩුගං බලා
පිහිනා
මිදෙනු මිස
එහෙත් තවමත්
බියයි මම
කැට මුගුර පහරට
හූ හඬට
සිහිනයක් නොවේ… මෙය සිහින සිතුවිල්ලක්…… “ආදරය වෙනුවෙන් කැපකිරීම් නොකලයුතුයි”….. බොහෝ දෙනෙක් කියයි එය එසේ නෙවේ කියල….. ඒත් මම හිතන හැටියට නම් කැපකිරීම් කියන්නෙ තමන් ආස කරන දෙයක් අත්හැරීමක් පමණයි……. ඒ දෙයට ඇති ආසාව අත් හැරීමක් නෙවේ…….ඒ කියන්නෙ අපි යමක් ආදරය වෙනුවෙන් කැප කරන්නෙ ඒ කැප කරන දෙය ගැන යම් දුකක් ආසාවක් හිතේ කොනක හිර කරගෙන……
ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් කැපකරනව කියන කෙනෙක්ගෙ ආසාවක් තියෙන්නෙ ආදරේ ගැන ඒ ආදරෙන් ගෙවන කාලය ගැන විතරමද?..... ආදරේ නිසා මත්පැන් බීම කැපකරන කෙනෙක්ගෙ හිතේ පොඩි හරි ආසාවක් නැද්ද ඉද හිට හෝ ඒ වෙනුවෙන් කාලයක් ගත කරන්න? ආදරේ වෙනුවෙන් යාලුවො, දෙමවුපියො, නෑදෑයො කැපකරන අයගෙ හිතේ ඒ අය නැතුව පාලුවක් ඇත්තෙම නැද්ද?
මම හිතන හටියට නම් ආදරය වෙනුවෙන් කැපකිරීම් නෙවේ වටින්නෙ ….. අත් හැරීම්…… සැහැල්ලුවෙන්, කැමත්තෙන් අත් හැරීම්… ඒ අත් හැරීම් ගැන නැවත කිසිම දවසක පසු තැවීමක්, ඇතිවෙන්න ඉඩක් ආදරය තුල නැත….. අත්හැරිය දේවල් වල ඉඩත් ආදරෙන් පිරෙනවනම් ඒ දේවල් කිසියම් මොහොතක ආදරය වෙනුවෙන් කැපකලා යැයි මතකයක් හෝ රැදෙනු නැත……
බොහෝ සුන්දර පෙමක් නිසාවෙන් උපන් සැබෑවටම අත්විදින සිහින සිතුවිල්ලක් පමණි…..
ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් කැපකරනව කියන කෙනෙක්ගෙ ආසාවක් තියෙන්නෙ ආදරේ ගැන ඒ ආදරෙන් ගෙවන කාලය ගැන විතරමද?..... ආදරේ නිසා මත්පැන් බීම කැපකරන කෙනෙක්ගෙ හිතේ පොඩි හරි ආසාවක් නැද්ද ඉද හිට හෝ ඒ වෙනුවෙන් කාලයක් ගත කරන්න? ආදරේ වෙනුවෙන් යාලුවො, දෙමවුපියො, නෑදෑයො කැපකරන අයගෙ හිතේ ඒ අය නැතුව පාලුවක් ඇත්තෙම නැද්ද?
මම හිතන හටියට නම් ආදරය වෙනුවෙන් කැපකිරීම් නෙවේ වටින්නෙ ….. අත් හැරීම්…… සැහැල්ලුවෙන්, කැමත්තෙන් අත් හැරීම්… ඒ අත් හැරීම් ගැන නැවත කිසිම දවසක පසු තැවීමක්, ඇතිවෙන්න ඉඩක් ආදරය තුල නැත….. අත්හැරිය දේවල් වල ඉඩත් ආදරෙන් පිරෙනවනම් ඒ දේවල් කිසියම් මොහොතක ආදරය වෙනුවෙන් කැපකලා යැයි මතකයක් හෝ රැදෙනු නැත……
බොහෝ සුන්දර පෙමක් නිසාවෙන් උපන් සැබෑවටම අත්විදින සිහින සිතුවිල්ලක් පමණි…..
1976 වසරේදී තිරගත වූ "කභි කභි" චිත්‍රපටය හින්දි සිනමාවේ එක් සුවිශේෂී සලකුණක්. මෙම චිත්‍රපටය "සහීර් ලුධියාන්වි" නම් ඉන්දීය කවියාගේ ජීවිත කථාව ඇසුරෙන් බිහිවූ බවට පැවසෙනවා. එම චිත්‍රපටය සඳහා ඔහු විසින් පද රචනය කළ මෙම ගීතය විශේෂයි. ජීවිතය, හමුවීම්-වෙන්වීම්, හිමිවීම්- අහිමිවීම් ගැන උපේක්ෂාවෙන් ලියා ඇති මෙම ගීතය අප බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සමීපයයි හැගේ.
මම මොහොතක දෙකක කවියෙක්මි...
මගේ කතාව මොහොතකට දෙකකට පමණි...
මගේ සිනහව මොහොතකට දෙකකට පමණි...
මගේ තාරුණ්‍යය මොහොතකට දෙකකට පමණි...
මම මොහොතක දෙකක කවියෙක්මි
මට පෙර කොපමණ නම් කවියන් පැමිණියාද?
පැමිණ ගියාද?
සමහරුන් සුසුම් හෙලා ආපසු ගියා
සමහරුන් ගීත ගයමින් පිටව ගියා
ඔවුනුත් එක මොහොතක කතාවක් පමණි
මමත් එක මොහොතක කතාවක් පමණි
හෙට ඔබගෙන් වෙන්වී යාවී
අද ඔබගෙන් කොටසක් වූ මා
මම මොහොතක දෙකක කවියෙක්මි
හෙට නව ගීතයක් පැමිණේවි
නැවුම් මල් පොකුරු සිප ගන්නෝ
මට වඩා හොඳ කතා කරුවන් වනු ඇත
ඔබට වඩා හොඳ අසන්නන් වනු ඇත
හෙට කවුරුන් හෝ මා මතක් කරාවී
නමුත් කවුරුවත් මා මතක් කරන්නේ ඇයිද?
මෙතරම් කාර්යබහුල ලොවක
මා වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ ඇයිද?
මම මොහොතක දෙකක කවියෙක්මි...
ඉඳහිටක හෝ මා නෙත් දෙස බලන්න..
ඉඳහිටක හෝ මා අසලට පැමිණෙන්න..
නොකියූ කතා ඉඳහිටකවත් තේරුම්ගන්න..
මම ඔබේ උන්මත්තකයා වෙමි....
ඉඳහිටක හෝ මා නෙත් දෙස බලන්න..
ඉඳහිටක හෝ මා අසලට පැමිණෙන්න..
නොකියූ කතා ඉඳහිටකවත් තේරුම්ගන්න..
මම ඔබේ උන්මන්තිකාව වෙමි....
දුටු වනම මා ඔබට හද පුද කලා....
ඔබත් හිතා බලන්න ඔබ මට කුමක් කළා දැයි කියා....
ඔබ කුමක් කළාදැයි කියා....
මගේ හදවත බිඳ නොදමන්න....
ඉඳහිටක හෝ හදවතට හදවත ළං කරන්න....
මම ඔබේ උන්මත්තිකාව වෙමි....
ඔබේ කෙහෙරැල් සිපගන්න සිතෙයි....
එවිට ඔබ කුමක් පවසාවිදැයි සිතෙයි....
ඔබට කුමක් නම් පවසන්නද?....
කුමක් නම් පවසන්නද?....
ඔබේ තීරණය පවසන්න... මා වැළඳගන්න.....
මම ඔබේ උන්මත්තකයා වෙමි....
සියල්ලම අහිමිවීමක්
නොවෙයි ඒ
හැමවිටම අදට පසු
හෙටක් ඇති තාක්කල්....
මාර්ග සංඥා
එළි නොමැති
අධිවේග මාවතේ
තෙමි තෙමී
සොයාගෙන,
නැවතුනාම අපි
අමාරුවෙන්
වැස්සක සිරි සිරියෙන් තෙතබරි වුන
කහ ඉරක අස
තෙමෙන්නට බැරි වැස්සක් නොවුනත්
නුඹ දිග ඇර ගත්තා කුඩය
ඉවෙන් මෙන්
මුල් වතාවට
අපිට ඉහලින්
බැල්මක දෙකක
හුවමාරුවක්,
කවදත්
අපි අතර තිබුණා
එකඟතාවයක්
යා යුතුය
එතෙරට
කඩිනම් ගමනක්
චුරු චුරුය වැස්ස
සුනංගුය මසිත
මා දෙපා කඩිනම්ය
අත්හැරිය යුතුය
කුඩය යුහුසුලුව
එතෙරක..
සියල්ලම අහිමිවීමක්
නොවෙයි මේ
හැමවිටම අදට පසු
හෙටක් ඇති තාක්කල්....
මේ අයුරින් ඔබේ නෙත්පිය මගේ නෙත්පිය හා එක් කරන්න
ඔබේ හැම කදුළකින්ම මගේ නෙතු පිය සරසන්න
ඔබ හැම මොහොතක්ම හැම වෙලාවක්ම මා සමග සිටියා
ඔවු, මේ ගත විටෙක දුරින්ද විටෙක ළගින්ද රැදුනා
ඔබේ හැම දුකක්ම මගේ බව පවසන්න
ඔබේ මුව මත ඇති මේ දොම්නස මට රිසි නැත
දොම්නසින් බැදීමක් ඔබ හා පැවැත්විය නොහැක
මගේ ඉල්ලීම අහන්න
මේ දොම්නස් බව මුව මතින් ඉවත් කර ගන්න
Subscribe to:
Posts (Atom)