
මහ මෙරක බර දැනෙන
ජීවිතය අතින් ගෙන
ගත වාරු නැති හිතට
දිරිය ගෙන හිමි රකින
වියපත් කතක් දුටිමි
දිනක මහ මග කොනක
වැහැර ගිය මුත් දිවිය
අත නෑර හිමි සබඳ
නුඹ පෑ දයා දුටිමි
ගත නැගුණු වෙහෙස මැද
රකින්නට ඔහු පෙමින්
මුවා කර හිරු අතින්
විරි දැරූ නුඹ දුටිමි
හිරුට කර සමච්චල්
නෙක සිතුම් සිත නැගුන
අතර තෙත් දෙනෙත පිස
සිත පුරා රැවු නැගුනි
බිරිඳකැයි මමද අද
-විශ්මි-
23 අදහස්:
ලස්සනයි....
ෂහ්.... වචන නෑ නංගියේ....
ඉස්සර, රෑ ගෙවාගන්න නුගේගොඩ නවල්ටිය යට නිදාගන්න කට්ටියක් හිටියා... මම උදේ වැඩට යන කාලේ ඔතනින් යනකොට උදේ 5.30 විතර වෙනවා... ගොඩක් දිනවල, ඒවෙලාවට මේ කට්ටියගෙ පිරිමියාව, (මට මතක හැටියට කකුල් දෙකම නෑ) ඒ ගෑනු කෙනා, ... රෙදි කැල්ලක් තෙමලා ඔක්කෝම මූණ කට හෝදවනවා... නිදිකිරා නොවැටෙන හැමෝගෙම ඇසට කඳුලු නංවන දර්ශනයක් ඒක....
සැබෑ ආදරයක් නෑ කියල බෙරිහන් දෙන අයව ඇදන් ඇවිත් පෙන්නන්න හිතෙනවා...මේ තමා ආදරය..සැබෑ ආදරය
නිර්මාණයට උපරිම සාධරණයක් කරලා තියෙනවා විෂ්මි
සුබ පැතුම්
No.comments..superb....
ලස්සනයි අක්කෙ. මුළු ජීවිත කාලෙම ඔහොම ආදරෙන් ඉන්න තියෙනවා නම් කොච්චර හොඳයිද? ගතින් වියපත් උනත් හිතේ තියෙන ආදරේ වියපත් වෙන්නෙ නෑ.
හරි අපූරු කවි පංතියක්...
ආදරය දයාබරත්වය ලෙන්ගතුකම සෙනෙහසගගග කොච්චර නම් වචන තියෙනවද?? ඒ හැමඑකකින් කිව්වත් ඒ රූපය දිහා බලන් හටියත් මේ සංසාරගත ප්‍රේමය අපිට කියවන්න පුලුවන් අපිට දැනෙනවා ඒක....
සමා වෙන්න ටික දවසකින් එන්න බැරිවුනා..
ඹයාගේ අදහස ගැනනම් කියන්න මට තේරෙන්නෑ.. හිත හරියට සසළ වුනා ඒක දැකලා.
දන්න සිංහලෙන් කිව්වොත් රිදෙන්ඩ ම ලියලා තියෙනවා.. ඔය රිදෙන්ඩ කියන්නේ හිත රිදෙන්ඩ එහෙම නෙමෙයි. අපේ බාසාවෙන් "හොඳට" ම කියන එක.
-ජය
හිතාදර විශ්මි නංගියාට... යෝගියාට දැන් නිදි කලන්තේ... ඕකා කියන කිසිම දෙයක් වැඩිය ගනන් ගන්න එපා... දවසට පැයක් දෙකක් වත් නිදාගන්නේ නෑ කියලයි ආරන්චිය.... "රිදෙන්න" කියන්නේ "හොඳටම"ලු..."හොඳටම" කියන්නේ මොකකටදැයි නොදනිමි... සියලු දෙනා අවධානයෙන් සිටිය යුතු තත්වයකි..
බොහෝ කල්
එක මඟක
එක්ව ගිය මුත්
එකට
නොවෙනස්ය
ස්නෙහය
එය නොවෙද...??
මේ රහස..!!!!!
@රවා... ස්තුතියි රවා.......
@දිල් අක්ක..... ස්තුතියි අක්කෙ...... සැබෑ ආදරේ හොයාගන්න ලේසි නැහැ.. ඒත් තියෙනවා..... අහම්බෙන් තමා දකින්න වෙන්නෙ.....
@පසන් ... Thanx pasan
@විහඟි... ස්තුතියි නංගියො ... ආදරේ කොහොමත් වියපත් වෙන්නෙවත් ක්ශය වෙන්නෙවත් නැහැ.. ඒත් සමහරු හිතනව ශරීරයත් එක්කම ආදරෙත් වියපත් වෙනව කියල... රේස් එකට දුවන්නෙ නැතුව නැවතිලා බැලුවොත් එහෙම හිතන අයට ඒක පෙනේවි.....
@ජීවිතය ..... ස්තුතියි සහෝ.....ඒක ඇත්ත එකම හැඟීමට වචන ගොඩක් තියෙනව... ඒත් ඒක හඳුන ගන්න එකයි වැදගත් වෙන්නෙ...
@නිමන්ති...... ස්තුතියි අක්කෙ ගොඩ වැදුනට...... අපූරුයි පිලිතුරු කවියත්.....
@තිස්ස අයිය...... ස්තුතියි තිස්ස අයියෙ.......දවසක් අවුරුදු 80 වක විතර ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි දැක්ක වෙලාවක අපි කතා කරපු දේවල් නිසා හිතට ආපු වචන ටිකක් අයියෙ....... අයිය ඔය කියන දෙන්නා මට මතක හැටියට මමත් දැකල තියෙනව...... එතනට එන්නෙ රෑ 9.30ට විතර නිදාගන්න බලාගෙන වෙන්න ඕනෙ... වෙසක් බලන්න ගිය දවසක රෑ අහම්බෙන් ඇහැ ගැහුනා.....
යෝගි අයියට නිදිමරන්න හොඳ නෑ නේද තිස්ස අයියෙ?.. බනින්න බනින්න බ්ලොග් වල කරක් ගහනවට නින්දක් නැතුව.....පව්නෙ අප්පා... ඔහොම විහිළු කරන්නට එපා ඉතින් අපේ අයියෙක්නෙවැ......
@ යෝගි අයිය...... බොහොම ස්තුතියි අයියෙ ...... :)... නාවත් කමක් නෑ නිදිමරල ලෙඩ වෙන්න එපා අයියෙ... නිවාඩු පාඩුවේ ඇවිත් එකපාර ඔක්කොටම comment දාන්න .....
අනේ අම්මපා.. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් මේකා කප්පාදු කොරන හැටි.
නිදි කලන්තේ.අම්මා මුත්තා කාලේවත් අහපු ලෙඩක් ද මේ ? දැං කන කෑම වල වස විසට වෙන්ටෑ මයෙහිතේ..
@විශ්මි - පුළුවං හැම වෙලාවෙම ඇවිත් යන්න එන්නං නගා . නිදිමැරීම නං දැං මට කරන්ඩ වෙලා තියෙන්නේ හොර රහසේ..ලොකුඅයියා කෝටුවක් තියං ඉන්නේ.
Raven මලයවත් මතක් කළා කියන්න
මේ පෝස්ට් එකටත් පරක්කු වෙලා නංගො මම..
පෝස්ට් එක ලස්සනයි.. ඒත් ඉතින් කට්ටිය කියල කියල මට කියන්න ඉතිරි කරල තියෙන්නෙ
චේජනා,
සියොවැ ආමි..
බැලු බැලු බොහො දනා
අනේක දේ ලියූ බැවින්
නොලීමි ..
කියල තමයි ඉතින්න්..
හරිම ලස්සනයි...විශ්මි.
සැබෑ ප්‍රේමය , කවදාවත්ම වියපත් වෙන්නේ නෑ.
අපුරුයි..හදවතටම දැනුනා.
@යෝගි අයිය..... මමත් මේ ඇහුවමයි ඒ ලෙඩේනම් අයියෙ... හි හි ......... ලොකු අයියගෙන් බේරෙනවනම් බොරු යෝගි අයියෙ...... නිදි මරන්නෙ පරිස්සමෙන්........
@චේජනා අක්ක...... පමාවෙලා හරි ආවට ස්තුතියි අක්කෙ.....
@නිල් අහස..... බොහොම ස්තුතියි සහෝ.......
සියලු දෙනා ගේ දැන ගැනීම පිණිස..!!!
සති දෙකකින් වැඩ කටයුතු අවසන් නොවුන හොත්..???
මටද ,කේලාම් කීමට සිදුවන බව කරුණාවෙන් සලකන්න......
කේලාම්... මොකක්ද බොලේ ඒ.....? ඈ අක්කෙ මොකො මේ වෙන්නෙ......
හෆොයි ඔයාට නෙවේ යෝගියාට කිව්වේ එයිනෙ මේ පැත්තේ..!
Hayiyo ...guys(Wishmi & Nimanthi) you make me laugh a lot... he he he.....pissu....!!
@Thissa ayiyaa
Hayiyooo...you make me laugh too..hi hi hi
බනින්න එපෝ කියලා කෑගහන්නේ කවුදෝ??
අපිටත් ඇස් පේනවෝ!! hi hi hi
@Nimanthi nangee: he he he got it... got it....දැන්නේ තේරුනේ මූ නිදිමරන්නේ ඇයි කියලා.... හෙහ් හෙහ් හෙහ්.... නංගිගේ ඇස් දෙක තමයි ඇස්දෙක....
උපරිමයි නංගො...
පද පෙළ හරිම සංවේදියි..
තදින්ම හිතට දැනුණා..
ප්‍රේමය ලොව හැම තැනම ඇති..
හැමදෙනටම හමුවෙලා ඇති...
ඒත් සැබෑ ප්‍රේමය මේ නොවේ ද ?
අපි සැමදෙනාම පතන්නේත් මෙවන් ප්‍රේමයක් නොවේ ද ?
@thissa aiya/ nimanthi akka.... you both make me laugh... :D
@සන්සරසිඳු.....සැබෑ ප්‍රේමය අපි හැමෝම ප්‍රාර්තනා කරනව අයියෙ. ඒත් ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද....ස්තුතියි අයියෙ අදහස් දැක්කුවට....
Post a Comment