About

Related Posts Plugin for WordPress, Blogger...

නුඹ මහා මිනිසෙක්ව



10 අදහස්
--> -->
ජීවිත කාලයක් තුළ අපට විවිධ ගතිගුණ වලින් හෙබි වෙනස් වෙනස් චරිත ලක්ෂණයන්ගෙන් යුතු මිතුරන් මුණ ගැසෙනවා. සමහර මිතුරන් දරන්නේ අපි දරණවට වඩා හාත්පසින්ම වෙනස් මතවාද සහ අදහස්. ඒ කෙසේ වෙතත් සමාන අදහස් හා මතවාද දැරීම මතම මිතුරුදම් බැදී තිබෙනවා කියල මම අදහන්නෙ නැහැ.
අපි හැමෝම අපිට කැමති මාවත්තෝරා ගන්නවා. ඒවායේ ගමන් කරනවා. සමහර මාවත් තෝරාගැනීමේදී ජීවිතයෙන් බොහෝ කාලයක් අපේ ගමන් සගයන්ව සිටි අයගේ අත් අපට අත ඇරෙනවා. නමුත් ඒ අය පිළිබද තිබෙන ආදරය සහ හිතවත්කම හිතෙන් අත් හැරෙන්නේ නැහැ. අපි ඒ ‍ආදරණීය බව හිතේ දරාගෙන අපි තෝරාගත් ගමන් වල නිරත වෙනවා.
සමහරු එක තැනක නැවතිලා මුලු ලෝකයක් ගැන සිහින මවන්න, දකින්න කැමතියි. තවත් සමහරු දෙපයින් ඇවිදලා ලෝකය හා ගැටෙන්න, ලෝකය පියවි නෙතින් දැක බලා ගන්න, විදින්න කැමතියි.
මම සිහින දකින්නෙක්. ලෝකය ගැන අද්දැකීම් බහුල පුද්ගලයෙක් නෙමෙයි. මගේ මිත්‍රයො දවස ගානෙ ජීවිතය එක්ක අහස පොලව එක්ක ගැටෙනවා. මම කාමරයක් ඇතුලට වෙලා ජීවිතය ගැන අත්දැකීම් අංශුවක් තියාගෙන ඒව ලියද්දි ඔවුන් අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා,එදා වේල හොයාගන්න මහ පොලව එක්ක සටන් කරනවා, බඩගින්නේ ඉන්නවා.
බ්ලොග් අවකාශෙත් ජීවිතේ එක්ක ලොකු සටන් කරන අය නොඉන්නවා නොවේ. එහෙම අයව මම දැකල තියනව.
ඒ අය ගැන මට තියෙන්නෙ ආදරයක් සහ ගෞරවයක්.
මේ ඒ වගේ දේවල් ගැන හිත හිත එද්දි ඔලුවට ආපු වචනයක් දෙකක් කුරුටු ගෑවිච්ච අවස්ථාවක්.
පැරණි මිතුදම් රැගෙන
නුඹ යළිදු පැමිණ ඇති වගක් සැලවූ විගස
බිම දමා පත් ඉරුද පන්හිදද
පැමිණියෙමි මිතුර තකහනියෙ මම

බොහෝ කලෙකට ප්‍රථම
වෙන්වීමු අපි මෙතැන- මතකයිද?
මෙන්න මේ රළ ගහන ඉසවුවෙම
සයුර වෙත පෙම් බැන්ද මුත් දෙදෙන
නුඹ සෙවුවෙ සයුර දිග සරන්නට
පෙම් කළේ මම සිහින දකින්නට

වඩදියද බාදියද
දිවිය වෙත උවම් කොට
කවි ලියූ රැයක මට
සැලවීය මිතුර නුඹ රැගෙන ගිය නෞකාව
සැඩ මහා සාගරයෙ බිදුණු වග

ප්‍රථම ප්‍රේමයෙන් හද ආතුරව
නයන කැලුමන් අතර
උවම් සොයමින් අතරමං දවස
නුඹ ඈත දූපතක තනිව හුදෙකලාවක
පිටවෙන්න මගක් සොයමින් සිටින
වගක් සැලවුනේ බෝ කලක් පසුවයි මවෙත

අසරණව ලෝ කුටියෙ
සිරගතව වැළපෙනා ජීවිතය
කවි කරන අතරතුර
නුඹ කොහිද දුර රටක සිරගෙයක
අපා දුක් විදින වග
කොහෙන්දෝ ඇසුණි මට

මා ලියූ කවි පදය සොයනතර
සති අන්ත පුවත්පත් තීරුවක
ඇහැ ගැටුණි අහම්බෙන්
නොදන්නා කොදෙවුවක දුප්පතුන් නාමයෙන්
සටන් කරනා වගක්
නුඹ සබද

වීදියේ කඩපිලේ නැගුණ විට ඉදහිටක
නුඹේ මරණේ පුවතෙ කසුකුසුව
නොම ඇදහුවෙමි මිතුර මම
නොහැඩීමි කිසි විටෙක

කෙතක් අස්වද්දන්න
මහ පොලව හා ගැටෙන
නුඹේ රුව වැකුණු සේයාරුවක් දුටු දවස
හැඩූයෙමි මිතුර මම
අකාලේ වියපත්ව දාහයෙන් ගිණියම්ව
නමුදු මිය නොගිය හසරැල්ල දැක

ලැබූයෙමි කිත් යසස් හා නේක බුහුමන්
මහා කවියා කියා පැළැන්දෙමි කිරුලු රන්
නමුත් නුඹ තරම් කවි නොලී වග දනිමි මම්

පැරණි මිතුදම් රැගෙන
නුඹ යළිදු පැමිණ ඇති වගක් සැලවූ විගස
බිම දමා පත් ඉරුද පන්හිදද
පැමිණියෙමි මිතුර තකහනියෙ මම

නුඹ මහා මිනිසෙක්ව
පිරිපුන්ම කවියක්ව
මා ඉදිරිපස මිතුර

10 අදහස්:

දිල් at: 3/09/2010 10:38 AM said...

ඔව්...අපේ ජීවිත කාලේදි අපිට විවිධ අයව මුණ ගැහෙනවා....ඒ අය විවිධාකාරයි. සිතුම් පැතුම් වෙනස්,ජීවිතය දකින විදිය වෙනස්,ජීවිතේට මූණ දෙන විදිය වෙනස්......

සමහර අය අපට හුගාක් ලංවෙනවා.සමහර අය දුර ඉදන් අපිව ශක්තිමත් කරනවා...මිතුදම් ඇතිවෙනවා..බිදිලා යනවා.....

අනේ මන්ද...
අපූරු කවිපද ටිකක්...හදවත් ඇතුලටම දැනුනා....

පැරණි මිතුදම් රැගෙන
නුඹ යළිදු පැමිණ ඇති වගක් සැලවූ විගස
බිම දමා පත් ඉරුද පන්හිදද
පැමිණියෙමි මිතුර තකහනියෙ මම


හරිම අපූරුයි

දුකා at: 3/09/2010 10:43 AM said...

malliyaa,
ara ballaage maranaya post ekata mama comemnt ekak damma.
balanna.
meka passe balannam .. . .
me tike maara vidihata wada

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 3/09/2010 11:24 AM said...

මම මුල ඉදන් අගටත් අග ඉදන් මුලටත් කිවයව්වා.
මම පාසල් යන කාලේ ම‍ගේ හිතාදර මිත්‍රයෙක් හිටියා මිත්‍රත්වයේ සෑබැම පහනක් වුන. පාසල් අවධියේ අපි ඉතාම ලබැදි මිතුරන් මා මෙන්ම ඔහුත් මිනිස්සකමේ පුරුද්දකට වගේ සංවේදි කම අරන් ඇවිත් තිබ්බා අපි නෙත ළග නැවතුනු කාට හරි කරදරයක් වුනාම උෘත් මාත් කොච්චර නම් කලබල උනාද අපි පුලුවන් හැමවිදියෙන්ම යාලුවන්ට උදව් කරා. ජීවිතය කියාදෙන්න උත්සාහ කරා. මගේ යාලුවා හරිම දුප්පත් හැබැයි උගේ ගාව තිබ්බ ගතිගුණ අපිට වඩා පෝසත් උෘ ඒ කාලේ ඉදන්ම මනුස්සකම වැපරුවා. කිසි දිනෙක අනෙකාව පහත් කරලා සැලකුවේ නැ තමන්ට වඩා අනෙකාගේ යහපත තමයි බැලුවේ. ඔය අතරේ උෘ ආදරේක පැටලුනා, පසුව මම උසස් පෙළ පංති සදහා වෙනත් ප්‍රදේශයකට පැමිණි නිසාවෙන් මට මාගේ කලණ මිත්‍රයා කෙටි කලට මගහැරුනා. වර්ශ 2003 මා දේශණයකට සහභාගී ඉන්න විට මගේ දුරකථනයකට කෙටි පණිවිඩයක් ආවා "මචං ..... මැරිලා බං හෙට අවසන් කටයුතු"
මට අද වගේ මතකයි මම ඒ වෙලාවේ කොච්චර අසරණ උනාද මාගේ කල්්‍යාන මිත්‍රයාගේ නික්ම යෑම මට මහත් වු වේදනාවක් ගෙන දුන්නා ඒකට හේතු වෙලා තිබ්බේ ආදරේ වේදනාව ඔහු ආදරෙන් පැරදී තිබුණා ඔහුට ඒ දේවල් තේරුම් කරලා දෙන්න මට ඔහුව මුන ගැසුනේ නැ මිතුරෙකුගේ අඩුව දැනෙන්න ඇති. ඒත් අවසානය සිදු වී හමාරයි. මා එදිනම ගල් ගැසුනු හදවතින් ගමේ යන්න පිටත් වුනා මට අපේ පාසල් අවධිය මුල ඉදන්ම සිහියට ආවා. අවාසනාවකට හො වාසනාවකට මා යන විටත් ඔහුගේ දේහය මිහිදන් කර තිබුනා මම එතනට යන විටත් මම දැඩි කම්පනයකින් සිටි බව මතකයි......
කෙදිනකවත් මිතුරෙකු නැති කරගන්න එපා නිරතුරුවම ඔවුන් ගැන සොයාබැලිය යුතුයි, නැතිනම් ඔවුන අපිව හැර යාවී....

RanDil at: 3/09/2010 11:41 AM said...

කවි පද කියවා මග හැරුනු මිතුරු මිතුරියන් සිහි වී ලොකු දුකක් හිතට ආවා. ඒ බොහොමයක් අය මම තාමත් ඉන්ටර්නෙට් එකෙත් සොයනවා. සොයා ගන්න බැහැ. කවදා හරි දවසක මුණ ගැහේවි කියන සිතුවිල්ලෙන් ඉන්නවා.

Raven at: 3/09/2010 1:16 PM said...

ස්තූතියි කමෙන්ට් කල හැම දෙනාටම. වැඩ ගොඩක් අස්සෙ උනත් ගොඩ නොවැදී ඉන්න බැරි උනා. :)

දිල්- ඇත්ත. සිතුම් පැතුම් විවිධයි. ජීවන දැක්ම වෙනස්. ඒක එක්තරා විදියකින් හොදයි කියල මට හිතෙනවා මොකද අපේ අඩු ලුහුඩු කමුත් හදාගෙන,අද්දැකීම් සමග අනිත් අයවත් විදින ගමන් ජීවිතයට ගලාගෙන යන්න ඉඩ සලස්වාගන්න පුලුවන් වෙනවා මේ විවිධාකාර හිත් ඇසුරු කරන අතරේ.
ස්තූතියි ගොඩ වැදිල අදහසක් පල කලාට

දුකා අයියා- එලස්. මම දැක්කා අයියගෙ කමෙන්ට් එක.වැඩ ගොඩක් අස්සේ ගොඩ වැදිල දිරිමත් කලාට බොහොම ස්තූතියි. මම ඔයාව සම්බන්ධ කර ගන්නම්.

ජීවිතය- සංවේදී සිදුවීමක් මිත්‍රයා. මගේ හිතත් සසල උනා ඒක කියවලා. ජීවිතේ අපට අතපසු වන මග ඇරෙන සිදුවීම් නිසා ඇතිවන ප්‍රතිඵල වල මතකයන් සමහර විට මුලු ජීවිත කාලයක් තුලදීවත් අපිව අත් ඇර යන්නෙ නෑ.
මිතුරන් ජීවිතයට අවශ්‍යයි. නිතරම ඔවුන් ළග ඉන්න බැරි උනත් හදවතේ පුංචි ඉඩක හරි ලබැදි මිතුරන්ව ලග තබාගෙන ඉන්න ඕනෙ.

RanDil- මිතුරන් ඉක්මනින් මුණ ගැසේවායි මම පතනවා. මිතුරන් එන්නෙ අපේ ජීවිත කාලවල එක එක පර්ච්ඡේද වල මතක සැමරුමුත් එක්ක. හරියට එහේ මෙහේ වෙලා තියන අපේ ජීවිතේ කොටස් වගේ.

තිස්ස දොඩන්ගොඩ at: 3/09/2010 1:31 PM said...

මට මේක හිතේ හැටියට කියවන්න ඕනෑ...තුන් හතර පාරක්...මේ රාජකාරියත් එක්ක ඒක බෑ... මමයි දුකායි ඔයා ගැන කතා කලා අද උදෙත්.. පස්සේ ලියන්නම් මලේ... මට මේකේ කිමිදෙන්න ඕනේ...

Raven at: 3/09/2010 3:32 PM said...

තිස්ස අයියා- කල් වේලා අරගෙන කියවන්න අයියා. දැනුනු හැගුනු දේවල් පසුව ඇවිත් අකුරු කරල යන්න ඉඩක ලැබුනම.ආශාවෙන් ඉන්නවා ඔබේ අදහස් දැනගන්න.

- නිල් අහස - at: 3/09/2010 4:51 PM said...

සැඟට ගිය මිතුරුකම
සොයා ආ දින නැවත..
දෙනෙත් අග රැදි කදුල
තෙමුවාද .. පත් ඉරුව.

හරිම ලස්සනයි..Raven..මුලු පද වැලම.

sa(NDU)n sa(MEE)ra si(RIBAN)du at: 3/09/2010 11:02 PM said...

Raven
මචං හදිස්සියෙන් කියෙව්වේ …
මේක එහෙ ම කියවල හරියන්නෙ නෑ.. හොඳට කියවලම අදහස් ටික අකුරු කරන්නම්.

Raven at: 3/10/2010 7:40 AM said...

නිල් අහස- ස්තූතියි මචන් :)

sansarasidu- එල මචන්. හෙමිහිට රස විඳින්නෙකා කල් වෙලා අරන්. :)

Post a Comment

newer post older post