About

Related Posts Plugin for WordPress, Blogger...

වියපත්ව යන සිහින



2 අදහස්




















ජීවිතේ අගුපිළක
මුහුදු බත් වී ගිය
පෙම් හසුන් කඩදාසි ඔරු
ඇත
අකුරු ‍‍බොඳ උන

කොහිද ඒ කටහඬ
සොයමි මම
සාගරේ රළ පෙරළි විලාපෙද
නිහඬ කල

මධුවිතේ ගිලී යන
අඳුරු දිගු මං අතර
ගිණි පුපුරු මතකයකි
නිවී නොනිවී සසැලෙන

සදාකල් තරම් දිග
මොහොතක්ය
මතකයෙන් නොමැකෙන

වසන්තය යයි කියා ජීවිතය
සරසවන විට
ඉටි මල් ගසා
නිසරු තුරු හිස

හැ‍ඟේ
සිහින වුව
වියපත්ව ඇති වග

2 අදහස්:

දිල් at: 3/03/2010 10:25 PM said...

දෙයක් නැති උනාම දැනෙන හිස්බව අපුරුවට පද වලට පෙරලලා...

Raven at: 3/05/2010 1:04 PM said...

ස්තූතියි දිල්

Post a Comment

newer post older post