About

Related Posts Plugin for WordPress, Blogger...

නුඹ පමණක්



15 අදහස්















නොදිරන නාමය
යට වලලා
දිරනා රූපය
තනලා සීතල ස්මාරක
මරණය ජීවත් කරවන
සෝ ගී බැති ගී ගයලා
ක්ෂණයක කදුළක් මැද
ගියදා මතකය පිසලා
උන් සැම මා අතහැර

කිම නුඹ පමණක් පිපිලා
මේ බිම මගෙ තනිවට

නැත කිසි දින නුඹ සිඹලා
මා හද තුරුළට ගෙන
නැත එක බැල්මක් හෙළලා
පෙර දා නෙතගින් වුව
නැතිමුත් නුඹ රුව මැවිලා
දකිනා සිහිනෙක වුව


කිම නුඹ පමණක් පිපිලා
අද දින මගෙ තනිවට


දවනා හිරු රැස් නොතකා
සිහිලේ මා වටකොට
හමනා පවනේ සැලෙනා
නුඹෙ සෝ ගීය නිහඩ
පෙරදා අහසේ කැටිවුණ
කලුවර වලා රොදක
ඉකිබිදුමක් වී වට වරුසාවක්දෝ
මහ පොළවට

15 අදහස්:

රවා at: 3/16/2010 11:13 PM said...

ඔයා මෙතනත් ජිවත් වෙලා... මාවත් ටිකක් එතනට අරන් ගියා.. ස්තුති ඔබට...මම මෙක කිප වරක් කියෙව්වා..ඔබ අපුරුවට ලොකය දකිනවා. වචන හැඩ කරලා සෙමින් මුදාහරිනවා...ඔබව දැක ගැනිමෙ ආශාව වැඩිවෙනවා....

sansarasidu at: 3/17/2010 5:55 AM said...

“මා මළ පසු මගෙ සොහොනෙ දුක් ගීයක් ලියනු මැනවි...“
මට මේ කවිය කියවත්දි මුලින්ම මතක් වුණේ ඒ පද පෙළ...
අපි හැමෝම කවදාහරි ඔතනට යනව...
සමහර මිනිස්සු නම් වැඩ කරන්නෙ, එයාල ඔතනට නොයන ගානට..

ඔයා කිව්ව හරි Raven, කවදා හරි ඉතුරු වෙනව නම් ඉතුරු වෙන්නෙ අපේ නම විතරයි...
“නාමේ නොදිරනා... කුණු කය දිරනා...“
දිරන කුණු කයත් එක්කම නාමෙත් දිරන්න නොදෙන්න නම් මේ භවයෙදි, හොඳ ජීවිතයක් ගත කරන නොකරන එකත් අපේම වැඩක්.. නැද්ද ?

Anonymous at: 3/17/2010 7:12 AM said...

මම දැන් බ්ලොග් කියවන්නෙ ලාංකීය සිතුවිලි එකෙන් මෙ බ්ලොග් එකත් එකට දාන්න.
http://blog.inetlanka.com/

යෝගී... at: 3/17/2010 8:45 AM said...

හරිම ලස්සනයි. වෙන මොනව කියන්න ද?
-ජය

දිල් at: 3/17/2010 9:27 AM said...

හරිම අපූරු නිර්මාණයක් Raven ....මොනවදෝ මහා වෙනසක් දැනුනා මේක කියවද්දි.....
හුගාක් සර්ථක පද ටිකක්

- නිල් අහස - at: 3/17/2010 9:47 AM said...

මේ ඉසව්වට පැමින
විදින විට ඔබේ රසවිත...
ජීවිතය පසක් කල මිනිසෙකැයි
නිබඳ සිතේ..මට ඔබ ගැන....

ඒතරම්ම..අපූරුයි..ඔබෙ සිත.......

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 3/17/2010 9:50 AM said...

හරිම අපූරුයි කවිය...
මරණය මම කැමතිම දෙයක් හැබැයි මා වෙනුවෙන්

තිස්ස දොඩන්ගොඩ at: 3/17/2010 10:05 AM said...

මමත් රවා වගේම ගොඩක් වතාවක් මේක කියෙව්වා මේ අම්බානක වැඩ අස්සේ...
හිතට අමුතු සුරක්ෂිත ගතියක් දැනෙනවා මේක කියෙව්වහම...
සොඳුරු මායාකාර දාර්ශනිකයා... උඹව හමුවීමේ නොතිත් ආසාවෙන් පෙලෙමි...!

චේජනා at: 3/17/2010 1:28 PM said...

Raven,
වල් බිහිවුනු සොහොන් කොතක
වැලළී ගිය අතීතයට
තනි රකින්න තනිව පිපුන
මල් කැකුලක් හෙළු කඳුලද
අකුරු වෙලා මා දු‍ටුවේ...

RanDil at: 3/17/2010 1:48 PM said...

සැමදා වාගේම හිත හිතා ඉන්න දෙයක් අදත් සටහන් කර තිබෙන හැඩයි. ස්තුතියි ඔබට එවන් දේ අපට දෙනවාට

Raven at: 3/17/2010 3:27 PM said...

රවා- සතුටුයි මචන් රසවින්දා කියල දැනගන්න ලැබීම. උඹ, තිස්ස අයියා ඇතුලු පිරිස මුණගැහෙන්න මමත් හරි ආසාවෙන් ඉන්නෙ.

සන්සරසිදු- උඹේ කතාවට මම එකඟයි මචන්. ස්තූතියි.

යෝගී- අපොයි ඒ වචන ටික ඉහටත් උඩින් ඇති. අයියටත් ජය.

දිල්- ස්තූතියි නිතර මෙහි ගොඩවැදිල අදහස් දක්වල දිරිමත් කරනවට.

නිල් අහස- වැටි වැටී නැගී සිට..ජීවිතය විදින්නට තැත් කරන..තවත් නුඹ වන් මිනිසෙක්..පමණි මම මිතුර

ස්තූතියි මචන් උඹටත්.

Raven at: 3/17/2010 3:36 PM said...

ජීවිතය සොබාදහම....- ස්තූතියි මිත්‍රයා. මරණය හැම තැනම තියනවා. ජීවිතය ඇතුලෙත්.

තිස්ස අයියා- ඔබලා හමුවීමට මා හට ඇති ආශාවද එසේමැයි..සෙට් වෙමු ළගදීම.

චේජනා - රැගෙන නිසි අරුතක්..මා කව කියවා ඇති වගක් කිසිවෙක්...දැනෙන විට මට දැනේ..නිම් නොවන සතුටක්.

ස්තූතියි අක්කේ.

රන්දිල්- ස්තූතියි අක්කේ නිතරම ගොඩවැදිල වචනයකින් හරි දිරිමත් කරනවට.

සොරො at: 3/18/2010 6:46 PM said...

ජයෙන් ජය...

nimanthi at: 3/18/2010 7:11 PM said...

ඔබේ තනියට ලඟ රැදෙන්නට
නොහැකි මුත් මට සදාකාලෙට
ඉන්න හැකි තෙක් මම රැදෙන්නම්
සොහොන් කොත ලඟ ඔබේ තනියට
කවුරුවත් නැති සීත රැයකදි
සඳත් එබිකම් නොකරනා මුත්
දැනේවී මගේ දුක් සුසුම් පොද
ඔබේ තනියට ලඟින් ඇති වග...!!!

Raven at: 3/18/2010 9:37 PM said...

සොරො- ඔබටත් ජයවේවා.

නිමන්ති- ස්තූතියි අක්කේ ලස්සන පිළිතුරු කවියට.

Post a Comment

newer post older post