
නුඹේ බිරිඳව මා තබන පලමු සටහනයි..........
නීති ප්‍රකාරව මා දැන් නුඹේ බිරිඳය...... අෂ්ඨක කියා චාරිත්‍ර ඉටුකිරීමට තව කෙටි කලක් ඇත....
මම ආඩම්බර වෙමි.... නුඹවන් සංවේදී මිනිසෙකුගේ බිරිඳ වන්නට ලැබීම ගැන මම ආඩම්බර වෙමි....... නුඹ මා හැඳින්නෙහිය....... සිර වූ ජීවිතයක බැමි ලිහා දමා නුඹ මට ඉගිලෙන්නට තටු දුනිය...... නුඹේ ජීවිතය වටා මම සතුටින් පියාසලන අයුරු බලා නුඹ අපමණක ආශ්වාදයක් විඳිබව මම දනිමි......
මට මා කවුදැයි හඳුනා ගැන්මට නුඹ මට අත්වැලක් විය.....නුඹ මට බොහෝ දේ නොව...... ජීවිතයම දුන් බව මා පවසන්නෙ හදපිරි ස්නෙහයකිනි..........
අප උනුන් උදෙසා කැපකල කිසිවක් නැත.... එහෙත් අත්හල බොහෝ දේ ඇත.... ඒවා පිළිබඳ අපට තැවිල්ලක්ද නැත.. මන්ද..... සියල්ල අත්හලේ බොහෝ සුන්දර වූ අප්‍රමාණ ප්‍රේමයක් හිත පුරවා ගැන්මට වූ බැවිනි....
නුඹ මා කෙරෙහි බල පවත්වන නීති නැත... රීති නැත...හිස සිප සනසාලන අත්‍යන්ත දයාබරත්වයක් පමණක් ඇත....
සබඳ.... වැළල ගිය සිහින නුඹේ ලෙයින් පණ ලබද්දී මම ජීවිතය ලදිමි.......... සැඟව ගිය සිනහවන් නුඹ සොයාගෙන ඔපදමද්දී මම ජීවිතය ලදිමි........ නුඹේ සුසුමක් නළලත ගැටුනු කල මම ජීවිතය ලදිමි........
නුඹේ ප්‍රේමය අස මම නිවුනෙමි.... සැනසුනෙමි......
20 අදහස්:
මේ ටික කියවගෙන යද්දි මට රන් සමනළියක් ලස්සනට තටු සලන හැටි මැවිල පෙනුන.(නුඹේ ජීවිතය වටා මම සතුටින් පියාසලන අයුරු බලා නුඹ අපමණක ආශ්වාදයක් විඳිබව මම දනිමි......)
ගෑහෑනියක් මීටත් වඩා බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවද ? විෂ්මි , ඔබ අද සියල්ල සම්පූර්ණ ගෑහෑණියක්.ඔබට බොහෝ දේ නොව සියළු දේ ලෑබී තිබේ....ජීවත් වෙන්න...සතුටින් ජීවත් වෙන්න....
අපේ හදවත් පතුලෙන්ම ඔබ දෙපලට සුබ පෑතුම්....
මම තවත් බඹරෙකුගෙන් විකසිතවු පුෂ්පයක් සන්තොෂයෙන් මද සුළගෙ වැනෙනු දුටුවෙමි....
මගෙ හදවතින් පිරි නැමෙන ගෞරාවාදරය පිලිගන්න විශ්මි..... ඔබ දෙපලට කිසි කලෙක දුකක්, කරදරයක් නැතිව තව අවුරුදු 40 ක් ගිය තැනදිත් එකිනෙකා කෙරෙහි ඇති බැදිම එලෙසම පවත්වාගැනිමට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ත්‍රිවිධරත්නයෙ පිහිට ලැබෙවායි පතමි..
විශ්මි මෙන්න මෙ සින්දුව හොයාගෙන අහන්න
Lying here with you
Listening to the rain
Smiling just to see the smile upon your face
These are the moments I thank God that I'm alive
These are the moments I'll remember all my life
I found all I've waited for
And I could not ask for more
Looking in your eyes
Seeing all I need
Everything you are is everything to me
These are the moments
I know heaven must exist
These are the moments I know all I need is this
I have all I've waited for
And I could not ask for more
Chorus
I could not ask for more than this time together
I could not ask for more than this time with you
Every prayer has been answered
Every dream I have's come true
And right here in this moment is right where I'm meant to be
Here with you here with me
These are the moments I thank God that I'm alive
These are the moments I'll remember all my life
I've got all I've waited for
And I could not ask for more
I could not ask for more than the love you give me 'Coz it's all I've waited for
And I could not ask for more
I could not ask for more
හිතට හරිම සතුටක් ගෙනාවේ ඔබේ සටහන.බොහොමයක් සටහන් කියවලා අපි ඒවා රසවිඳිනවා. ඒත් අද , විෂ්මි ඔබේ සටහන කියවලා රස වින්දා නොවේ.ජීවිතයයි වින්දේ...
ඔබ දෙපලගේ මේ ආදරණීය ජීවිතයට ජයක් ම වේවා!
සුබ පැතුම් විශ්මි නංගියො..
දැන් ඉතින් වෙන වෙනම සුබ පතන්නෙ නැතිව දෙන්නගෙන් කාට සුබ පැතුවත් කමක් නැහැ නේද ?
මොක ද දෙන්නම දැන් එක්කෙනෙක්නෙ.
විශ්මි නංගි, රවා කිව්ව වගේ අද විතරක් නෙවෙයි අදින් බොහො කලකට පස්සෙත් ඔය විදිහටම ආදරෙන් අවබෝධයෙන් සමඟියෙන් පිරුණු ජීවිතයක් ගත කරන්න ඔබ දෙපළට අවශ්‍ය ශක්තිය ධෙර්යය වාසනා ගුණය නොඅඩුවම ලැබේවා කියල මං සුබ ප්‍රාර්ථනා එක් කරනවා.
ජීවිතේදි අත්විදින්න ලැබෙන සොදුරැම හැගීම. තමන් ආදරේ කරන කෙනාත් එක්ක සදහටම ඉන්න එතකු වෙන්න ලැබෙන එක තරම් වාසනාවත් තියෙනවාද වෙන මොකක්වත්. ඉතින් මිතුරියේ එහෙනම් ඔන්න කිසිම දුකක් කරදරයක් නොවී හැමදාමත් මේ විදිහටම ආදරයෙන් ඉන්න ලැබේවා කියලා සුභ පතතවා.....
සද සේ උදා වී මහදේ රැදී
සමදාම සිටියේ ඔබයි
අප පෙම් කතාවේ දුක් සෝක සංකා
මෙතෙකින් නිමා වු වගයි.....
කදුලැල් සලාලා දුක් නිබද විදලා
සැදු අපගෙ පෙම් මාලිගා
නැත විසිර බිදුනේ සවිමත්ව සැදුනේ
පිදු අපගෙ සෙනෙහේ නිසා....
දැතිත්ම අල්ලා අද එක්ව යන්නේ
සැමගේම සුපැතුම් මැදයි
පිසගන්න කදුලැල් හිනැහෙන්න මා හා
සැමදාම ඔබ මාගෙ දැන්.....
(කුමාරසිරි පතිරණගේ සින්දුවක්)
දෙන්නටම මම අයෙත් සුභ පතනවා...ඉක්මනට පෝරු මස්ථකානුරූඩ වෙන්නත් ලැබේවා!!!!
ඔබට සුභ මංගලම්.....
එකම අහස යට එකම පොළව මත තැනු කැදැලේ, දුක සතුට එක ලෙස හදෙහි දරාගෙන, පෙර පැවති සෙනෙහ ලොවත්, නිවන් දකින තුරු සංසාරේ ඔබ දෙදෙනා ඔබේම වේවායි මා හදවතින්ම පතමි.
ඕකම තමයි එයාටත් කිව්වේ ඔයාටත් මේහෙමම කියන්නම්
විශ්මී මෙක ආහපු බලන්න හිතුනා.. එච්චරටම ලස්සනයි.. මම රවෙන් ට බඹරා කිව්වෙ හෙතු ගොඩක් තියන හින්ද... සමණලයා කියලා කියන්න කොහොමට වත් බැහැ...
මේ ප්‍රේමය ආදරය සදාකල් ඔයාලගෙ ජීවිත වටකරගෙන පවතීවා ! කියල ප්‍රාර්ථනා කරන්නම්
මේ වචන හරිම සියුමැලියි වගේම සොඳුරුයි. මොන දේ වුණත් ලියන එක අත්හරින්නත් එපා.
සමනලීගේ උණුසුම් සුභ පැතුම්...!! හරිම ලස්සන ඒ වගේම හිතට දැනෙන සුන්දර කතාවක් ලස්සනට ලියලා තියෙනවා..... හැමදාමත් ආදරෙන් ඉන්න නොමියෙන ප්‍රේමයකින්.. නොවෙනස් අවබෝධයකින්...
@ඉසිඹුව..... ස්තුතියි අක්කෙ.....ඇත්තටම මේ ආදරේ ලඟදි මං සමනලියක් තරම්ම සැහැල්ලුවෙන් ජීවත්වෙන්නෙ..
@දිල්... ජීවිතෙන් මං මුකුත් ඉල්ලුවෙ නෑ ඒත් මට හැම දේම ලැබුන....සුබපැතුමට ස්තුතියි අක්කෙ....
@රවා..ස්තුත්යි රවා සුබපැතුමට වගේම සින්දුවටත්.... අනිවාර්යෙන් මං හොයාගෙන අහන්නම් මේක...
මේ ඇත්තටම ඇයි රේවන්ට ඔය සමනලයා නැතුව බමරා කියන්නෙ....?
@යෝගි... ස්තුතියි යෝගි අයියෙ... අයියට එහෙම දැනෙන්න ඇත්තෙ මං ලිවුවෙ සටහනක් නෙවෙයි ජීවිතේම නිසා වෙන්න ඇති....
@චේජනා... ස්තුතියි අක්කෙ සුබපැතුවට..
@සන්සරසිදු....බොහොම ස්තුතියි අයියෙ.....
@චන්දික...ස්තුතියි සහෝ සුබපැතුවට...... මං ආසකරන ගීතයක්....
@ජීවිතය.... ස්තුතියි සහෝ.....
@පිටස්තරය..... ස්තුතියි සුබපැතුමට සහ දිරිගැන්වීමට....
@සමනලී....ස්තුතියි සමනලී....
මගෙන් සුබ පැතුම් අක්කටයි අය්යටයි... හැමදාම සතුටින් ඉන්න... ඔයාලගෙ ආදරේ ගතවෙන හැම තත්පරයක් ගානෙම වැඩි වේවා.
සංසාරේ පුරාවට පතාගෙන ආ ප්‍රේමයක්ම වෙන්න අති.
සැමදා සතුටින් සිටින්න හේතුවාසනා වේවා.
සුබ පැතුම්. දිගු කල් සතුටින් විසීමට ඔබ දෙපලට දිගාසිරි.
මම සමනලයෙක් කරන කාර්යට වඩා දෙයක් රාවෙන් තුලින් දකිනවා. අපි කෙනෙක්ව අදුනගන්නෙ එකෙනා ලියන කියන දෙවල් වලින්.. රෙවන්ගෙ තියන සංවෙදි බව, සිතුවිලි දාමයන් මෙහෙයවන ආකාරය කිප විටකදිම දැක්කා. මම හිතන්නෙ රාවෙන් එතනට ගිහින් තියන්නෙ එයාගෙ දෙමව්පියන්ගෙන්,කියවපු පොත පතින් ලැබුණ ආභාෂය හින්දා කියලා...මට ඔය දෙන්නව පෙන්නෙ මෙ බ්ලොග් එක තුලින් විතරයි. එත් ඔය දෙන්නව වැඩි නිරාවරනය විමක් නැහැ.
ලියන කියන දෙවල් වල තියන අපූර්වත්වය, අනිත් අයගෙ තැන්වලදි කියන දෙවල්,ඔය දෙන්න මෙ වයසින් කසාද බැදිම. මෙ දෙවල් හැම එකක්ම බලපුවාම රාවෙන් සමනළයෙකුට වඩා බමරෙකුටයි...මම රාවෙන්ව පහත් කරලා සැලකලා නෙමෙ එක කියන්නෙ...බමරා කියන්නෙත් සුවිශ්ෂ සතෙක්.
@ විහඟි.....ස්තුතියි විහඟි සුබපැතුමට...
@මනුසත්....බොහොම ස්තුතියි සහෝ......
@සුසිත..... ස්තුතියි ආශිර්වාදයට අයියෙ....
@රවා.....අනිවාර්යෙන්.... දැන් තේරුණා රේවන්ට ඔයා බමරා කියන්නෙ ඇයි කියල..... :)
ඔය ආදරය සදාකල් පවතීවා...
සැමට.. ඔබ දෙපල, ආදර්ශයක් වේවා..
බොහොම ස්තුතියි අයියෙ...
Post a Comment