
හෙට සිට මට නුඹට මගේ බිරිඳ යැයි කියන්නට පුලුවන්.
මම භාෂාවේ හෝ ජීවිතයේ ව්‍යාකරණ නොදත්තෙක් බව නුඹට අමුතුවෙන් කියන්නට ඕනෑ නැති බව මම අදහමි. ඒ නුඹ තරම් මා තේරුම් ගත් කෙනෙක්, අපිළිවෙල මගේ ජීවිතයේ අදුරු අහුමුලු වලට පවා පෙම් කල කෙනෙක් මා නොදන්නා නිසාය. මගේ අම්මා මට බෙහෙවින් ආදරය කලාය, තවමත් කරන්නීය නමුත් නුඹ තරම් ඈ වත් මාව තේරුම් ගත්තායැයි මම නොසිතමි.
මම කලුවරට පෙම් කරමි. ජීවිතය ගැන ලෝකය ගැන විකාරරූපී වූද විටෙක භයංකාර වූද සිහින දකින්නට කැමැත්තෙමි. පත්තර පිටු වල සහ කතා පොත් වල මිනී මැරුම් අපරාධ ගැන පුවත් රස කර කර කියවමින් බත් කමි, තේ බොමි.
මස් කඩයක් අසලින් යද්දී සත්ව විලාපයක් ඇසුණු තවත් දවසක වේල් ගණනක් නිරාහාරව සිටිමි. එදිනෙදා වේල පිරිමහගන්න මුට්ට කර ගහන මිනිසෙක් දැක ඇස් බොද කර ගනිමි. විටෙක රහසින් හඩමි.
නුඹ ඒ වග දන්නවා ඇති.
සියල්ලකටම වඩා ඒ සියල්ලක්ම මැද මම මිනිසුන්ට සහ ලෝකයට ප්‍රේම කරනා වග නුඹ දන්නවා ඇති.
නුඹේ ඒ දැනීමට මම පෙම් කරමි.
ජීවිතය නූල් බෝලයක් සේ පැටලී තිබුණ අවධියක අප හමුවීම අහම්බයක් විය හැක. ඒ වන විට මම ජීවිතය පසෙකට විසි කරදා සිටියෙමි. බිදෙන් බිද පැයෙන් පැය දිග ඇරෙන විනාශය අබිමුව මත් වතුරෙන් කවියකින් දෑස් වසා උන්නෙමි. ජීවිතය යනු මහ උගුලක්යැයි ඇදහුවෙමි. මහා ඛේදවාචකයක් අබිමුව වුව ඒ ජීවිතේ ස්වභාවයයැයි නිසොල්මන් වී උන්නෙමි.
ඒ මා අනිත්‍යය වටහා ගත් නිසා නොව පළා ගිය නිසාවෙනි.
දැන් මම නැවත කදුලු ලුණු රස හදුනමි. හදවතේ ලේ වල උණුසුම හගිමි.
ඒ නුඹ නිසාවෙනි.
හැඩපලු ගෙතුන ජීවිතයක් දෙස නුඹ තරම් උපේක්ෂාවෙන් බැලීමට තවත් කෙනෙකුන්ට හැකිවේදැයි මම නොදනිමි. නුඹ බොහෝ කාලයක් බලාගෙන උන්නාය.අදටත් එසේමය...හැඩි උන ජීවිත මලුව අමදින්නට නුඹ මුස්න ගෙන නාවාය. ඒ වෙනුවට මා නිදහසේ ගලන දෙස නුඹ ප්‍රීතියෙන් වින්දාය. ඒ අතරතුර නොදැනීම මම රිද්මයක් ලද්දෙමි...නුඹ නිසාවෙන්.
මගේ අපිළිවෙල කවි අතර නුඹේ අත් ගැටුනු විට ඒ තුළින් පෙරදාක නොදුටු දීප්තියක් මම දකිමි. මම මා ගැනම විස්මයට පත්වෙමි. ඒද නුඹ නිසාවෙනි.
නීතිමය බැදීමක අවැසිතාවයක් අපට කවදත් නොදැනුණි. හෙට මෙන්ම මතුදාද අප අපව වින්දයුරු අංශුමාත්‍රයකින් හෝ වෙනස් කරන්නට එයට හැකි නොවෙතැයි මම සිතමි. නමුත් මේ උදාවන්නේ අපේ ගමනේ තවත් එක් සුන්දර සිහිවටනයකි. එය විදින්නට මම පුල පුලා මග බලා හිදිමි.
හෙට සිට මම නුඹට බිරිඳ යැයි අමතමි.
භාෂාව අමතක කොට යළි මුල සිට ඉගෙන ගෙන හෝ මම එය ලියමි,කියවමි,තෙපලමි.
අම්මා තරම්ම සුන්දර වදනකි ඒ.
නුඹ නිසාවෙන්ම එය හුරුවෙන්න තෙපලන්න තරම් සුන්දර වචනයකි.
16 අදහස්:
මොනවා කියන්නද ... වචනයේ අර්ථයෙන්ම සොඳුරු අහිංසක යුවලක්... කලින් ආශීර්වාද වැස්සක් වස්සවපු නිසා දැන් අතේ යමක් ඉතිරි නැත.... ලංකාවට ආ වෙලාවක උඩැක්කියක් අරන් දෙන්නම් දුක් කම්කටොලු ආවහම, ඒවා විඳලා ජීවිතේ වටිනාම දේවල් අහකට නොවිසිකරපු බොහෝ අය ඉන්නවා කියලා මතක් වෙන්න...
"හෙට අරඹන නැවුම් ලොවට සිව් දෙවියනි වරම් දෙන්න...
පතිනි මවුනි බැල්ම හෙලා ඔවුන් දිවිය සරු කරන්න...."
අම්මාගෙන් ජීවය ලබන මිනිසා බිරිඳගෙන් නැවතත් උපදිනවා යි කියන කතාව මම නොයේක්වර අසා ඇත්තෙමි.එය සත්‍යයක්ම බව දැන් මේ මොහොතේදි අවබෝධ විනි.....එක මිනිසෙක් නැවතවරක් ඉපදී ඇත. අනේක දුක් දරාගත් ජීවිතයට සැනසුමක් ගෙන පැමිණි " ඇය " නිසා නැවත් වරක් ඉපදී ඇත..
දෙදෙනෙක් නීතියෙන් බැඳ දමන්නේ ලෝකයාට ඕනා කමට මිස ඒ දෙදෙනාගේ සිතිවිලි වලට ඕනා නිසා නොවේ...සංසාරය පවතින තුරු හදවතින් එකට බැඳුන මෙවන් සොඳුරු දෙදෙනෙකු හදවතින් බැඳී අවසන්ය....හෙට අලුත් වෙන මේ බැඳිමට අලුතින් නමක් ලැබේ....මේ නමව මුළු ලෝකයම හිස නමනවා ඇත...ආශිවාද කරනවා ඇත..ඒ ආශිවාදයට අපිද එක්වෙමු...
"
වාසනාවන් වාසනාවන්...
ඔබේ දිවිමග වාසනාවේ
සුවහසක් මල් පිපේවා........"
Raven
මචං,
විශ්මි ගැන ලියපු අදහස් කියවද්දි මගේ ඇස් ඇත්තටම කඳුලින් තෙත් වුණා. සංවේදී කමට... මොකද මාත් දරන්නේ ඔබේ අදහස ම නිසා. ඔබේ ඔය අත්දැකීමම මමත් විඳල තියෙන නිසා. වේලාවකට මට පුදුමත් හිතෙනවා. එහෙම වෙන්න පුළුවන්ද කියල …
අද ඉඳන් ඇය ට බිරිඳ යයි කියන්නට ඔබ වාසනාවන්තයෙක් වූ බව ඔබ ලොවට කියන්නේ කිසියම් ආඩම්බරයෙකිනැයි මට සිතේ. ඒ එසේමය.. එසේ විය යුතුයැයි මම ද අදහමි.
ඉඳින් සොයුර, සොයුරිය ඔබ දෙපළට මගෙ මුළු හදවතින් ම සුභාශිංෂන ගෙනෙමි.
දිවි මගේ සැම කල් එක් ව ඉන්නට...!
එක් ව ජීවිතයට මුහුණ දෙන්නට..!!
ඉන් ජය ලබන්නට…!!!
@ Sandun Sameera :
"විශ්මි ගැන ලියපු අදහස් කියවද්දි මගේ ඇස් ඇත්තටම කඳුලින් තෙත් වුණා. සංවේදී කමට...
මොකද මාත් දරන්නේ ඔබේ අදහස ම නිසා. ඔබේ ඔය අත්දැකීමම මමත් විඳල තියෙන නිසා."
Sandun මල්ලියේ මේක ත්‍රිකෝණ ප්‍රේම කතාවක් ගැන නෙමෙයි නේද...?
මගේ විෂ්මි නංගියා මා එක්ක අමණාප වෙයිද මන්දා..
ඔබට සුභ මංගලම්.....
එකම අහස යට එකම පොළව මත තැනු කැදැලේ, දුක සතුට එක ලෙස හදෙහි දරාගෙන, පෙර පැවති සෙනෙහ ලොවත්, නිවන් දකින තුරු සංසාරේ ඔබ දෙදෙනා ඔබේම වේවායි මා හදවතින්ම පතමි.
මුලින්ම මගේ සුභ පැතුම් ඔබ දෙදෙනාගේ අලුත් ජීවිතයට . . .. !!!
ඒ වගේම මේ ලියවිල්ල ඇත්තෙන්ම නෙතට කඳුලක් ගෙනවා . . බොරු නෙමෙයි. කඳුලු ගැන මම දන්න තරමින් ඒ සතුටු කඳුලු මොනවත් නිසා නෙමෙයි උඹලා ජීවිතේ තේරුම් අරගෙන එකිනෙකා තේරුම් අරගෙන සංසාරේ පුරා යන දිගු ගමනේ මේ නවාතැනේදීත් හමුවුනු එක ගන උපන් සතුට.
උඹලට කවදාවත් නොවරදින බව විස්වාසයි. පොඩි හරි කැලඹිල්ලකදී උඹලට හැකි පනනින් උපදෙසක් දෙන්න සහෘදයෝ ඕන හරම් ඉන්න බවත් උඹලා දන්නවානේ . . .
ජය හා සතුට හැමදා රැඳේවා . .. . !
අද දිනෙන් ඇරඹෙන ඔබ දෙදෙනගේ දිවිය (යුග දිවිය කියන්න අකමැති වෙමි. යුග වනුයේ දෙදෙනෙකි.ඒ අදට පෙරදීය. අද පටන් එක් දිවියක් වනු ඇති) යුග යුග ගෙවී සසරාන්තය දක්වා ආදරණියව, ප්‍රේමණීයව ගලා යේවා !!!!!!!!
සුභ ආසිරි වේවා මල්ලී. එක්ව යෙහෙන් වැජඹෙන්න.
(මගේ බ්ලොග් අඩවියේ නොවැළැක්විය හැකි රසිකයෙක් වන ඔබ නොදුටිම් ඊයේ දිනයේ. වැඩ අධික වන්නට ඇතැයි සිතමි)
තිස්ස අයියට,
මං හිතනවා තිස්ස අයියා මගේ අදහස වරදවා තේරුම් ගත්තේ නෑ කියල...
මං අදහස් කළේ Raven ගේ සිතිවිලි තුළින් මට මගේ අඳුරු අතීතය සිහිපත් වුණා කියන එකයි. මොකද ආදරයෙන් බැට කාලා ජීවිතය ගැන කලකිරීමෙන් හිටපු කාලෙක (මගේ ජීවිතය අපායක් වෙලා තිබුණ කාලෙක) තමයි මටත් මගේ දිල් ව (ආයේමත් වරදවා තේරුම් ගන්න නම් එපා) මුණ ගැහුණේ. අහම්බෙන් හරි මගේ පුංචි කහ කිරිල්ලිව මට මුණ නොගැසුණා නම් මං තාමත් ජීවිතය විඳවනවා.. Raven ගෙ සිතිවිලි කියවද්දි මගේ දෙනෙත් කඳුලින් තෙත් වුණේ ඒ නිසයි... මොක ද Raven, විශ්මි ගැන හිතන විදහත්.. මං, මගේ දිල් ගැන හිතන විදිහත් එකක් නිසයි...
ඇත්තටම Raven අපත් එක්ක බෙදාගන්න මේ අත්දැකීමෙදි, මං Raven ගේ සහෘදයෙක් වෙන්නේ අන්න ඒ සමානකම නිසා ...
Dear "සන්සරසිදු"... I was just kidding... Raven is a wonderful and gifted writer at his age... so touching and full of feelings... Duka and I wondered a lot about this guy and his writing... I really feel very happy about Wishmi, his beloved wife...
I know what you've meant... I am becoming silly these days Malli....
තරු වට කරන් රෑ අහසේ මනාලී
වාගේ විශ්මි හෙට දවසේ ඉඳීවි..
හිරු කුමරුන් රැස් විහිදා දිලේවි
තේජස මැදින් Raven ඇත හිනාවී..
ජය සක් මැදින් සෙනෙහස් ගඟ ගලාවී
දෙදෙනෙක් සුපෙම් මැදුරට ගොඩ වදීවී..
ඉන්නට බැරි උනත් පෙර මග සිනාසී
නිල් අහසෙනුත් ආසිරි ඇද හැලේවී...
මේ..සුපැතුම්...මගෙන්..Raven,විශ්මි ඔබ දෙපලටම.
සුභ මංගලම්..සුභ මංගලම්..සුභ මංගලම්..වේ දිනේ....!!!
හිතවත් සොයුරු සොයුරියන්ගේ සුබපැතුම් නැවත නැවතත් කියෙවුවා. ඔබලාගෙන් මේ ලැබෙන මිත්‍රත්වය සහ සෙනෙහස ගැන අනේක වාරයක් ආඩම්බර වෙමි, ස්තූතිවන්ත වෙමි.
පසුගිය දින වකවානුව ඉතාම සතුටින් ගෙවී ගියා ඒ වගේම මේ මොහොත දක්වාම ජීවිතය සතුටින් පිරෙමින් පවතිනවා. හිතවත් සහෝදර පිරිසක් සිටීම ඒ සතුට තවත් දෙගුණ තෙගුණ කරන්නක්.
ස්තූතියි හැමෝටම.
එයි පුංචි බමරා.. මම අදයි මෙක දැක්කෙ... හිතට කියාගන්න බැරි දෙයක් මට දැනෙනවා. ඔයාගෙ බිරිදගෙ සටහන මම පළමුව දැක්කෙ... අපි හැමොමත් හදවතින් ඔබ දෙපලට සුභපතනවා. නකුල මාතා හා නකුල පිතා ගෙ කථාව කියවල ඇතිනෙ... එතනදි නකුල පිතා බුදු හාමුදුරුවන්ට කියපු දෙ ඔයාටත් කවද හරි ඔයාගෙ හදවතට කිවිමට හැකි ශක්තිය,වාසනාව ලැබෙවායි පතනවා. සුභ ගමන් සහොදරයා..
ස්තූතියි රවා සහෝදරයා. උඹලගෙ සුබපැතුම් අදහස් හැමදාම හිතට ගේන්නෙ සතුටක් සහ ධෛර්යයක්. ජය :)
ඇත්තෙන්ම මේ ක නම් සංසාරගත ප්‍රේමයක්ම විය යුතුයි. ඔබේ ප්‍රේමය මගේ සිත පහන් කලා කීවොත් නිවරදී. සිදුහත් යශෝදරා මෙන් වූ ප්‍රේමයක් ම වේවා.
ස්තූතියි මිත්‍රයා ඔබේ සපැතුම් වලට. :)
Post a Comment