මගෙ සෑම සතුටක්ම දැන් නුඹයි….
මගෙ දිවිය ඔබ මත පුද කරන්නට සිතෙයි….
මේ හද ඔබ කෙරෙහි උමතු වූ පසු
ලෝකය කුමක් කීවත් කම් නැත….
කවුරුන් කොපමණ කතා හැදුවත් කම් නැත
මගෙ සෑම සතුටක්ම දැන් නුඹයි….
මගෙ දිවිය ඔබ මත පුද කරන්නට සිතෙයි….
ඔබෙ ප්‍රේමයෙන් අප්රසිද්ධිය ඈතව ගියා
ඔබත් සමග මමද පෙම්වත ප්‍රසිද්ධියට පත් වූවා...
අපේ ආනන්දය අපව කොහේ ගෙනයනවාදැයි බලන්න….
මගෙ සෑම සතුටක්ම දැන් නුඹයි….
මගෙ දිවිය ඔබ මත පුද කරන්නට සිතෙයි….
රිශිකේශ් මුඛර්ජි අධ්‍යක්ෂනය කල 1973 දි තිර ගත වුන‘අභිමාන්' චිත්‍රපටයට ‘ ලතා මන්ගෙශ්කාර්’ විසින් ගායන කරන සුන්දර ගීතයකි මේ…. ප්‍රේමය, බැදීම්, විවාහය සහ ඉරිසියාව අතර දෝලනය වන අඹු සැමි යුවලක් වටා ගෙතුන මෙම චිත්‍රපටිය ඉන්දියාවෙ මෙන්ම මෙරටද බොහෝ ජනප්‍රිය වුන චිත්‍රපටයක්….
Subscribe to:
Post Comments (Atom)
14 අදහස්:
මම හිතන්නෙ කාලයක් මම මේ Movie එක දහ දොලොස් පාරක් බැලුවා...ඒ තරම්ම හිතට දැනුන ප්‍රේම කතාවක්.....මේ ගීතයත් ඒ වගෙ..හිතට හුගාක් දැනුන හීතයක්......
ස්තුතියි ඔබට
හරියටම synchronize, එහෙම නැත්නම් සුසර වුනහම හැමෝටම එකම දේ හිතෙන එක, එක අතකට පුදුමයක් නෙමෙයි... දැන් මේක මං සම්බන්දයෙන් වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වෙනවා... මම ඔයගොල්ලන්ට "අභිමාන්" එකේ වගේ නොවී ඉස්සහරහට යන්න... කියලා සුභ පතන්න හැදුවත්... වැඩි පණ්ඩිතකම් කියන්න ගිහින් සතුටට බාධා වෙයි කියලා එහෙම්මම ගිලගෙන හිටියා... දැන් ඔයාම මේක දැම්ම නිසයි කියන්න හිතුනේ...
ස්තුතියි දිල්.... මමත් මේ ෆිල්ම් එක නම් කීපවතාවක් බලල තියෙනව. කොච්චර බැලුවත් කම්මැලි කමක් දැනෙන්නෙ නැති කතාවක් සහ ගීත ටිකක්.. "ආරාධනා" ෆිල්ම් එකටත් මම මේ තරම්ම කැමතියි...ස්තුතියි මේ පැත්තෙ ආවට...... :)
තිස්ස අයියෙ..... අයියෝ ඒකට මොකද අයියෙ.. හිතට දැනෙන ඒව නොකිය ඉන්න එපා ... මම හිතුවා කවුරු හරි ඔය කතාව කියයි කියල.. :).. අයියට කිවුවම මොකද අපි දෙන්නට නම් ඉරිසියා කර ගන්න කාලයක් ඇත්තෙම නැහැ.. ආදරේ කරන කොට කාලෙ යනව දැනෙන්නෙවත් නෑනෙ.... බොහොම ස්තුතියි තිස්ස අයියෙ .......
විශ්මි මම දන්න විදියට ඔය සිනාමා පටිය ඉන්දියාවට වැඩිය අපේ රටේ ජනප්‍රිය වුනා , සමහර විට අපේ අය වැඩියෙන් ආදරය කරනවා ඇති. හැම ගීතයක්ම ලස්සනයි ඔය චිත්‍රපටියේ
ඔය චිත්‍රපටියේ අමිතාබ්, ජයා බහදුරි කලේට වතුර අරන්, "නදියා කි නාරි..." සින්දුව කිය කිය යනවා හොරෙන් බලන් ඉන්න දර්ශනයක් තියනවා... මම ආසාම ඒ දර්ශනයට... කතාවේ හැටියට ඒ කාලේ ඒ දෙන්නත් ඕගොල්ලෝ වාගේ තමා... නමුත් බොහෝ දෙනෙක් ජීවිතේ නැවුම් බව අතැර ගන්නවා කාලයත් එක්ක...
ඔන්න අත්දැකීමක් කියන්නම් මගේ... මම දවසක් කිව්වා ගෙදර එක්කෙනා එක්ක ගොඩක් අයට පෝනි ටේල් දැම්මම හරි ලස්සනයි නේද කියලා... පහුවදා මම වැඩට ගිහින් එනකොට මෙන්න මෙයා පෝනි ටේල් එකක් දාගෙන ඉතින් සද්ද නැතුව ඉන්නවා... මම ඕක නොදක්කා නම් එයාට මොනවා හිතෙයිද...ඇත්තටම ඇයටත් හරිම ලස්සනයි ඒක... මම කීවා ඉතින් "ෂහ් ඔයත් එකෙක් දාගෙන නේද..? හරි හැඩයි නේ " කියලා... ඇයගේ සතුට උතුරා යනවා මං දැක්කා... පොඩි දේවල්... නමුත් එකිනෙකාට මහමෙර වාගෙයි...
මගෙත් ආසම දෙවල් තමයි මෙ...
තිස්ස අයියා... විශ්මී...
කොහොමද...
කබී..කබී.... මෙරෙ දිල්මෙ..
ක්හයාල ආ..තාහෙ...
කෙ ජෙසෙ තුජුකො .. බනා...යා ගයාහෙ
මෙරෙ ලියෙ.....
තිස්ස අයියට.... 'නදියා කිනාරේ... ' ගීතයත් හරිම ලස්සනයි තමයි අයියෙ..ඒකෙ වචන ටිකක් තියෙනව අල්ල ගන්න අමාරුයි.... කොහොම හරි උත්සහ කරන්නම්කො ඒ ගීතයත් දාන්න..
කථාව නම් ඇත්ත අයියෙ... කාලයත් එක්ක ජීවිතේ ඒකාකාරි වෙලා කියල හිතල මුල් කාලයේ වින්ද නැවුම් බව අත්හැරගන්නවා..... අපි දෙන්න දැකල තියෙනව අපේම යාළුවන්ට එහෙම වෙලා තියෙනවා.... පොඩි පොඩි හැම දෙයක්ම අපි විඳිනව අයියෙ.... ජීවිතේ හරි රහයි..... :)
ටික ටික වුනත් තිස්ස අයිය මේ දෙන අවවාද හුඟක් අගෙයි අපිට..... ආදරණීය ව්වාහ ජීවිතයක් ගත කරන කෙනෙක්ගෙ අත්දැකීම්නෙ ඉතින් .... :)
රවාට... ස්තුතියි රවා ගොඩවැදුනට.. ඊලඟ පරිවර්තනය එහෙනම් 'කබී කබී මෙරෙ දිල්මෙ..... "
"මගෙ සෑම සතුටක්ම දැන් නුඹයි….
මගෙ දිවිය ඔබ මත පුද කරන්නට සිතෙයි…."
අනිද්දයිං පස්සෙත් ඉතිං ඕකම කියකියා ඉන්න ඕනෑ හරිද විශ්මි.. මං කාලයකදී අහලා තිබුනා බැඳපුවාම ආදරේ ටික ටික අඩුවෙනවා කියලා. ඒත් දවසක් මගෙත් එක්ක කතා කරකර හිටපු අක්ක කෙනෙක් කිව්වා , මල්ලී අපි කැම්පස් එකේ දී යාළුවෙලා හිටිය කාලෙටත් වඩා මං අයියට දැං ආදරේ කරනවා කියලා. මං ඉතිං ආයෙත් අන්ද මන්ද උනා.හැබැයි මං අර කලිං බයවෙලා හිටපු එකනං හරිගියා මේ live example එක හන්දා :)
පස්සේ කාලෙක මට ඈ හමුවුනේත් සංගීතයට බොහොම සම්බන්ධ සිද්ධියක් නිසා. අපි බැන්දේ අවුරුදු 7ක් ආදරේ කරලා. හැම අවුරුද්දකම ඒ ආදරේ වැඩි උනා මිසක් අඩුවක් උනේ නං නෑ.මුලදි "එකෙක් නෙමෙයි දෙන්නෙක්" කියන එකට හැඩ ගැහෙන්ඩ ටිකක් කල් ගියා. ඈ බොහෝම ඉවසීමෙන් උපේක්ෂාවෙන් මට උදව්කලා.
එච්චරයි !.. එතනිං එහාට මුකුත් ඕන්නෑ.
ජීවිතේ ම ආදරෙන් පිරිලා යනවා. උඹලටත් එසේම වෙන්ඩ කියලා ආයෙත් ප්‍රාර්ථනා කරනවා.
- ජය
ප.ලි:
ඔය ඉස්සෙල්ලා ඈ කියලා කිව්වේ ඊට කලිං ඔය කතාවෙ සඳහන් වෙච්චි කෙනා එහෙම නෙමෙයි හොඳද ...
හරි හරි පසු ලිපි ලියන්න අපි බබාලා නෙවෙයි... එහෙම තේරුම් යන්නේ නැහැ...
පුදුම වැඩේ කියන්නේ යෝගී මමත් බැන්දේ අවුරුදු 7 ආදරේ කරලා... පුදුමයි නේ....ඔය කියන්නා වාගේම මටත් "ඈ බොහෝම ඉවසීමෙන් උපේක්ෂාවෙන් මට උදව්කලා " ....
එතන තමයි යතුර... අපි දෙන්නාව මෙතනට ගේන්න ඒ දයාබර ලඳුන් දෙදෙනා සෑහෙන්න උදවු වුනා නේද...?
බොහොම ස්තුතියි යෝගි අයියෙ ප්‍රාර්ථනාවට....
හරි හරි ඒ 'ඈ' කලින් කෙනා නෙවෙයි කියල තේරුනා :) ....
ඇත්තටම සතුටුයි මේ වගේ ආදරෙන් ජීවත් වෙන පිරිසක් අතරට එන්න ලැබුන එක ගැන අපිට.... 'බැන්දට පස්සෙ එක්කෙනෙක් වෙනවා' කියල හිතනවට වඩා ලේසියි අපි දෙන්නෙක් වුනත් අපි හුඟක් දේවලින් සමානයි කියල හිතන එක... පුද්ගලයෙක් වශයෙන් වෙන වෙනම අපි අපිට ආදරේ කරනවා.... අපේ පුද්ගලභාවයන්ට ගරු කරනවා..... එකිනෙකාගෙ කැමැත්තවල් අකමැත්තවල් අදුනගන්නව.... ඇත්ත යෝගි අයියෙ... ජීවිතේම ආදරෙන් පිරෙනවා....
@ජීවිතය... අනේ සමාවෙන්න සහෝදරය.... මට කොයි හැටියකින් හරි ඔයාගෙ comment එක මඟ ඇරිල....
ඇත්ත තමයි..... මේ චිත්‍රපටය ලංකාවෙ හුඟක් ජනප්‍රිය වුනා...ඔක්කොම සින්දු ලස්සනයි සහො.... ඒ නිසාම මේ චිත්‍රපටය කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.... ස්තුතියි
ඒක ඇත්ත විශ්මි.බැන්දට පස්සේ දෙන්නා එක්කෙනෙක් වෙනව ද මංදා ..හැබැයි ඔයා කිව්ව වගේ දෙන්නව තේරුම් ගන්න එක තමා වඩා වැදගත්. මං ඉස්සෙල්ල කිව්වෙ ,"එකෙක් නෙමෙයි දෙන්නෙක්" කියන එකට හැඩ ගැහෙන්ඩ ටිකක් කල් ගියා කියලා. ඒකම තමා..
මේ ඒක නෙමේ. බලන්ඩකො ඔයාලගේ ලොකුඅයිය මට දාලා තියෙන මර්සි පාට් එක "අපි බබාල නෙමේ කියලා"(හිටපංකො ඕකව හම්බෙනකං)
මගේ ප්‍රියතම ගීතයක් තමයි මේ.
මේ චිත්‍රපටිය බලලා ඇති 5, 6 වතාවක්ම
විශිෂ්ටයි..!
Post a Comment