About

Related Posts Plugin for WordPress, Blogger...

නොනැගෙන කවිය



17 අදහස්
















නිල් තරු ඇසින්
ගිලිහෙන එළිය
ඇහිඳිමි

හද තත් සැලී
උපදින මියැසි
විඳගමි

උහුලනු බැරිව
පන්හිඳ රැගෙන
සසැලෙමි

මලබැඳි වදන්
පත් ඉරු මතට
පුරවමි

උවම් දෙන්නට
සම කරන්නට
සොයමි


කුරුටු ගා මකමි

ඉවත ලමි..

17 අදහස්:

``` Outsider``` at: 4/01/2010 8:51 AM said...

හරිම ලස්සනයි සහෝ.
හැමදාම වෙහෙසුනත් අපිට ඕනි දේ කවදාවත් හරියට ලියවෙන්නෙ නෑ. එහෙම නැත්නම් ඒක ලියන්න බැරි දෙයක්.

Jay at: 4/01/2010 9:40 AM said...

හරිම ලස්සනයි..

බිඟූ at: 4/01/2010 9:47 AM said...

කුරුටු ගා මකමි

epaaa

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 4/01/2010 10:03 AM said...

වින්දෙමි කවි රස
සිතුනෙමි ලියන්නට
දිරියක්ව ලැබ හස
ආයෙත් ලියන්නට
පතෙනෙමි සුභ හස

රවා at: 4/01/2010 10:28 AM said...

රෙවන් ජිවිතෙත් මකන්න පුළුවන් නම්...
ඔයගෙ කවියෙ ගැබ් වෙලා තියන්නෙ තවත් එක ලස්සන නියමයක්.. අපි හැමොටම අමතක වෙන...

චේජනා at: 4/01/2010 11:22 AM said...

කුරුටු ගා මකමි
ඉවත ලමි..

නැත..

සදහටම ‍රැ‍ඳෙන්නට
සයිබර් අවකාශයේ
ලියා තබමි..

- නිල් අහස - at: 4/01/2010 2:54 PM said...

සැඟවුනු අරුත් කිපයක්ම තියෙනවා කියලා හිතෙනවා ... Raven.
තමන්ට කැමති එකකට APPLY කර ගන්න පුලුවන්.

YOU HAVE GREAT IDEAS.....

Anonymous at: 4/01/2010 5:03 PM said...

කුරුටු ගා මකමි
යලි ලියමි
ඉවත ලමි..
යලි ලියමි
නමුදු
එය
නොසෑහෙමි
එය සැබෑවකි..!!

Anonymous at: 4/01/2010 5:52 PM said...

අයියෙ කුරුටු ගාලා මකන්න එපා. ඔය කුරුටු ගාන ඒවගෙ වටිනකම කියල නිමකරන්න බැහැ.

කුරුටු ගෑ මුත්
ඉවත ලූ මුත්
කුරුටු ගෑ කවි
මනසෙ රැව්දේවි...

හුටපටයා at: 4/01/2010 8:24 PM said...

කුරුටු ගා මකමි
ඉවතලමි
මේක තමා මං ලියපු ගොඩකට වුනේ . . .
ලස්සනයි

තිස්ස දොඩන්ගොඩ at: 4/01/2010 8:33 PM said...

"මේ මුලු අහසම මට මදි ඔබ ගැන මෙතුවක් නොලියූ ගීය ලියන්නට..." වික්ටර් රත්නායක එහෙම කියනකොට... ශ්‍රීමතී තිලකරත්න මෙහෙම කියනවා "පුංචි තාරකාවක් දැල්වෙන තැන, ඇත ඉඩ ඔබ ගැන ගීය ලියන්නට...."

ගල්මල්-Coral at: 4/04/2010 12:42 AM said...

ලස්සන පදවැල, කිහිප වරක්ම කියෙව්වා. ගොඩාක් රසවින්ඳා.

වචන කුරුටු ගාන්න පැන්සල පාවිච්චි කරන්න එපා, කුරුටු ගී විසි කරන්නත් එපා. ප්‍රවේසමෙන් අරන් තියන්න, පසු කලක වටිනාකම වැඩියි ඒවායේ.

ජය!

sansarasidu at: 4/04/2010 2:48 AM said...

Raven,
මචං කුරුටු ගා මකන්නටත්
ඉවතලන්නටත් එපා...

හරිහැටි නොලියවුණත්..
අසම්පූර්ණ ඒ කවිය...
මෙතුවක් ඔබ ලියු වටිනාම කව
වන්නට පිළිවන්...

අපූරුයි මචං...
මුළු හදවත පුරාම විඳගත්තා...
හරිම ලස්සන නිර්මාණශීලි පද පෙළක්..
අවසානයේ හිතන්නට යමක්..

Missaka at: 4/04/2010 11:07 AM said...

ගලාගෙන යන විදිහ ලස්සනයි. නියමයි

ගීත් (සහෘදයා) at: 4/04/2010 6:41 PM said...

wo............w...පට්ට...මමත් ආසම style එකක් තමයි කෙටි පද කාව්ය. උබෙ කවිය අති උත්කෘශ්ටයි. palaweni kawi 4 kiyawana kota mata maara paluwak dennuna. dukakuth thiyenawa. paluwai dukai athare therapenaamauthuma kaawya rasayak.

සෝරෝ at: 4/04/2010 8:23 PM said...

උප‍රිමයි මචං
ඊට එහා වචනයක් නෑ මට කියන්න...

-සොරා

Raven at: 4/05/2010 5:55 PM said...

සොයුරු සොයුරියො හැමෝටම බොහොම ස්තූතියි අදහස් පළ කෙරුවාට.

Post a Comment

newer post older post