
දවස දෙදවස හොරෙන්
ගෙවී යයි ජීවිතේ
පිරෙයි
හිස් තැන් බොහොම
පැණ වැළකි ජීවිතය
විසඳගනු වස් බොහොම
නුඹද මා වෙහෙසූව
සිනහ අපමණක් දැක
කඳුලු කප්පරක් දැක
නමුදු නොසැලී හිටිය
හැටි අරුම බොහෝ පැණ
පන්හිඳක් දී මෙවත
නුඹ පිටව ගිය පසුද
පුරවන්න නොහැකි විය
එකදු හිස් තැනක් මට
සබන් පෙණ බුබුලු වන්
කවි ලියා ඒ මතින්
වසාලනු නොහැකි වග
දනිමි හිස්තැන් කිසිත්
දවස දෙදවස හොරෙන්
ගෙවී යයි මතකයක
තබා හිස් තැන් බොහොම
බියයි මට
අමතකව යාවි යයි
නුඹ මුහුණ
-Raven-
6 අදහස්:
ලස්සනයි, ගොඩා......ක්.
ලස්සන අදහස දිගටම ලියන්න සුභ පතනවා
ජීවිතේ ඇතිවන සමහර හිස්තැන් පුරවන්න අමාරැයි තමයි.
ලස්සනට ලියලා තියනවා.
පිස්සා- ස්තූතියි මචන්. ගොඩා...ක්.
කාන්චනා- ස්තූතියි සුබපැතුමට
හෙලයා- ඇත්ත මචන්. ස්තූතියි.
ලස්සන අදහසනියමය් .දිගටම ලියන්න
baya wenna epaa,
ehema amathaka wena ekak naha
ee moona
Post a Comment