හදවතේ බොරු ඇස වැසී
සංවේදනාවෝ ඇහැ අරී
ගල් ලෙනේ මිනිසා
අත වනයි ඈතින්
සියක් වසරක සලු උනා
මෑතින්හිඳිමි මම
ඇගේ සුසුමක් දැනෙන මානෙක
සැහැල්ලුව ළය මතට ගෙන
වළ දමාලා ඊයේද අද හෙට
කාලයද අවකාශයද
අමතකව ගිය සිදුරක
අප දෙදෙන
මරණීය වූ හුදෙකලාවෙක
අතීතේ නැංගුරම් ලා නැති
අද උපන් දරුවන් ලෙසින්
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
ඇත්තටම මට මේක තේරෙන්නෙනෑ.....
තනිවීමක් ඇතුලෙ හැම දේකින්ම නිදහස්වීමේ හැඟීමක් ගැනයි කියන්න උත්සාහ කලේ.
Post a Comment