මතක ඇස් කෝටියක
දැවටි දැවටී
රැයක් අලු කලා නුඹ
සීතලක් වත් නොදී
පහන් සිල මත වැදී ගිය සිතුම
මැකී බොඳවී ගියා
පත් ඉරුව නොතෙමාම
මතක අඳුරේ ගුලිව ඉන්න ඉඩ නොතබාම
නුඹ ඇවිත් අවුස්සා හිතද ගත නොඅසාම
තරු ඇසක කාන්තිය
නිවී යන ඇසිල්ලක
අඩ අඳුරෙ ඉඳන් කවි
ලියන්නට හිතමි මම
එහෙත් කවදා එයිද
එවන් ඉසිඹුවක් මට?
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
අර්ථාන්විතයි..
හොදයි...
Post a Comment