නේරන්ජනා
ගං තීරයේ
ඈ උන්නා
සඳක් සේ
දාවලේ
ලිඟු වලින්
වයසින්
තරාතිරමෙන්
නැතිව වෙනසක්
දහක් උන්
පෙළ ගැසී
ඈ හා
රමණයට
පෝලිමේ
ඒ අතක්
මේ අතක්
නොමදැන
මා
අයාලේ
දෙගිඩියාවේ
මුලක් මැද හෝ අගක්
නොපෙනෙන
මිනිස් ගඟ
කළතවයි
නේරංජනාවේ රළ
අප්රියයි මට
ඈ සමග
යළි යළිදු නිදිවැද
පෝලිමේ
හිඳිනතර
මහලුව
මියෙනු මිස
වේද එතෙරක්
මෙයින් එපිටක
අඩු මිලට
ජීවිතය විකුණා
කුමන ඵල?
හැරදමාලා
මේ අමන පෝලිම
නේරංජනා රළ
රැගෙන තුරුළට
උඩුගං බලා
පිහිනා
මිදෙනු මිස
එහෙත් තවමත්
බියයි මම
කැට මුගුර පහරට
හූ හඬට
Subscribe to:
Post Comments (Atom)
3 අදහස්:
ටිකක් තේරුණා වගේ.
මට නිකං සාංකාවක් වගේ හැඟීමක් ඇතිවුනා ඒක කියවපුහම.... දුකකුත් නෙමේ, පාලුවකුත් නෙමේ.... ටිකක් මටම තේරුම් ගන්න අමාරු සංකීර්ණ මනෝභාවයකට ඔබ මාව ඇදල දැම්මා...
රන්දිල්- සතුටුයි ඒ ගැන. :)
තිස්ස- ස්තූතියි අයියගෙ කමෙන්ටුවට.
Post a Comment