සියල්ලම අහිමිවීමක්
නොවෙයි ඒ
හැමවිටම අදට පසු
හෙටක් ඇති තාක්කල්....
මාර්ග සංඥා
එළි නොමැති
අධිවේග මාවතේ
තෙමි තෙමී
සොයාගෙන,
නැවතුනාම අපි
අමාරුවෙන්
වැස්සක සිරි සිරියෙන් තෙතබරි වුන
කහ ඉරක අස
තෙමෙන්නට බැරි වැස්සක් නොවුනත්
නුඹ දිග ඇර ගත්තා කුඩය
ඉවෙන් මෙන්
මුල් වතාවට
අපිට ඉහලින්
බැල්මක දෙකක
හුවමාරුවක්,
කවදත්
අපි අතර තිබුණා
එකඟතාවයක්
යා යුතුය
එතෙරට
කඩිනම් ගමනක්
චුරු චුරුය වැස්ස
සුනංගුය මසිත
මා දෙපා කඩිනම්ය
අත්හැරිය යුතුය
කුඩය යුහුසුලුව
එතෙරක..
සියල්ලම අහිමිවීමක්
නොවෙයි මේ
හැමවිටම අදට පසු
හෙටක් ඇති තාක්කල්....
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
හිමි දෙයට වඩා අහිමි වු දේ වැඩියි කියා මට සිතෙයි... කවදාවත් අමතක කරන්න බැරි කදුල නම් හැමදාම ළග හිදීවි..
කවිය අනර්ගයි...
ස්තූතියි මිත්‍රයා.
Post a Comment