හිස් පිටුවක කවිය

ලිවුවේ Raven On 2:59 PM

















රූල් නැති

සුදුම සුදු හිස් පිටුව දිහා මම බලාගෙන

ලියන්නට කොයිතරම් දේ හොයාගත හැකිද

සිතමින්ම


යතුරුපුවරුවේ ඇගිලි දිවෙවුවා මිසක

කිසිදාක කොළ කැබැල්ලක හෝ ‍පොතක

කුරුටු ගා නොමැති මට

තවම එය රහසක්ය.


ඉරී යන සේ පිටුවෙ සුදු පපුව

සිතට එන දේ කුරුටු ගෑ යුතුද?

නොනැවතී

වැරදි තැන් කප කපා යලි ලිවිය හැක එවිට.


එසේ නැතිනම් සබ


ශ්වේත ඉඩ නොකෙලසා

මවාගත් සිහිනයක නැවතිලා

අවිස්වාසයන් දෙන

අරුත් මතකයෙන් සි දමා අවසන්ව

එහි ලියන්නද?


සුපිරිසිදු පිටක් මත ලස්සනට.

ලිවිය හැකි වෙයි එවිට.

කියවන්න ප්‍රිය හිතෙන.




5 Responses to 'හිස් පිටුවක කවිය'

  1. hare :-) said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post.html?showComment=1297264434675#c6920728771238526637'> February 9, 2011 8:43 PM

    කෙසේ ලීවත් අවසන
    සුදු පපුව හෑරෙයි
    ඔබේ සිතිවිල්ලෙන්
    ඉතිං...
    පපුව ගැන
    මැසිවිලි නැති පොතක
    කෙසේ ලීවාම මොකෝ එය...

    ---------
    සිරාවට උඹ කොලවල ලියන්නෙම නෑ කියල මතක් වුණා.... :-)
    දැන් දැන් මමත් මොනිටරේටම හුරු වෙම්න්...

     

  2. http://sihinasewanali.blogspot.com/2011/02/blog-post.html?showComment=1297305202676#c8822845839014844830'> February 10, 2011 8:03 AM

    කොල නැති පිටු
    තෙතක් නැති අකුරු
    හැඩ ගනී දවන තිරමත
    දුවන ඇඟිලි සිත ලියන
    මුසු වේ නම් කෝකිල හඬ
    ගී මිහිරක් මතුවෙනු ඇත

    (හෙට දිනට සෙවන දියයුතු තවත් ගසක් නොවට්ටා...)

     

  3. ``` Outsider``` said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post.html?showComment=1297309193320#c7784286014042241934'> February 10, 2011 9:09 AM

    සුදු කොළය නොකෙලසා එය කරන්න හැක එවිට. එහෙත් මතකය තුළ අරුත් පිරිසිදුව පිරිසිඳින්නට යන විට කඩදාසියට සිදු නොවුණු දේ මතකයට නැත්නම් හිතට සිදු නොවෙයිද?

     

  4. http://sihinasewanali.blogspot.com/2011/02/blog-post.html?showComment=1297331961349#c4688623945798749107'> February 10, 2011 3:29 PM

    ෂික් කියාගන්න බෑ බෑ වගෙයි! මට නම් කවිය හොඳයි. සමහරවිට වෙනදා තරම් නෑත් වගෙයි. අනේමන්දා බං. හිතුනොත් ආපහු ඇවිත් කියලා යන්නම්!

     

  5. Raven said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post.html?showComment=1297394415922#c6621296939265749028'> February 11, 2011 8:50 AM

    ස්තූතියි මිතුරු අදහස් වලට.

    පොතක් ගෙනාවා හිතට එන අදහසක් දෙකක් සටහන් කරන්න හිතාගෙන. ඒකෙ ලියන්න උත්සාහයක් ගනිද්දි ආපු සිතුවිලි ටිකක් තමයි මේ විදිහට පිටකලේ.

    සිතින් මකාදමමින් ලියද්දී සිතටත් ඒ දෙය වෙනවා තමයි. නමුත් අකුරු වලට පෙරලෙද්දි පිටුව මත ඒ සාක්ෂි ඉතුරු වෙන්නෙ නෑ. සිතුවිලි වලිනුත් කාලයත් එක්ක ඈත්ව යයි වාරණයට ලක් උන වචන.
    මේක අදහසක් විතරයි. ඒ ක්‍රමයේ මම හොඳක් දකිනව නෙමෙයි.ලියන්නාගෙ පැත්තෙන් බැලුවහම වඩාත් වැඩදායී ක්‍රමය තමයි පිටුව මතම කප කප ලියන එක.

    කොහොම උනත් තාම පොත හිස්. :)

     

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...