හදවතක් ගැන කතාවක්

ලිවුවේ Raven On 9:22 PM



නන්තවූද අන්ධකාරය රජයන්නා වූද හිස් අවකාශයක් තුළ සදාකාලයක් දක්වා ඇසී යන්නා සේ හැඟුණු දුරකථනයේ ඒකාකාරී නින්නාදයට තිත තැබිණි.


"හෙලෝ..."


ඈ එහා අන්තයෙන් සම්බන්ධ වී ඇත.



අද අපේ ප්‍රේම සම්බන්ධය බිඳී හරියටම අවුරුද්දක් ගතවූ දවසය.


එමෙන්ම දෙවැනි වරටත් ඇගේ හදවත හිමිකරගැනීමට මා වාසනාව ලද දවසය.


හදවතක් හිමිකරගැනීම වාසනාවක් යැයි දැන් මොහොතකට කළින් මා අතින් කියවුනේ හුදෙක් එය කට වහරේ එන කියමනක් නිසාවෙන් පමණකැයි මම ඔබට කියමි. ජීවිතයේ මෙතුවක් මා ‍වඩාත්ම පෙම් කළ කාන්තාව ඈය. එවන් හදවතක් හිමිවීම වාසනාවක් ලෙස මට සැලකිය නොහැකි වීමේ හේතුව මා ඇගෙන්ම දැනගත යුතුව ඇති නිසා දැනට වාසනාව යන්න හුදෙක් ශබ්දයකට, වදනකට පමණක් සීමා කරමි.


එහෙනම් ඒ කතාව බොරු ආ?

මම ඇයව අමතමි. වසරකට පසු පළමු වතාවට.


මොකක්ද?

ඈ කිසිවක් නොදන්නා සේය.


හදවතේ හිලක් කියල කියපු එක


නෑ. ඒක ඇත්ත.


එහෙම මොකුත් තිබ්බෙ නෑ


ඔයාට ඒක ලැබුණද?


ඔව්. "


සතුටුද?


දන්නෙ නෑ.


අම්ම එනව මං තියන්නම්.....


පොඩ්ඩක් ඉන්න....


බායි...


ඈ දුරකථනය විසන්ධි කරයි. ඒ සමගම දුරකථනය නින්නාද දුන් අන්ධකාර හිස් අවකාශය අතීත රැහැන්පට දිගේ ඇදී විත් මගේ හදවතේ තැන්පත් වේ.


සමහරවිට ඈ නැවත මාව අමතාවි......




පළමු වර මා ඇගේ හදවත හිමි කරගත්තේ නිරන්තරයෙන් කළ ඉල්ලීම්, ආයාචනා, උසුලු විසුලු සහ ඇඬුම් වැළපුම් මැදිනි. දෙවැනි වර ඒ කිසිත් නැතිව, නොඉල්ලාම මට ඇගේ හදවත හිමි වී ඇත.


ප්‍රාර්ථනා...ප්‍රාර්ථනා.....


අද පාන්දර මම ඇගේ නම අමතමින් හීනෙන් දිව ගියෙමි...හීනෙකින් හීනෙකට පය තබමින්. විවිධ කාල පරාස ඔස්සේ ඉදිරියට සහ ආපස්සට කළ පිළිවෙලක් නැති දිවීම් වලින් අනතුරුව මට අවසනදී මට ඈ හමුවිය.


සරසවි බිමේ කෙළවරක..වසර දෙකකට පෙර දවසක ඈ උන් ආකාරයටම.


ඈ බංකු කෙළවරක වාඩිවී උන්නාය. මම ඈ ළගින් නැවතී දණහිස් මතට අත් වාරු කරගනිමින් හති ඇරීමට පටන් ගත්තෙමි.


නිසල්...මගෙ හෘදය වස්තුවෙ හිලක්.

ඈ පැවසීය..මට හති ඇරීමටවත් ඉඩක් නොතබමින්.


මොකක්?

හීනය එතැනින් බිඳුනි.


ලබ් ඩබ් ලබ් ඩබ්....


වෙනත් අවකාශයක වෙනත් පරිසරයක මම නැවත දුවමින් පසුවූයෙමි..මෙවර සතර දිසාවටම.


සතුරු බලමුලු පහර දෙනු ඇත.... උන් ඇතුලු වනු ඇත....

භූමියේ සතර කොන් ආරක්ෂා කරගත යුතුය....

මෙපමණයි මට පොළොවකට තියෙන්නෙ පයගහල ඉන්න....


මම දුවමි..ඇගේ හදවත මතුපිට ඉහලටත් පහලටත්... ලේ කඩිති උඩින් පණිමින්. ලබ් ඩබ් හඬින් ගැස්සීමෙන් කම්පනය වෙමින්..රත්පැහැ හදවත් භූමිය සිපගත් අන්ධකාර ක්ෂිතිජ මායිම් දිහාවට....


මගේ පය ලිස්සයි...මා ඇදවැටෙයි නොනවත්වාම...කලු කුහරයකට...ඇගේ හදවතේ සිදුරෙන් පිටතට...


මම හීනෙන් අවදිව ඇත....ඇඳ පාමුල පාර්සලයක්..රන්වන් දවටන කඩදාසියකින් ඔතා මගේ නම ලියා ඇති පාර්සලයක්..


මම වහා වහා පාර්සලය ඉරා බලමි....


හදවතක්?


ලියමනකුත් එක්ක...



නිසල්ට,

මගේ හදවත් සැත්කම කලා. මාව මතක් වෙන්නටත් එක්කල ඔයා හැමදාම ඉල්ලපු මගේ පරණ හදවත ඔයාට එවන්න මට හිතුනා.

මීට ප්‍රාර්ථනා.



මම වහාම හදවත පිරික්සමි. ඒ මේ අත හරවමින්. දෙවැනි වරටත් මා හට හිමිවූ ඇගේ හදවත පිරික්සමි. අපමණක් ප්‍රේමයෙන් මා පුරවාගෙන හිඳින්නේයැයි කී හදවත මේය. දිවා රූ තිස්සේ මා සැරිසරන්නේය කියූ හදවත මේය. මගේ සිතුවිලි විසිර යයි...


කෝ සිදුර?


මම ඇගේ හදවත තුළ තිබෙන්නා කියූ සිදුර සෙවුවෙමි...එය මට සමු නොවිණි....



බීප් බීප්......


දුරකථනයේ නින්නාදයෙන් මගේ සිතුවිලි දැහැන බිඳේ...


ඈ වේවායි ප්‍රාර්ථනාවෙන් මම දුරකථනය ඔසවමි.


හෙලෝ...


නිසල්...


ඔව් කතා කරන්න...


සිදුර ගැන ප්‍රශ්නයක් අහපු නිසා මම උත්තරේ දෙන්නයි මේ ගත්තෙ. එක අතකට දැන් ඇත්ත දැනගත්තා කියල අපිට ප්‍රශ්නෙකුත් නැහැනෙ.


මොකද්ද ඇත්ත?...බොරු නේද කිවුවෙ හදවතේ හිලක් කියල ඒ දවස් වල

මම කෝපයෙන් අසමි.


නෑ. මම කිවුවෙ ඇත්ත...

ඈ පිළිවදන් දෙයි.


සිදුරක් තිබ්බා ඒ වෙද්දි...ඔයාගෙ හැඩයෙන් කැඩිල හැදෙමින් පැවතුණ එකක්.....

ආපහු මට කතා කරන්න එපා


ඈ දුරකථනය විසන්ධි කරයි.


අන්ධකාර හිස් අවකාශය දුරකථන රැහැන් දවමින් මා කරා ඇදී එනු මට දැනේ.....



12 Responses to 'හදවතක් ගැන කතාවක්'

  1. http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292006399084#c1226487302165767173'> December 11, 2010 12:09 AM

    මට හැබැයි එච්ච‍රම මීටර් උනේ නෑ කතාවේ අර්තෙ...

     

  2. ``` Outsider``` said...
    http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292038392179#c6257583103789497021'> December 11, 2010 9:03 AM

    හදවතක් සදාතනිකව හිමි කර ගත හැකිද කියන එකනම් මහත් ගැටඵවක්. එය එසේ විය නොහැකියි මටනම් සිතේ.

    අදත් අපූරු සටහනක්... නියමයි...

     

  3. mahima said...
    http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292039208818#c3995804664149219744'> December 11, 2010 9:16 AM

    matath hariyata meeter nee ne

     

  4. පබලු said...
    http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292042043234#c7571829459564013496'> December 11, 2010 10:04 AM

    නොගැලපෙන සිතුවිලි එක්ක දුර ගමනක් යන්න හිතපු මනුස්සයෙක්..
    නොගැලපීම තේරුම් අරගෙන වෙන් වෙන්න තීරනය කල ගැහැණියක්..
    මට තේරුනේ එහෙමයි...

     

  5. http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292047014466#c227132746164456918'> December 11, 2010 11:26 AM

    නියමම නියමයි! උඹට අමුතු කතාවට සෙට් වෙන්න පුලුවන්ද?

     

  6. Raven said...
    http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292055696822#c7720083574893369097'> December 11, 2010 1:51 PM

    අනුරාධ,mahima- ‍එක් අර්ථයක් කියල දෙයක් නම් හමුවේවිද කියලා සැකයි. නමුත් ප්‍රේමය සහ ප්‍රේමය විෂයේ නිතර කතාබහට ලක්වෙන හදවත කියන දේ සම්බන්ධව කෙනෙකුගේ හිතේ ඇතිවන සිතුවිලි දාමයක් එක්ක මතුවන අදහස් කීපයක් විඳින්න පුලුවන් වෙයි.

    outsider- මගේත් අදහස නම් එයයමමැයි. හදවත සහ ප්‍රේමය අතර තියන සම්බන්ධතාවයද මට මහත් ගැටලුවක්. බොහොම ස්තූතියි මිත්‍රයා.

    පබලු- දුර ගමනක් යන්න හිතපු සහ ඒ සිතුවිලි එක්ක සටන් කරමින් දුර ගමනක් ආපු මනුස්සයෙක්. එක්තරා ආකාරයකට සත්‍යය දකින්නට අකමැති උන කෙනෙක්.
    ස්තූතියි අදහස් දැක්වීමට.

    මුචලින්ද- ස්තූතියි මචන්.
    ලියන්න ට්‍රයි එකක් දෙන්න පුලුවන්. එතන කමෙන්ට් එකක් දාල කියන්න ඕනෙද? පොඩ්ඩක් මාව දැනුවත් කරපන්.

     

  7. http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292134642981#c8855598211458923299'> December 12, 2010 11:47 AM

    රචනය උපරිමයි මල්ලී. පොඩි සටහනක් එක් කරන්න අවසර.

    වතුර පුරවන ටැංකියක කාන්දුව නවතන්න මොනවා හරි ක්‍රමයකින් හිරකරනවා. ඒ වතුර පුරවා තබා ගැනීමේ අවශ්‍යතාවය නිසා.

    හදවතේ ඇති සිදුරේ පරිමාණයටම එය වසාගන්න සමත් සජීවි යමක් ඇත්නම් එය ඉවත් නොකරම ස්ථානගත කරගැනීම කාන්දුවටත් ගැහෙන රිද්මය දැනෙන සජීවි වස්තුව යන දෙකටමත් යහපත් නේද? ලොව බොහෝ දේවල් ස්ථීර නැහැ. ඒවා අතරින් ද බොහෝ දේවල් අළුත් කරගෙන (renew), නැවුම් කරගෙන (refresh) වැඩිකාලයක් පවත්වාගෙන යන්න පුලුවන්. සෙනෙස හා සහජීවනය ඉන් ප්‍රධාන දෙකක්, ජීවිතය ජවයක් ඇතිව දුවවන.

     

  8. Raven said...
    http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292387904179#c728978205355606196'> December 15, 2010 10:08 AM

    @ගල්මල් අයියා-

    කියලා වැඩක් නැහැ අයියගේ මේ උදාහරණයත් එක්ක කරල තියන විස්තරය. ඇත්ත. ඒක තමයි වෙන්නෙ සහ විය යුත්තේ. වෙනස්වීම් වලට සාර්ථකව හැඩගැසීම තුළ තමයි පැවැත්මේ සාර්ථකභාවය තීරණය වෙන්නෙ.

    බොහොමත්ම ස්තූතියි.

     

  9. http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292668551714#c3594085820039666373'> December 18, 2010 4:05 PM

    හරිමම ලස්සන හිතට වැදෙන කතාවක් !!
    මම හිතන්නෙ මට තෙරුණා හරියට; ඔයා ලියලා තියන දේ !!

     

  10. Raven said...
    http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1292735289313#c9165533509183661322'> December 19, 2010 10:38 AM

    කතාව තේරුණානම්, රස වින්දා නම් සතුටක්.
    බොහොම ස්තූතියි ස්වප්නා.

     

  11. http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1293171853328#c3179177243844829250'> December 24, 2010 11:54 AM

    අපි හැමතිස්සෙම අලෝකයේ ගමන්කෙරුවට අපේ සිතුවිලි අන්ධකාරයේ...අපිට ලොකය වෙනස් කරන්න බැහැනේ..ඒ නිසා අපි වෙනස් විම වැදගත්.නමුත් අපි හැම මොහොතේම සතුටින් ඉන්න උත්සහ කරනවානම් හොදයි කියලා හිතෙනවා...මේ කතාව ගැන...ඇත්තටම අයියේ ලස්සන වගේම දුක හිතෙන කතාවක් .ඡිවිතේ හැටි කියන්න අමාරු..එහෙම නේද??

     

  12. Raven said...
    http://sihinasewanali.blogspot.com/2010/12/blog-post_10.html?showComment=1293204096573#c3123267615248387098'> December 24, 2010 8:51 PM

    අනිවාර්යයෙන්ම මල්ලී.
    බොහොම ස්තූතියි ඔබට මේ අඩවියට ගොඩවැදුනට.

     

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...