
ගිනි පුපුර ඇස ඇරී
එළි කලේ සිහිනෙකී
නැත ඒ අනන්තෙකී
සිහිනයෙන් සිහිනෙට එතී
පෙම් කඳුළැලී සිව්නෙත පිරී
අප ආ සැටී
අතැඟිලි බැඳී
පියවර නැඟී
කඳු හෙල් මතින්
අප ආ සැටී
හිරු රැස් නැඟී
දහවල දිලී
තරු මල් පිපී
සඳවත පිරී
මන් මත් වෙවී
දින සති ගෙවී
අප ආ සැටී
අභිසෙස් ලැබී
දිවි සුසර වී
ගී තනු නැඟී
හද පිරි තිරී
අප ආ සැටී
මතකෙට නැඟී
නෙත් තෙත් වෙවී
මුව මත සරයි
පෙම් හසරැලී
23 අදහස්:
mmm..nice to see u back with a nice poem nangi..
සෑහෙන්න කාලෙකින් නෙ... සතුටුයි ලස්සන පද ටිකකුත් එක්ක ආපහු ආව එකට
කාලෙකට පස්සෙ විෂ්මි ඇවිත් ලස්සනම ලස්සන පද ටිකකුත් අරගෙන....
ජීවිතේ දිනාගත්තම දැනෙන සතුට නේද මේ ඔයාලා විඳින්නේ...
අපේ සුබ පැතුම් හැමදාම ඔය දෙන්නගෙ ජීවිතේ එක්ක රැඳේවි.....
කොහෙද අප්පේ ගොහින් හිටියේ . . .උඹලා දෙන්නා ගැන . .. තිස්ස අයියගෙන් විස්තර දැනගෙන උන්නු හින්ඳා බයක් හැකක් නැතුව හිටියා
අනේ අම්මේ ඇති යාන්තම්.
ඇත්තම ඇත්තයි අද තිස්ස අයියාට මේල් එකක් දාලා අහන්න හිටියේ ඇත්තටම මේ දෙන්නා නැත්තේ වෙඩින් එක නිසාමද කියලා. ඇයි දෙයියනේ ඔය දෙන්නා මෙච්චර කාලයක් බ්ලොග් එකෙන් ඈත් වෙලා ඉන්නවා කියලා හිතන්නේ කොහොමද?
ඇති යාන්තම් ආවට පස්සේ.....!!!
ඉතිං කොහොමද ලමයි සැපදුක්..?
'දින සති ගෙවී
අප ආ සැටී'....
'මතකෙට නැඟී
නෙත් තෙත් වෙවී
මුව මත සරයි
පෙම් හසරැලී'...
ලස්සනයි...!!!
කාලෙකට පස්සෙ දැක්කෙ ලස්සන වචන ටිකකුත් එක්ක.
@චේජනා අක්ක.... thanx akke... it's nice to be back with you all..
@පසන්.... ස්තූතියි පසන් ... කාලෙකින් තමා ඉඩක් ලැබුනේ...
@දිල් අක්කා.... ස්තූතියි අක්කේ සුබපැතුමට.... හිත පිරිල යන්න දැනෙන සතුට අකුරු කරන්න වුනේ කාලෙකින්....
@දුකා අයියා.... විවේකයක් ගත්තා අයියේ... මංගල්ලෙ ළඟයිනෙ :) ... තිස්ස අයියා නෑගම් ඇවිත් ගියා අපේ දිහා... දැන්නම් හොයාගන්නත් නෑ යෝගි අයියා එක්ක රට වටේ යනවලු..... හි හි
@රන්දිල් අක්කා.... කාලෙකට නොලියම ඉන්නයි හිතුවේ අක්කේ...... මේකත් අහම්ඹෙන් ලියවුනේ... ස්තූතියි අපි ගැන හොයල බලනවට....
@නිමන්ති අක්කා..... ස්තූතියි අක්කේ.... සොඳුරු කවිකාරිගේ කවි බලන්න එන්නත් බැරි වුනා...... :)
@ රවා..... ස්තූතියි රවා..... ආයේ කාලෙකට එන්න වෙන එකක් නෑ කොහොමත්...... :)
කාලෙකට පසුව... ලස්සන පදපෙලක් අරගෙන ආ සැටි අගේය...
සියළු සිතුම් පැතුම් ලස්සනට ඉටුවෙන්න අපෙන් සුභ පැතුම්!
ඉස්සෙල්ලම කියන්න ඕන කවි පද ටික ලස්සනයි.
මම හිතුවෙ නිවාඩුව අහවර වෙලා තමයි මේ ඇවිත් ඉන්නෙ කියල. ඒත් ඒක එහෙම නෙවෙයිලු නේ. එහෙනම් වෙඩින් එකේ වැඩ කටයුතු ටිකත් හොඳට කරගන ආයෙත් එන්නකො.
මයේ අප්පෝ.... දැක්ක කල්. දෙන්න එක්ක බරටම මංගල්ලෙට වැඩ වගේ. හොඳා හොඳා. ඒවත් ඉතින් කෙරෙන්න එපෑයැ නේද. දෙන්නට දැන් කවි පදයක්වත් ලියාගන්න වෙලාවක් නැති හැඩැයි. මොකො තනියෙන් ආවේ කෝ අපේ රේවන් කොළුවා. පුලු පුලුවන් වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්න එන්නකො. අපි ඔන්න මග බලාගෙන ඉන්නේ.
ගොඩක් කාලෙකින් ඇවිල්ල තියෙන්නෙ. ආයෙ කාලෙකට එන්න වෙන්නෙත් නෑලු. කමක් නෑ. ඔයාලට මගේ සුබ පැතුම් !
සුභ පැතුම්
සුභ පැතුම්
සුභම සුභ අනාගතයක් වේවා!
නියමයි ! කාලෙකින් නෙ...දැන් දිගටම ලියමු ඉතින්
ලස්සන වචන ටික... සුන්දරයි!!! ඔන්න මගෙනුත් දෙන්නටම හද පිරි සුබපැතුම් !!! ඉක්මනින් ආයෙත් බ්ලොග් එකේ දකින්න බලාගෙන ඉන්නව.... ජය..
ඇත්තටම ලස්සනයි..!
සුපිරි..!
දෙන්නටම සුබ පැතුම්...
ලස්සනයි...
ඇයි වදේ මේ පැත්තේ එන්නේ නැත්තේ? ඔහොම ඉන්න එපා. නිකම් මොකද්ද වගේ. ඔය දෙන්නා මේ පැත්තේ නෑවිත් ඉන්නවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි. ඉස්සර වැඩිය කට්ටිය එන්නේ නැති කාලේ හැමදාම වගේ ලිපි දැම්මා නේද? දැන් බොහෝ දෙනෙක් ඔය දෙන්නාව කියවන්න බලාගෙන ඉද්දි ඔහොම ඉන්න හොඳයිද මං අහන්නේ? ඉක්මනටම එන්න. බුදු සරණයි.
අපූරුම අපූරු පද පෙළක් නංගී...
මාත් මේ ආවේ ගොඩ කාලෙකින්...
කාර්යබහුල වුණාම බ්ලොග් එක අමතක වෙන එක අහන්න දෙයක් නෑ..
මටත් වෙල තියෙන්නෙ ඒකම තමා..
ඒත් නොලිය ඉන්න එපා.. ඔයාලගෙ නිර්මාණ රසවිඳින්න හුඟදෙනෙක් බලන් ඉන්න බව නොරහසක්නෙ..
කොහොමද Raven එහෙම සනීපෙන්ද ?
මමත් උඹලට සුබ පතනව මුළු හිතින්ම!
lassana adahasak..
මොකද බං උඹල දෙන්න සද්දයක් නැත්තේ?
ඉන්න තැනකින් ඉක්මනට ඇවිල්ල අපිට රසවිඳින්න දෙයක් දාපල්ලකො...
හෙටින් එළඹෙන නව ජීවිතය සර්වප්රකාරයෙන්ම සාර්ථක වේවා.....
Post a Comment