About

Related Posts Plugin for WordPress, Blogger...

තරු අයිති අතීතෙට



10 අදහස්




බාගෙට නිමවුන හීනයක්...හීන බාගයක්...



ඊෂ ආලින්දයේ කෙටි බැම්මට හේත්තුවී අහස දෙස බලාගෙන ඉඳිද්දී මම හොරෙන්ම පසුපසින් ඇවිත් ඈට කිට්ටු කලා.

මොනවද හොයන්නෙ? මහ වලහවද?
 මම ඇහුව රහසින්

මේ තරු දිහා බලන් ඉද්දි නොදැනීම මගේ ඇස් වලට කඳුලු එනවා………… තරු අයිති අතීතෙට
ඈ කීවෙ මගේ මූණවත් නොබලා

මට සුසුමක් හෙලුන.
හීනෙන්..

******************





මම උදේ ඇහැ ඇරියෙ හිත පුරාම පැතිරිච්ච මුස්පේන්තු ගතියකුත් ගත පුරා දුවන වේදනාවකුත් සමග.

මම ඇඳෙන් බහිද්දි පිටේ ඇලිල තිබ්බ පත්තර පිටුවක් ඇඳ උඩට පාවෙලා වැටුන. පොඩි වෙච්ච පත්තර පිටුව දෑතින්ම ඇහිඳගෙන මම ගියා කුස්සිය දිහාවට.

ඊෂ තේ හදමින් පස්ස හැරී බැලුව.

ඊයෙ මම ඇඳට එද්ද ඔයාට හොඳටම නින්ද ගිහින්. පත්තරෙත් ඇඟට යටවෙලා.  හිහි..

මම පත්තර පිටුව කුස්සියෙ පෝරණුව උඩ තියල දිග ඇරියා.

මේ බලන්න

මොකක්ද?
බාගෙට සම්පූර්ණ හීනයක්

මම පත්තර පිටුව මත ඇඟිල්ල තබල ඈට දැක්වුවා.

මීගොඩට නුදුරින්...පිහිටි අඩක් සම්පූර්ණ කල නිවස සමග ඉඩම..වහාම මුදල් හදිස්සියකට විකිණීමට..

අප අතර මොහොතක නිශ්ශබ්දතාවයක් පැතිරුණා.

ඒත් අනේ...
ඇගේ වතින් පිළිඹිඹු උනේ ප්‍රශ්නාර්ථයක්

ඒත් මේත් කියල බෑනෙ හැමදාම අනුන්ගෙ ගෙවල් වල ලැගල ඉන්න.

ඒත් ඉතින් මෙච්චරවත් අපි ගාව නෑනෙ

හ්ම්..
හ්ම්..

ආ මේ තේක බීල ඉන්න
ඈ මාවෙත තේ කෝප්පය පෑව.

මම නම් ආස කලේ අපි දෙන්න එකතු වෙලා... ටිකෙන් ටික මුල ඉදන් හිමීට....
මගේ ඇස් නැවත දැන්වීම වෙත ඇලෙන්නටත් ඊෂ ගේ වදන් ක්‍රමයෙන් මා සවනින් ඈත්ව යන්නටත් පටන්අරගෙන....

සිල්ව අංකල්ව හම්බු වෙන්න යන්න ඕනෙ.

විසිවෙනි වතාවටත් දැන්වීම කියෙවුවට පස්සෙ මම හිතා ගත්ත.

******************





සුරේ තමුසෙ දන්නවද?
වීරපාන නොදැල්වූ සිගරැට්ටුවක් මගෙ මුහුණ ඉස්සරහින් වනනව.

මේ සිගරැට් එක නොබී ඉන්න ඉන්න මේක ගැන මගෙ ආසාව එන්න වැඩි වෙනව.

හෑහ්හෑහ්...

පදමට වැදිල ඉන්න සිල්ව අංකල් හිනාවෙද්දි මිනිහගෙ ඉදිමුණ දෙකම්මුලේ රත මිරිකිලා එළියට පණින ගානයි.

ඒත් ඉතින් කොයි වෙලාවෙ හරි මේක පත්තු කරගත්ත වෙලේ ඉඳල ඒ ආසාව මියැදෙන්න පටන් ගන්නව. එතන සතුටක්ද දුකක්ද මොකුත් නොතේරෙන තනිකරම අවුලක් විතරයි. අවුල්ම අවුල් ජාලයක් ඕයි.

වීරපාන කතාවට නැවතුමක් තියල සිගරැට්ටුව දල්වගන්නව.

තමුසෙ තාම හීන බාගෙ සාක්කුවෙ දාගෙනද ඉන්නෙ?

සිල්ව අංකල් තව අරක්කු වඩියක් හිස් කරමින් අහනව. මිනිහ ඇස් පුංචි කර කට ඇඹුල් කරගනිමින්ම මා දෙසට දබර ඇඟිල්ලක් පාන්නේ තවම තමාගේ කතාව අවසන් නැති බව අඟවන්නට.

මේ බලනව සුරේ..

සිල්ව අංකල් නැවත කතාව අරඹන්නෙ බැරෑරුම් ස්වරයකිනුයි.
මට ඕනෙනම් පුලුවන් මේ හිස් වීදුරුව මේ ලෝකෙ තියන ඉස්තරම්ම විස්කි වලින් පුරවගන්න. ඒකෙ සුවඳ රසය විතරක් නෙමෙයි ඒකෙන් ලැබෙන කික් එක උනත් ලබා ගන්න.

ආයෙත් අහන්න දෙයක්යැ ඉතින් ලක්ෂ ගණන් පොලී ගන්නකොට
වීරපාන කතාව මැද්දට පණිනව.

ඒ කිසි බම්බුවකින් නෙමෙයි අයිෂෙ

එහෙනම්?

හිතින් හිතින්..
මේ ඔක්කොම මායාවල් අයිසෙ. මේ ඔක්කොම මවාපෑම්. හිතේ තමයි හැමදේම..හිත තමයි හැමදේම...
හෑහ් හෑහ් හෑහ්....

එහෙනම් සිල්ව මහත්තය මොකද මේ තැබෑරුම් ගානෙ අරක්කු වලට සල්ලි නාස්ති කරන්නෙ. හිතින් මවාගෙන බොන්නකො විස්කි බෝතල දහය පහලොවක්ම.

හහ් හහ්..

නැද්ද සුරේ?

වීරපානගෙ කතාවෙන් පස්සෙ සිල්ව අංකල්ගෙ මුහුණෙ කෝප සේයාවක් මතුවුනාදෝයි මට සැක හිතෙනව.

ඒ සැකේට මම තව වීදුරුවක් හිස් කරනව.

බාගෙට සම්පූර්ණ හීනයක් කියන්නෙ බාගෙට අසම්පූර්ණ හීනයක්.
වීරපාන හිස් වීදුරුවට ඇස් යොමාගෙන තමාටම මුමුණගන්නව.

මගේ ඇස් බරවෙන්නත් දෙකන් රත්වෙන්නටත් පටන් අරගෙන....

සිල්ව අංකල් මේකයි මට...
සිල්ව ලොක්ක අතක් වනල මගේ කතාව නවත්වනව.

දැන් බලනව සුරේ... මම තාම නාන්නෙ කරන්නෙ අර එලියෙ බ්ලොක් ගලෙන් අටවගත්ත කෑල්ලෙ..

ඒකට මම ඇතුලු වෙද්දි හිතින් මවාගන්නව තනිකර සුඛෝපබෝගී නානකාමරයක්. ටයිල් බිත්ති, දිලිසෙන නානකාමර උපාංග, සනීප උණු වතුර.

ඒ ඔක්කොම හිතින් විඳිද්දි ඉබේටම ඇඟටත් ඒ සනීපය දැනෙනව.
ඔක්කොම හිතින්. හැහැක්!
හැබැයි ලේසි නෑ කාලයක් තිස්සෙ පුරුදු වෙන්න ඕනෙ මේ ක්‍රමය...සුරේ තමුසෙත් බලනව.

සිල්ව අංකල් එහෙම කියල පිපිඤ්ඤ පෙත්තක් හපන්න ගන්නව.


අළු අළු හැමතැනම අළු..
වීරපාන එක් අතකින් කලිසම මත රැදුණු අළු ගසාදානව.
අන්තිමේදි අළු විතරයි..මෙලෝ රහක් නැති අළු..

අපිත් අන්තිමේදි එක්කො අළු එක්කො පස්...

ඒ උනත් මායාවක් ඇතුලෙ ජීවත් වෙන එක සනීපයි..
උත්සාහ කරල බලනව
සිල්ව අංකල් වීරපානගෙ හඬ යටපත් කරමින් කියනව.

මම වෙලාව බලනව..දහයට දහයයි.
ඊෂ නොකා බලාගෙන ඇති.
මට සිහිවෙනව.

මහ වලහ මට දත් විලිස්සනව පේනව..ඊට යටින් ඊෂගෙ අසරණ මූණ.

මොනවද අයිෂෙ ඔය උඩ බලාගෙන කරන්නෙ?. තමුසෙට වැඩිද?
සිල්ව අහනව.

මේ තරු දිහා....

තරු වල මොනව බලන්නද?.....
හෑහ් හෑහ්....
ගන්නව තව ෂොට් එකක්
හෑහ් හෑහ් හෑ....

තරු අයිති අතීතෙට ඕයි.

සිල්වගෙ ගෝරනාඩුවට තරු පන්ති සීසීකඩ යනව.....



10 අදහස්:

ආගන්තුකයා | Stranger at: 10/19/2012 3:26 PM said...

අනේ මන්දා බං ඔය හීන වලින් අපිව ජීවත් කරවනවා.. එක හීනයක් කෙල වුනාම අපි තවත් හීනයක් දකිනවා. මම හිතන්නේ හීන බැලිල්ලත් ජීවිතේ එක කෑල්ලක්..

hare :-) at: 10/19/2012 6:19 PM said...

තරු වලින් එන එලිය ආලෝක වර්ෂ ගාණක් පරණයිනෙ හැබෑට...
අර ක්‍රමේ නං පංකාදු 5යි... අවශ්‍යතාවය සහ ආසාව අතරෙ තියෙන්නෙ කිසි වැඩකට නැති දේවල් ගොඩක්...

සෝරෝ at: 10/19/2012 6:48 PM said...

මා‍ත් නාන්න කරාමෙ ලඟට ගියාම මවාගන්න ට්‍රයි කරන්න ඕන සුපිරි බාත්‍ රූම් එකක්...

(සෑහෙන්න කාලෙකින් දකින්න ලැබුන එක සතුටුයී..)

පූසා at: 10/19/2012 6:59 PM said...

ඊෂාගේ වචන("තරු අයිති අතීතෙට") සිල්වා අංකල්ගෙනුත් ඇහෙනකොට මගේ වනචර හිතෙත් තරු විසි වුණා!
හීන බාග තියෙන එකත් හොඳයි වගේ!

Lishan Puwakovitage at: 10/19/2012 9:26 PM said...

සමහර දේවල් සමහර වෙලාවට දෙන්නෙක් ගේ කටින් උනත් එකම විදියට ඇහෙන්න පුලුවන්.., මේ එහෙම වෙලාවක්..,
නොකෙරෙන තැනට කතා කරන එවුන් ගොඩක් වැඩියි මේ ලෝකේ..,
දැනට ඔලුවට එන්නේ මෙච්චරයි..! ඉතුරුවා පස්සේ වෙලාවක නිවිහැනිහිල්ලේ කියන්නං..!

Beetle at: 10/20/2012 4:47 AM said...

@පූසා & ලිශා

මගේ අදහසනම් පරිස්සමින් කියෙව්වොත් ඒ ඊෂාගේ වචනම නෙමෙයි... ඊෂා කියනවා යැයි RAVEN හීනෙන් දකින වචනයි... :)

පූසා at: 10/20/2012 2:26 PM said...

@Beetle : හැබෑවටම! එක පුංචි වචනයක් මඟ හැරුණාම වෙන දේ! හීනේ වචන හැබෑවටම ඇහීමත් පුදුමයක් තමයි. ඒ වචන නිතර භාවිතා නොවෙන නිසා මගේ ඇහැ ඒ වචන තියෙන හැම තැනකම නැවතුනා, එක වචනයක් මිස් වුණා! :)

තාරා at: 10/20/2012 4:21 PM said...

හීන... අර කතාවට කියනව වගේම අපිව ජීවත් කරවන්නෙ හීන තමයි... අපි හීන දකිනවා, හැබෑකරගන්න දඟලනවා, හීන බිඳිල ගියාම අඬනවා... ඒත් පහුවදාටත් ආයෙමත් හීන දකිනවා...

දුකා at: 10/21/2012 6:31 PM said...

කාලෙකින් ආයේ පාරක් කරකවලා උස්සලා පොලොවේ ගහපු ලියවිල්ලක් . . . මාරයි බන් . . . උඹ කවුන්සිලින් කරන්න ගනින් . . සිරාවට

Anonymous at: 12/22/2018 11:52 AM said...

Are you associated with Binance for online trading and facing issues related to transactions? Transactions in Binance are usually a smooth ride but sometimes people have to wait and it can be annoying. Get your issues fixed by dialing Binance Toll-Free number AT-1888-764-0492 if you need to wipe out this issue. The representative at Binance Customer Service provides seamless solution to each and every problem of your and help understand step by step process easily.

Post a Comment

newer post older post