About

Related Posts Plugin for WordPress, Blogger...

මොකද මේ වැහි?



25 අදහස්

















මොකද මේ හැටි
කඩින් කඩ වැහි?
කලක් වේලාවකුත් නොකියා
හිතුමතේ ඔහෙ
ඇවිත් යන හැටි

තුරුලු කරගෙන මගක් යනකොට
අතැර ගොස් අතරමං කෙරුවා
අවුකූටයේ දැවි දැවී යනකොට
ඇද වැටී තෙතබරිත කෙරුවා

අනාවැකි බොහොමෙකට කන්දුන්
නමුත් බියසැක හිතේ ඇතුවා
වට මුලදි විඳි නැවුම් පුසුඹද
එන්න එන්නම මතක නැතුවා

මොකද මේ වැහි
එක ලෙසට නැති?

25 අදහස්:

චේජනා at: 5/03/2010 4:19 AM said...

එක ලෙසට නැති
කඩින් කඩ මේ වැහි
හිතුමතේ වැටෙයි ඔහෙ

ඒත් ඒ වැහි
'තනයි ලොවකට ජීවයක්'
ඒකයි ඒ වැහි
හිතුමතේ ඔහෙ
නැවුම් පුසුඹට
මේ මිහිකතට
ඇවිත් යන හැටි

Raven at: 5/03/2010 7:48 AM said...

චේජනා අක්කා- ස්තූතියි අක්කෙ ලස්සන පිළිතුරු කවියට. අපේ ජීවිත වල සතුටත් මේ වගේ නේද? අපිට අවැසි ආකාරයට ලැබෙන්නේ කලාතුරකින්.

ගල්මල්-Coral at: 5/03/2010 8:31 AM said...

හරියට වැස්සේ තෙමුනා වගේ දැණුනා...

ලස්සන පදපෙල, අපූරුයි මල්ලී

වැස්ස!
අපිට නම්
හරිම ලක්සරි.

දිල් at: 5/03/2010 9:55 AM said...

wow.....හරිම ලස්සනයි රේවන්

``` Outsider``` at: 5/03/2010 11:34 AM said...

පද පේලි ටික කියවද්දි කිහිප ආකාරෙකින් හිතට වැටුණ. මතුපිට අර්ථයෙන් අස්ථිර වැස්ස ගැන කියවේ.ඒත් එය ගැඹුරින් ජීවිතයේ ස්වභාවයට සම්බන්ධ වන ඉඟියක් ඇත. සතුට සැනසීම ජීවිතය ස්පර්ශ කරන්නේ අප නොසිතූ මොහොතකය. එසේම අප එය වැළඳගත් විට එය අප අතැහැර ගොසිනි.අපි තෙමෙමින් වියලෙමින් දිගු ගමනක් යමින් සිටින්නෙමු.
‍පුද්ගලිකව මමක් ගොඩක් කැමැතියි මේ පද පේළියට.

Pasan at: 5/03/2010 4:10 PM said...

වැහි නොමැති කළ
අයදියි හනික වැහි
වැහි වැටෙන කළ
කුමට මේ ලැතවැලි

මින්දද at: 5/03/2010 5:16 PM said...

ඔව් සහෝ.. අපේ ජීවිතේට සිසිල ගෙනෙන හුඟක් දේවල් අපේ ජීවිතයට එන්නේ අපි හිතන්නෙ නැති වෙලාවලට. එහෙම ඇවිල්ලා ආයෙමත් නොහිතන වෙලාවකම යන්න යනවා. එහෙම තමයි ජීවිතය...

Anonymous at: 5/03/2010 5:57 PM said...

වියලි පොළවට කඩින් කඩ වැහි
හොඳද කෙතරම් කියාලා
නොදන්නවා වගෙ අහන හැටි ඔබ
නැවුම් සුවදද විඳ විඳා
හදිසියේ වට අකල් වැස්සට
තෙමි තෙමී පෙරදා
එක කුඩේ යට ගියපු හැටි ඔබ
අමතකද ඇය හා එදා
එවන් අය නම් තාම ඇතියෙන්
මෙවන් වැසිදිය පත පතා
වැටුනු වැස්සට කුමට මේ දොස්
කියන්නේ ඇයි ඔබ මෙදා :D

මල්ලී ඔන්න මට හිතුන දේයි මේ අකල් වැස්ස ගැන.

Anonymous at: 5/03/2010 6:16 PM said...

වැස්ස කවියන්ගේ හිත් වල අපූරු ඉසව් මතුකරගන්නවා කියන්නේ ඇත්තම ඇත්තයි කියලා අයියා මේ කවියෙන් ඔප්පු කරලා....
හරිම අපූරු කවියක්......

අනුරාධ at: 5/03/2010 10:05 PM said...

Outsider කියන දේ ඇත්ත කියලා මටත් හිතුනා.

දුකා at: 5/04/2010 12:49 AM said...

හදිසියේ කඩා වැටෙන වැහි කොයි තරම් අපූරු අත්දැකීම් ජීවිතයට එකතු කරනවාද . . කුඩ යට අහඹු මුන ගැසීම් වගේ . . ..

Raven at: 5/04/2010 8:26 AM said...

ඩීන් අයියා- මෙහෙනම් ඉතින් වෙලාවකට එපා වෙන තරමටත් එනවනෙ වැස්ස.
හහ..එහෙනම් ප්‍රාර්ථනා කරනවා ඒ ලක්සරිය ළගදිම ලැබෙන්න කියල.
ස්තූතියි අයියා අදහස් දැක්වීමට.

දිල්- ස්තූතියි දිල්

Raven at: 5/04/2010 8:32 AM said...

පිටස්තරයා- අන්න ඒ දේම තමයි මටත් මේකෙන් කියන්න ඕනෙ උනේ මිත්‍රයා.
"අපි තෙමෙමින් වියලෙමින් දිගු ගමනක් යමින් සිටින්නෙමු" බොහොම ස්තූතියි මචන් වටිනා අදහස් දැක්වීමට.


පසන්- ඒකනම් එහෙම තමයි මචන්. ඒත් වැහි කොච්චර ලැබුණත් සමහරු තමන්ට අවශ්‍ය විදිහටනෙ වැහි බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් මදි. එහෙම තත්ත්වයක් ගැන හිතලයි ලිවුවෙ.

ස්තූතියි මචෝ පිළිතුරු කවියට.

Raven at: 5/04/2010 8:40 AM said...

මින්දද- ඔවු මචන්. ඒත් එක්කම මම පසන් මිත්‍රයාට දාපු කමෙන්ට් එකෙන් කියපු දේත් වෙනව. ස්තූතියි මචන් මෙහි පැමිණීමටත් අදහස් දැක්වීමටත්.


නිමන්ති අක්කා- හහහහා...මරු මරු අක්කෙ මේ කවිය. ඇත්තටම නියමම නියමයි.
ඔන්න මම නම් දොස් කිවුවෙ නෑ. මම මේ වෙන අය ගැන ලියපු කවියක් අපි දෙන්නා ගැන නෙමේ. හිහි :D

ස්තූතියි අක්කේ අදහස් දැක්වීමට සහ සහ මේ සිත් ඇදගන්නා කවිපෙළට.

Raven at: 5/04/2010 8:45 AM said...

සමනළී නංගි- නංගිත් වැස්ස හා බැඳුණු හරි ලස්සන කවියක් ලියල තිබුණ මම දැක්ක දින කීපයකට කලින්.
ස්තූතියි නංගි ඔයාටත්

අනුරාධ- ඔවු මචන් මටත් උවමනා උනේ කවියෙන් ඒ දේ කියන්න තමයි. ස්තූතියි මචන් උඹටත්

දුකා අයියා- අනිවා. එහෙම සුන්දර අද්දැකීමුත් වෙනවා. නමුත් එහෙම හමුවන අය යන්න බලාපොරොත්තු වන ගමන් සහ දුරවල් කුඩේ යටින් යන්න වැස්ස ඉඩ තියන්නෙ නෑනෙ අයියෙ. වැස්සෙ වරද නෙමෙයි. වැස්ස බලාපොරොත්තු වන අය සහ ඒ ආකාරයේ අවුල.

- නිල් අහස - at: 5/04/2010 9:59 AM said...

කාලයේ තාලයට ඔබින කවියක්..රේවන්.
නියමයි...ලස්සනයි.
superbbbbb........

Raven at: 5/04/2010 12:24 PM said...

නිල් අහස- කාලෙකට පස්සෙ.
දැන් ලියන්නෙ නැද්ද මචන්?
ස්තූතියි මචන් මේ පැත්තෙ ඇවිත් ගියාට.

මම at: 5/04/2010 2:05 PM said...

ම්ම් වෙනදා වගේම ඔයා මේ කවියත් ලස්සනට ලියලා රේවන් අයියේ.
මාත් කියෙව්වා ඔන්න

Raven at: 5/04/2010 2:09 PM said...

මම-
බොහොමත්ම ස්තූතියි නංගී. සතුටු හිතුනා ඔයාගෙ කමෙන්ට් එක දැකල :)

සිතට දැනෙන දේ at: 5/04/2010 7:28 PM said...

කොහෙන් මෙච්චර ලස්සන අදහස් පහළ වෙනවද කියලා හිතන්නත් අමාරුයි.... මේ කවිය තුල ගොඩක් අර්ථයන් ගැබ් වෙලා තියනවා කියලා සිතට දැනෙනවා.... ලස්සන නිර්මාණයක් Raven...
ජය වේවා!

Raven at: 5/05/2010 7:45 AM said...

සිතට දැනෙන දේ- ස්තූතියි මිත්‍රයා සිතුවිල්ල අගය කලාට. ඔ‍යාටත් ජය පතනවා.

රවා at: 5/09/2010 4:08 AM said...

අනෙ මන්දා රාවෙන් .. උඹ වැස්ස ගැන කිව්වට මම දකින්නෙ වෙන පැත්තක්.. උඹ ඔකෙ වැස්ස යා කරලා ලිව්වට.. ඔකෙ තියන්නෙ බලාපොරොත්තුත්, වෙනස්විම් එක්ක ගැටෙද්දි ඇතිවන සියුම් දුක්ක දොමනස්සයන්ගෙන් පිරෙන ජිවිතෙයි, එහිදි ඇතිවෙන බිය ගැනයි.. උබ වැස්සක් ගැනද මෙ ලිව්වෙ..

nethu at: 5/12/2010 12:50 PM said...

අනේ ඔයා මේ විදියට ලියද්දි ආසාවේ බැහැ. මට නම් මේවා හිතන්න මිසක් මෙච්චර ලස්සනට ලියා ගන්න බැහැ. ගුරුවරිය ළමයාගේ පසුබිමට යොදා ගෙන තිබූ වර්ණය විවේචන කිරීම අනුමත කළ නොහැකියි. ඒ වගේම හොඳම චිත්‍රය ‍තෝරා බිත්තියේ ගැසීම ගැනත් මගේ එතරම් කැමත්තක් නැහැ. නිර්මාණයේ යෙදී තිබූ අයුරින්ම ඔවුන් ප්‍රාථමික සිසුන් බව හැඟී ගියා. එතරම් කුඩා කාලයේදී ඔවුන් අතර නිර්මාණාත්මක හැකියාවන් උදෙසා තරඟකාරීත්වයක් ඇති නොකල යුතු බවයි මගේ අදහස. මන්ද එයින් එතරම් නිර්මාණාත්මක හැකියාවක් නොමැති අය තවත් පසුබෑමකට ලක්විය හැකි බැවිනි. නමුත් දැන් දැන් හැමදේකදිම වගේ ඉගෙනීමෙදිත් ඉදිරියට එන්නෙත් තරඟය තමා. ඔයා නම් එන්න එන්නම හොඳ නිර්මාණ වලින් ඉදිරියටම යනවා නංගී. සුබ පැතුම්

සෝරෝ at: 6/15/2010 2:51 PM said...

බලාපොරොත්තුවෙන් ඉඳල ලැබෙන දෙයකට වඩා අහම්බෙන් ලැබෙන දේවල් වලින් ලැබෙන අපූරු සුන්දරත්වය ලස්සනට අකුරු කරල තියෙනවා..

අගෙයි සිතුවිල්ල...

-සෝරෝ

Eranga Perera (Muthu Paba) at: 6/20/2010 4:59 PM said...

Kadin kada wahi lassanayi :)

Post a Comment

newer post older post