
කවිය නුඹ
කවිය නුඹ දහස් වර කියවන
කවි දහක් පබඳින නමුත් නොකියවෙන කවිය නුඹ
..........................
ඵලක් නැත නුඹට කවි ගෙතුම
-->ඵලක් නැත නුඹට කවි ගෙතුම
නුඹව හැර අන් බොහෝ දේ ගැනම ලියැවෙමින් අවසන් වන
...............
මෙන්න මේක තමයි නොලියවෙන දේවල් ගැන මුලින්ම ලිය උනේ.
කවියක් ලියන්නට වෙරදරා නොලියවුන දවසක කවි නොලියවෙන වගක් කවියකට නගන්නට සිතූකල ඒ තැතද පල නොදැරු අවසන ඉතිරි වූවක් පමණි මෙය
27 අදහස්:
කවි හිත
එලි කර
කවි කම්
පොදි බැද
යලි යලි
සිත සිත
විසි කර
යලි ගෙන
ලිය උනු කවියත්
හොඳයිනෙ මටනම්
කවි හිත වෙහෙසවා ලියන්න හදන මුත් නොලිවෙන කවිපද ...
ඒකෙත් අමුතු ගතියක් තියෙනවා නේද රේවන්...ආයෙම ආයෙම කියවල බලන්න.....ෂා.....හෙට විෂ්මි ඇවිත් නොලිවුන පදවල ඉතිරි ටික ලිව්වොත්........??
නොලියු කවි පද
රැව්දෙන කවි සිත අද්දර
ලියැවුනු කවි පෙල
මඟබලා සිටී කවි දැකුමට.....
රෙවන් කවියක් ලියන්න කරුනු නැහැ කියන්නෙ.. ඔයා හිත ඇතුලෙන් ගොඩක් තෘප්තිමත් කෙනෙක් කියන එක.. එක හරි.. අමාරුවෙන් ලියන්න උත්සහා කරන්න එපා.. ඉදලා හිටලා එකක් දාන්න..
කරුණු නැහැ කියලා කිව්ව් කවියෙන් පස්සෙ ඔයාට මෙ වා දැක්කාහම කරුණු ගලාගෙන එයි..
බොහොම ස්තුතියි යාලුවා!
ඔන්න බඹරා ආවා Raven ව බලන්න. ගූග්ල් ගිණුමක් හදන කතන්දරේ නම් තේරුණේ නෑ යාලුවේ. ඒත් සැහෙන දුරට වැඩේ ගොඩ දාගත්තා.;) මේ මගේ පළවෙනි චොම්මෙන්ට් එක උඹට දාන (උඹ කිව්වට අවුලක් නෑ නෙ?)
මේ කවිය නම් පොඩි වුණත් ලොකු තේරුමක් තියෙන එකක්....ලස්සනයි...මගේත් පලවෙනි කවිය ලිව්වා...
කවිය ඔබ...
තුන්තිස් පැයක් නිදිවරා වෙහෙසී
සිත දෙගිඩියාවෙන් තවම නොලියූ..
කවිය ඔබ...
කෙටි කවිය උනත් ඒකෙත් අමුතු රසයක් තියෙනවා...
කවි ලියවෙන්නේ නෑ...? අහන්නත් දෙයක්ද... පිපිරෙන්න තරම් හැඟීම් හිතේ පිරෙන්න නොදී, නිමක් නැති විදිහට බෙදා ගන්න කෙනෙක්, තවත් ලංවුනහම... ඒක නේද ඇත්ත...? උඹ දැන් ස්වාභාවික නිර්වින්දනයක් කරා ගමන් කරනවා තාවකාලිකව... ටිකක් කළ් ඕකේ ගිලිලාම හිටපන්...
නිමන්තිගේ කවියනම් බෙහෙවින්ම රසවින්දා.... (දැනට ඈ මගේ ප්රියතම කිවිඳිය තනතුරේ තබා ඇත... බොලා කමා කරත්වා...)
අදහස් නැති හිස් බවත් සොඳුරුම කවියක් තමයි යාඵ..
ඒකම විචිත්ර නිමවුමක් වෙයි..
නොලියවෙන කවි වලත් යමක් ලියවෙලා තියෙනව..
හැමෝටම ජීවිතයේ එක් එක් කාල වල ලියාගන්න බැරි උන කවියක් තියෙනවා, මොන තරම් උත්සාහ ගත්තත්.
මට නම් දුකෙන් හිත පිරුනාමත්, සතුටෙන් හිත පිරුනාමත් ඕන තරම් කවි ලියන්න පුලුවන්. ඒ අතරෙදි නම් නිසිවක් ලියා ගන්න බෑ...Raven.
අහඹුවෙන්...එබුනෙමි..
උඹේ හදවෙත....
හිස් වූ බව නොමදැන...
නොපුරා තනිකමට..
දීපන් හිතට ඉඩ..
සහසක් පදවැල්...පුබුදන්නට..
ඉඳ හිට....මමත් එන්නම්..
උඹේ කවි අගයන්න...
මලේ..!... හිත හැඳිනුවා නුඹේ...
මේ...
සුලා...
නිමන්ති අක්කා- රස වින්දෙමි ඔබේ කවියත් බොහොමක්..ස්තූතියි අක්කේ
දිල්- ඒක ඇත්ත දිල්. සමහර වෙලාවල් වලට ලියන්න යන දේ නොලියවී වෙනත් සුන්දර දේවල් ලියවෙන අවස්ථාත් එනව.
නොලී පදවල ඉතිරිය වගේම ලියන හුඟක් ඒවගෙ පිළිවෙල සකස් කරන්නෙත් විෂ්මි තමයි :)
සමනලී- ස්තූතියි සුන්දර පිළිතුරු කවියට සමනලී.
රවා- ඇත්ත මචන්.
ලියවෙන්නෙ නැති වෙලාවට උත්සාහ කරන එක හරි වධයක්. බලමු ඉදිරියට :)
බඹරා- සාදරයෙන් පිළිගන්නවා මිත්රයා මේ ඉසවුවට. උඹ බං බොලං කිවුවට කිසි අවුලක් නැහැ. එතකොට වඩාත් සමීප බවක් දැනෙනවා. ස්තුතියි මචන්.
චේජනා අක්කා- සමහර දේවල් කොච්චර ලිවුවත් වචන වලට පෙරලෙන්නෙ නෑ. ස්තූතියි අක්කෙ ගොඩ වැදුනට.
හසිත- ස්තූතියි මල්ලි නිර්මාණය අගය කලාට
තිස්ස අයියා- ඇත්ත ඇත්ත. මමත් ඒ ගැන කල්පනා කලා. ඔලුව ඇතුලෙ හිරවෙලා පල් වෙලා පුපුරන්න ලං උනාම නිර්මාණ බිහිවෙනව වැඩී කියල මටත් හිතෙනව.මට වෙලා තියෙන්නෙත් එහෙම තමයි හුගක් විට.
නිමන්ති අක්කා ගැන ඉතින් කුමන කතාද. මමත් අත් දෙකම ඔසවා එකග වෙනව.
පිටස්තරයා- ඇත්ත මචන්. හිස් බවත් නිහඩබවත් සොදුරුම කවි තමයි. ස්තූතියි මිත්රයා.
නිල් අහස- මටනම් සතුට වැඩි උනාමත් ලියන්න ටිකක් අමාරුයි මචන්. දුකේදි වේදනාවෙදි නම් නිර්මාණ බිහිවීම ටිකක් වැඩියෙන් වෙනව.
ළගදි මොකුත් දැක්කෙ එහෙම නැහැ උඹේ බ්ලොග පැත්තේ. බිසී ඇති නේද? ජයවේවා මචෝ.
සුලා අයියා- හප්පා..මේ ඉසවුවෙ දකින්න ලැබීම සතුටක් අයියා. ඔබේ සටහන් මම නිතර තිස්ස අයියා ගේ සහ දුකා අයියාගේ අඩවිවලින් කියෙවුවා. හරිම රසවත්.
ස්තූතියි මෙහි පැමිණ මදක් නැවතී අදහසක් පළකොට ගියාට. ඔබට ජය.
නුඹ කවියකට නගන්නට
නොහැකියි මගෙ කවි සිතට
එනමුත් මා සබඳ
කවක්ව නොලියවුනද
සොඳුරුයි තවම නුඹ...
මල්ලී නොලියවුන කවිය හරිම ලස්සනයි.
ඒවගේම nimanthi එක් කල දෙපද කවි පේලි තවත් ලස්සනක් එක් කරලා.
@තිස්ස අයියා, රවෙන්& ගල් මල් කොරල්
බොහෝමත් ස්තූතියි...!!! කියන්නම් මම ඉතින් ඔයාල මේ මං ගැන කරලා තියන අගය කිරීමට .
ඒත් මට හිතුනා රවෙන් මෙහෙම කරන්න ඇති කියලා.මම හිතපුදේ හරිද?? මල්ලී
විහඟි- ස්තූතියි නංගි ලස්සන පිළිතුරු කවියට.
ඩීන් අයියා- ස්තූතියි අයියේ අගය කිරීමට. ඔව් ඔව්..ඒ කව හරිම ලස්සනයි.
@නිමන්ති අක්කා- අක්කාගේ පිලීතුරු කවියෙ තියන විදිහටද? හෙ හෙ ඔව් ඔව්. බොහෝ දුරට ඒ වගේ තමයි අක්කෙ.
ලියවෙන දේවල් තරම්ම නොලියවෙන දේවලුත් සුන්දරව ලියන්න පුලුවන් කමක්, හැකියාවක් කොල්ලෝ උඹට නම් ලැබිලා තියෙන්නේ . . .. නියමයි
නොලියවුනු කවිය තමයි මචන් ඔය (නො )ලියා තියෙන්නෙ.... ලියවුනු කවි පද ඇතුලෙ ඒ නොලියවුනු පද වලින් උඹ දෙන හැඟීම හරිම ප්රබලයි... හරියට තුවක්කුවක් නැති වෙලාවට දබර ඇඟිල්ල දික් කරල ඇත්තටම වෙඩි තියනව වගේ....
දුකා අයියා, චමිල- ස්තූතියි ඔබ දෙදෙනාටත් ලියවිච්ච දේවල් අගය කලාට :)
දැන් තමා ඉස්පාසුවක් ලැබුනේ කියවන්න.
හික්ස්...
අනේ අපොයි
/බිඟුවා...!
No CoMMeNtz..
හික්ස්... :D
-සෝරෝ
බිගුවා- මක් කොරන්නද ඉතින් හෙහෙ..:D
සෝරෝ- :D
Post a Comment