About

Related Posts Plugin for WordPress, Blogger...

මිතුරා මිතුරෙකු නොවිනි..



12 අදහස්


1964
වර්ෂයේදී තිරගත වූ සංගම් චිත්‍රපටය අතිශයෙන් ජනප්‍රිය ගීත රැසක් රැගත් චිත්‍රපටයක්.එහි එන හර් දිල් ජෝ ප්යාර් කරේගා, මේ ක්යා කරු රාම්, මේරේ මන් කී ගංගා, යෙ මේරා ප්‍රේම පත්‍ර ආදී ගීතවල ජනප්‍රියතාවය අදටද එලෙසින්ම නොනැසී පවතිනවා කිවුවොත් නිවැරදියි.

රාධා(වෛජයන්ති මාලා), සුන්දර්(රාජ් කපූර්) සහ ගෝපාල්(රාජේන්ද්‍ර කුමාර්) යන මිතුරන් තිදෙනෙක්ගේ ජීවිත වටා ගෙතෙන මෙම චිත්‍රපට කතාව මිත්‍රත්වයේ සහ ප්‍රේමයේ ගැටීම පිළිබිඹු කෙරෙන සංවේදී කතා පුවතකින් සමන්විතය.

"දෝස්ත් දෝස්ත් නා රහා" යන ගීතය සංගම් චිත්‍රපටයේ එන ගීත අතුරින් අතිශය ජනප්‍රියතාවයක් ලද තවත් ගීතයක්. රාජ් කපූර්, රාපේන්ද්‍ර කුමාර් සහ වෛජයන්තිමාලාගේ රංගනයෙන් ඔපවත් වන මෙම ගීතය මුකේෂ් විසින් ගායනා කරන ලද්දක්.
මෙම ගීතයේ අර්ථය සිංහලයට නැගුවේ
හද ගී පොතේ අප ළබැඳි තිස්ස අයියා කල ඉල්ලීමකට අනුවයි.



මිතුරා මිතුරෙකු නොවිනි.. ආදරය ආදරය නොවිනි......
ජීවිතය ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහිනි.......
විශ්වාසය ගිලිහිනි......


මගේ වස්තුව ආදරයේ මා පැවරූයේ කාටදෝ.....
මගේ මිතුර ඒ ඔබ විය... ඔබම විය.....
ජීවිතය නම් මාවතේ මගේ සහකරුවා කවුරුදෝ.....
මගේ මිතුර ඒ ඔබ විය... ඔබම විය...
සියළු රහස් එළි වූවා..... මාගේ විශ්වාසය තව දුරටත් නොරැදිනි....
ජීවිතය ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහිනි.......
විශ්වාසය ගිලිහිනි......


මා ගෙල වැළඳ බියෙන් සිර වූ කටහඬින් කතා කලේ කවුරුන්ද........
ඒ ඔබ නොවීනම් කවුරුන්ද.... ඒ ඔබම විය...
වෙන්ව යන මොහොතේ මුතුවන් කඳුළු සැලුවේ කවුරුන්ද.....
ඒ ඔබ නොවීනම් කවුරුන්ද..... ඒ ඔබම විය.....
මත් වූ රාත්‍රීන් ගෙවී ගියා.... දැන් ඒ ප්‍රමෝදය ගිලිහිනි...
ජීවිතය ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහිනි.......
විශ්වාසය ගිලිහිනි......

මිතුරා මිතුරෙකු නොවිනි.. ආදරය ආදරය නොවිනි......
ජීවිතය ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහිනි.......
විශ්වාසය ගිලිහිනි......



12 අදහස්:

Missaka at: 4/09/2010 4:06 PM said...

සංවේදී අදහසක් අන්තර්ගත වුන ගීතයක්නේ...
අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි

රවා at: 4/09/2010 5:55 PM said...

විශ්මි.. දැන් අහන්න බැහැ නමුත් ඔයා කලින් ඉදිරිපත් කල එවා මෙන් මෙකත් ලස්සන සුන්දර ගිතයක් වන බව නොඅනුමානයි.. මම දවසක මෙක අහන්නම් අදහස නම් ලස්සනයි..

තිස්ස දොඩන්ගොඩ at: 4/09/2010 9:11 PM said...

මේක මගේ සිහින ගීතය......
බොහෝ කලකට පෙර... ඈත ගව් ගානක් දුර... විශාල ශාලාවක....
මිතුරන් සිව්දෙනෙකු මදුවිත විත තොලගාමින් සිටිනාතුර...
මුල්ම වතාවට මේ ගීය ඇසූයෙමි....
මදුවිතෙන් මෙලෙක් කල හිත ඇතුලටම මේක කිඳා බැස්සා...

ඔබේ හැඟුම්බර පරිවර්තනය.... දැන් මාව නැවතත් එතෙන්ට ගෙනියනවා මනසින්...

පිං දෙන්නට ඔබෙන් අවසර නැත....

Anonymous at: 4/09/2010 10:23 PM said...

"මිතුරා මිතුරෙකු නොවිනි.. ආදරය ආදරය නොවිනි......" අන්න ඒක නම් හිතට වැඩුනා. ලස්සන සින්දුවක්.. තේරුමත් නියමයි.

Anonymous at: 4/10/2010 1:29 AM said...

මම මමද නොවුනු කල
ඔබ ඔබම වීම සිහිනයක් පමණි

චේජනා at: 4/10/2010 4:58 AM said...

විශ්මි නංගො, තේරෙන්නෙ නැති සින්දු මගේ හිතට යනව අඩු නිසාම හින්දි ගීත ලස්සන වුනත් මගෙ හිතට යනවා අඩුයි.. ඔයා ඒ අඩුව පුරවනව... තේරුමත් එක්ක සින්දුව දාල... කොහොමත් පරණ හින්දි සින්දු වඩාත් සොඳුරුයි කියල හිතෙනව...මම හිතන්නෙ අපේ සින්දු වගෙම වෙන්නෑති..electronically විකෘති කරල නැති නිසා....

හුටපටයා at: 4/10/2010 7:09 AM said...

මිතුරා මිතුරෙකු නොවිනි . . ආදරය ආදරය නොවිනි . . මේක නම් මටත් ඇත්ත වගේ . . .

දිල් at: 4/10/2010 5:19 PM said...

හරිම ලස්සන පද ටික නේද් විෂ්මි...කොහොමත් අළුත් හින්දි සින්දුවලට වඩා පරණ සින්දුවල පදවැල් හරිම ලස්සනයි. හොඳ තේරුම් සහිතයි

දුකා at: 4/11/2010 12:13 AM said...

ලස්සනයි . . .හරිම ලස්සනයි . . අපේ අම්මා නිතරම කියෝනවා මේ සංගම් ෆිල්ම් එක ගන . . වෙලාවක මේක බාගෙන බලන්න ඕන. . හිංදි සිනමාවේ දිගම ෆිල්ම් එක මේක කියලයි අපේ අම්මා නම් කියන්නේ . .

Anonymous at: 4/11/2010 8:54 AM said...

"මිතුරා මිතුරෙකු නොවිනි.. ආදරය ආදරය නොවිනි......
ජීවිතය ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහිනි.......
විශ්වාසය ගිලිහිනි......"

ඇත්ත ආදරේ නම් වෙනස් උනේ නෑ.... මොන දේ මැදට ආවත් ආදරය ආදරයම විය... ඒත් මිතුරා මිතුරා මිතුරෙකු නොවී විශ්වාසය ගිලිහීම නම් ඇත්තටම සිද්ධ උනා....

සමනලී මේ පැරණි හිංදි ගීත වලට හරිම ආසයි...... ස්තූතියි ජීවිතේට සමීප තේරුමක් ඇති මේ ගීතය පළ කලාට....

sansarasidu at: 4/11/2010 5:15 PM said...

සංගම්“ අපේ තාත්තගෙත් ප්‍රියතම චිතපටය... මේ ගීතය මං මීට පෙර අහල තිබුණා.. ඒත් තේරුම් අරගෙන ඇහැව්වේ අද තමා...
ස්තුතියි නගේ...

ඇත්තටම ඔබේ පරිවර්තනය නම් හරිම ඉහළයි...
ඒකත් හරියට ගීතයක් වගේ...
ඇත්තමයි...

විශ්මි at: 4/12/2010 9:13 AM said...

ස්තුතියි හැමෝටම අදහස් පල කලාට...... සංගම් චිත්‍රපටයට හුඟ දෙනෙක් කැමතියි වගේ.....මේ චිත්‍රපටය පැය 3යි මිනිතු 58ක් දිගයිලු මට මතක හැටියට.... ලස්සන ගීත හුඟක් අන්තර්ගත චිත්‍රපටියක්....... ඉඩ ලැබෙන හැටියට ඒ සින්දුත් විටින් විට පල කරන්න උත්සහ කරන්නම්.....


සමාවෙන්න ඕනෙ හැමෝටම වෙන වෙනම ස්තූති කරන්න බැරි වීම ගැන..... අවුරුදු දවස් නිසා ඩිංගක් කාර්ය බහුලයි....... :)

Post a Comment

newer post older post