About

Related Posts Plugin for WordPress, Blogger...

නොතේරුම



25 අදහස්


















ගීයක්
රැඳී උන්නා
ලැබෙන තුරු හඬක්

තරුවක්
බලා උන්නීය
දරාගෙන
අහසක්

සදාකාලික දුරක්
දිළෙන තරු එළියෙන්
මැවෙනු දැක
ගොලුව ගිය
මිනිසෙක්

පහුරු ගෑවා
නොනිමි
අඳුරක්

25 අදහස්:

රවා at: 4/06/2010 8:34 AM said...

රාවෙන් කල්පනා කරන්න ටිකක් අමාරුයි.. නමුත් මම පුංචි උත්සහායක් දෙන්නම්..
කෙනෙක් වෙනුවෙන් බලන් ඇතට වී ඉන්නා තවත් කෙනක්..
එ දුරස්ථබාවයෙන් අඳුර මාකා දැමිමට ඇතින් ඉන්නා කෙනාගෙ බලපැම ප්‍රබල නැති බව, කරන්න බැරි දෙයක් කරනු දැක ගොලු වු කවියෙක්, පුංචි දෙයකින් ලොකු දෙයක් නැති කරන්න යැමක්

බිඟූ at: 4/06/2010 8:51 AM said...

එතකොට සඳට මොකද වෙලා තිබ්බේ...
අර මිනිසා තරුව වෙනුවෙන්ම පෙරුම් පිරුවද
නැත්නම් ....

/බිඟුවා...!

Raven at: 4/06/2010 8:53 AM said...

@රවා- උඹ සෑහෙන දුරට හරි මචන්.
තමන් විසින් මවාගත් යම් යම් යම් කාරණා නිසා දුරස් බවක් වරදවා වටහාගන්නෙක් සහ එයින් සිදුවන නැතිවීමක්

Raven at: 4/06/2010 8:56 AM said...

@බිගු- තරුව සහ මිනිසා තනි තනිව මුත් එකිනෙකාට හිතින් සමීපයි. ඒ උනත් ඒ අතරමැද දුර යා කරන්න දෙදෙනාම සමත් වෙන්නෙ නෑ නොයෙක් හේතු නිසා.

``` Outsider``` at: 4/06/2010 9:30 AM said...

ලස්සන අදහසක් මචං
වෙලාවකට නොසිතන ආකාරයෙන් සමහර දේවල් ළංවෙද්දි අපි පළා යනව. අප බලාපොරොත්තු වූ ආකාරයෙන් දේවල් සිදු නොවෙද්දි ඇතිවන වික්ෂිප්තභාවය ඔයාගෙ පදවැල් තුළින් මට හැඟී යනව.
කොහොම වුණත් නිර්මාණය සොඳුරුයි.

Anonymous at: 4/06/2010 9:39 AM said...

දුර ඈතකට වෙලා අහසක් තරම් ඔහු ගැන පැතුම් පොදි බැදන් ඉන්න ඇයත් ඇගේ දුරස් බව තේරුම් ගෙන ප්‍රේමයේ පහන් සිල දල්වා ගත නොහී නිහඩව ඉන්න ඔහුත් ගැන කියල තියෙන විදිය හරිම කලාත්මකයි.

හුටපටයා at: 4/06/2010 9:50 AM said...

උත්සහ කලාට ලබා ගන්න දුර වැඩියි . . . ඒ වුනාට උත්සහය අපතේ යන එකක් නෑ

- නිල් අහස - at: 4/06/2010 9:55 AM said...

නියමයි මචං.
ව්‍යංගාර්ථයෙන් උඹ අපූරු පැත්තක් පෙන්නලා දීලා තියෙනවා.
මතුපිටින් නොපෙනෙන සියුම් තැන්, ලස්සනට විශ්ලේශනය කරලා.

දිල් at: 4/06/2010 10:13 AM said...

ලස්සන අදහසක් රේවන්....
ලබාගැනීමෙ දුර වැඩි වෙද්දි අඳුරෙ පහුරු ගෑව වගෙ වෙනවා තමා

Pasan at: 4/06/2010 10:15 AM said...

නියමයි මචං ලස්සන නිර්මානයක්

තිස්ස දොඩන්ගොඩ at: 4/06/2010 10:57 AM said...

මේක විතරක් කියපන් මලේ...!
මේකේ නිමිත්ත හිතේ පැලවුනාද එහෙම නැත්නම් ආගිය තැනක දු‍ටු දෙයක්ද...?

Raven at: 4/06/2010 12:27 PM said...

පිටස්තරයා- ස්තූතියි මචන් වටිනා අදහස් පල කිරීමට.

ඉසිඹුව- ඔබ නිර්මාණය තේරුම් ගෙන තිබෙනු දැකීම සතුටක්. ස්තූතියි.

හුටපටයා- උත්සාහවන්තයා ජය ගනී :)

නිල් අහස- ස්තූතියි මචන් කමෙන්ටුවට. නිර්මාණය රස වින්ද එක ගැන සතුටුයි.

Raven at: 4/06/2010 12:34 PM said...

දිල්,පසන්- බොහොම ස්තූතියි ඔබලාට.

තිස්ස අයියා-මේක හිතට ආපු අදහසක් මන:කල්පිත සිදුවීමක් ඇසුරෙන් කවියකට නැගීමක්. මම දැකපු හෝ විඳපු දෙයක් නම් නෙමෙයි අයියෙ.

Anonymous at: 4/06/2010 7:18 PM said...

ගොඩක් දේවල් හිතුන මේ කවිය දැක්කම. අයියා මගේ හිත කියවනවා වගේ දැනෙනවා.නිර්මාණය හැමදාම වගේ ලස්සනයි

යෝගී... at: 4/06/2010 7:37 PM said...

අර ලොකුඅයිය කියනව වගේ උඹ නං දාර්ශනි‍කයෙක් ම තමා මලේ.. ඔළුව ටිකක් නිදහස් වුනාම හිමීට ඇවිල්ල යන්නං මේ පැත්තේ. ආපහු මේටික කියවන්න ...
-ජය

බිඟූ at: 4/06/2010 8:23 PM said...

ලොකු කපුටෝ,
මේ දාලා තියෙන කොමෙන්ටු font වල සයිස් එක ලොකු කරහන්කො...

/බිඟුවා...!

ගල්මල්-Coral at: 4/06/2010 8:31 PM said...

ඈත පායා ඇති තරුවක් නෙලාගන්න බැහැ. ඒත් කෙනෙකු ලඟාවිය යුතු ඉලක්කයක් - අධ්‍යාපනය, රැකියාව, දියුණුව; වගේ දෙයක් ගැන සිතුවා නම් හිතේ මවාගන්නා බැරිකම කාරනයක් සේ දක්වා මන්දෝත්සාහී වීම මින් පිළිඹිබු කරනවා යැයි හැගේ...

ලස්සනයි කෙටි පද මෙහෙයවා ඇති ආකාරය, සු'පැතුම්!

දුකා at: 4/06/2010 9:42 PM said...

ලස්සනයි රේවන් . . . ඒත් අර්ථය හිතන්න කලින් කමෙන්ට් එකට දීපු පිලිතුර දැක්ක නිසා වැඩේ අබ්ලික් උනා . . . උඹ ලියන්නේ ව්‍යංගාර්ථයෙන් නිසා එක ඉල්ලීමක් අනිත් දවසේ බලන අපිට උඹේ කවිය ගැන හිතෙන දේවල් ඔක්කෝම ලියන්න ඉඩ දීලා උඹ ඒක ගැන හිතපු විදිහ අන්තිමට කියපන් . . .එතකොට පොඩි ෆන් එකක් තියෙයි අපිට ම අපිට හිනා වෙන්න පුලුවන් වෙයි අයියෝ මේ කොල්ල හිතුවේ මේක අපි හිතුවේ වෙන දෙයක් නේ කියලා . ..

Chamila at: 4/07/2010 2:27 AM said...

මාරයි බන්..... අදහසයි, ඒක කවි කරල තියන විදිහයි නියමයි මචන්... හරිම ලස්සනයි...

Chamila at: 4/07/2010 2:32 AM said...

"තරුවක්
බලා උන්නීය
දරාගෙන
අහසක්"
මේ කොටසට මම හරිම කැමතියි....

Anonymous at: 4/07/2010 3:32 PM said...

ලස්සනයි..!!

පහුරු ගෑවා
නොනිමි අඳුරක්
නේන බව දැන
යලි තමා වෙත
සොඳුරු සුභ දසුනක් !!

හරිද..?? මම

චේජනා at: 4/07/2010 3:52 PM said...

මල්ලි, අමුතුම සුන්දරත්වයක් කවියට තියෙනව...

තරුවක්
බලා උන්නීය
දරාගෙන
අහසක්

Raven at: 4/08/2010 8:44 AM said...

විහඟි- ස්තූතියි නංගි අගය කිරීමට. නිර්මාණය රසවින්ද වග දැනගැනීම සතුටට කරුණක්.

යෝගි අයියා- නේ මන්දා බන් අයියෙ උඹලාගේ මේ දාර්ශනික කතා අහලා මට හෙන ලැජ්ජයි වෙලාවකට. ලොකු සහෝ තමයි මේවට‍ වගකියන්න ඕනෙ.
අනිවා කැමති විටෙක නිදහසේ ගොඩවැදිල කියවල අඩුපාඩු ඇතොත් පෙන්නල දීලම යන්න.
ජය

Raven at: 4/08/2010 8:48 AM said...

බිඟුවා- දැන් කොයි කාලෙ ඉඳලද මං මේ අකුරු ලොකු කරගන්න දඟලන්නේ. පුලුවන් පිංවතෙක් ඉන්නවනම් මේ කොමෙන්ටු වල අකුරු වල විශාලත්වය වැඩි කරන හැටි මට කියලා දෙන්න.

ගල්මල්- ස්තූතියි අයියා සුබ පැතුමට සහ අදහස් දැක්වීමට.

දුකා අයියා- අප්පා..සොරි වෙන්න ඕනෙ.
ඇත්තටම මමත් ඔය ගැන හිතුවා. මීට පස්සෙ ටිකක් පරක්කු වෙලා ‍අදහස් දාන්නම් මේ වගේ නිර්මාණ වලට. ස්තූතියි අයියේ දැනුවත් කිරීමට.

Raven at: 4/08/2010 8:52 AM said...

චමිල- ස්තූතිය මචෝ. උඹේ නිර්මාණත් මම ආසාවෙන් කියවනවා.

නිමන්ති අක්කා- හරි. හැබැයි නේනවයි කියල හිතීම එක්තරා ආකාරයට නොදැනුවත් හෝ නොතේරුම් කමක් මේ මිනිසාගෙ.

චේජනා අක්කා- ස්තූතියි අක්කේ අදහසට.

Post a Comment

newer post older post