About

Related Posts Plugin for WordPress, Blogger...

මා ඔබට කොතරම් පෙම් කරයිද...



18 අදහස්
1981 දී තිරගත වූ කුද්රත් චිත්‍රපටයේ ගීතයකි මේ... මජ්රූහ් සුල්තාන්පුරි පද රචනා කල මෙම ගීතය, ආර්.ඩී. බර්මන් ගේ සංගීතයෙන් සංගීතවත් වී වරක් ගායිකා පර්වීන් සුල්තානාගේ කටහඬින්ද.... යලිත් වරක් කිශෝර් කුමාර්ගේ කටහඬින්ද ඔපවත් විය.... මෙම ගීතය සඳහා පර්වීන් සුල්තානා හට හොඳම ගායිකාව ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයක්ද හිමි විය.... මේ ගීතය සහ එය ඇතුළත් වූ චිත්‍රපටය ගැන වැඩි විස්තර අපේ උදාර සහෝදරයාගේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණ හින්දි ගී අඩවියේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තිබ්බා...



මා ඔබට කොතරම් පෙම් කරයිද මමවත් නොදනී.....
එනමුත් ඔබ නොමැතිව දිවි ගෙවිය නොහැක......


බොහෝ දෙනා විරහ වේදනාව උසුලන බව ඇසුවෙමි......
නමුත් ඔවුන් කෙසේ ජීවත් වෙනවාදැයි නොදනිමි.....
මෙහි දිනයක් පවා වසරක් මෙන් දැනෙයි.......


මට කොතරම් කල් බලා සිටිය හැකිදැයි මමවත් නොදනී...
එනමුත් ඔබ නොමැතිව දිවි ගෙවිය නොහැක......


අන් කිසිවෙක් ඔබ දෙස බැලුවොත් හද ඊර්ෂ්‍යාවෙන් දැවෙයි......
බොහෝ වෙර දරා හද වාවා ගනිමි......
කරන කැපවීම් ගැන ඔබ දන්නේ මොනවාද....

මේ හද කොතරම් නොසන්සුන්දැයි මමවත් නොදනී....
එනමුත් ඔබ නොමැතිව දිවි ගෙවිය නොහැක......


මා ඔබට කොතරම් පෙම් කරයිද මමවත් නොදනී.....
එනමුත් ඔබ නොමැතිව දිවි ගෙවිය නොහැක......



18 අදහස්:

අනුරාධ at: 4/04/2010 10:27 PM said...

හරිම සංවේදී ගීතයක්. ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන්. හැම වචනයක්ම හදවතටම දැනෙනවා.

sansarasidu at: 4/04/2010 10:47 PM said...

බොහොමත්ම ස්තූතියි නගෙ...
හරිම ලස්සන සිංදුවක්...
කලින් අහල තියෙනවද කියල නම් මතක නෑ...
හැබැයි ඇත්තටම හරිම ලස්සනයි

බණ්ඩාර at: 4/04/2010 11:15 PM said...

හමේ තුම් සේ ප්යාර් කිතනා....හරිම ලස්සන සින්දුවක්.

තිස්ස දොඩන්ගොඩ at: 4/05/2010 12:23 AM said...

ශහ් ගෙදෙට්ට කථා කරලා ඉවර වෙච්චි ගමන් හෙඩ් ෆෝන් එකම දාගෙන ඇහුවා... මධුර ගීයක් නේ...? හින්දි ඉගෙන ගත්තේ කොයි කාලෙද නගේ...? කිශෝර් කුමාර් කිව්වහම මතක් වුනේ අපේ indian secratary මට ඔරිජිනල් කිශෝර් කුමාර් CD පහක්ම දුන්නා copy කරගන්න... හම්බ වුනහම දෙත හැකි ඕනේ නම්...

රවා at: 4/05/2010 1:52 AM said...

විශ්මී තවත් ලස්සන සින්දුවක් අදයි ඇහැව්වෙ.. ස්තුති ඔයාට..

``` Outsider``` at: 4/05/2010 9:03 AM said...

පැරැණි හින්දි ගී වල හරිම අපූර්වත්වයක් තියෙන්නෙ. කෙලින්ම භාවයන්ට කතා කරන මෙම ගීත වල අර්ථයනුත් විශිෂ්ඨයි. ඒත් ඉතින් අපිට තේරෙන්නෙ නෑනෙ හින්දි වචන. බොහොම ස්තූතියි ගීතයේ තේරුමත් එක්කම හොයල දැම්මට.

Udara || උදාර ධර්මසේන at: 4/05/2010 9:20 AM said...

ආහ් මහාඵල මහානිසංස දෙන වැඩක් නෙව කරලා තියෙන්නේ විශ්මි ළමයා.. තව මං කැමති ගීත කීපයක් තියෙනවා, කැමතිද තව පින් රැස් කරගන්න ?

දිල් at: 4/05/2010 10:23 AM said...

හිත අස්සට අමුතුම හැගීම් පුරවන ගීතයක් විෂ්මි...කොහොමත් පරණ හින්දි සින්දු හරිම ලස්සනයි. හරිම මිහිරියි

ස්තුතියි ඔයාට

Anonymous at: 4/05/2010 1:20 PM said...

හරිම ලස්සන සින්දුවක්.

විශ්මි at: 4/05/2010 2:46 PM said...

@අනුරාධ..... ස්තුතියි අයියෙ ගොඩවැදුනට.....

@සන්සරසිඳු..... මමත් කලින් අහල තිබුනෙ නෑ අයියෙ..... උදාරගෙ බ්ලොග් එකෙන් තම මුලින්ම ඇහුවෙ.... ස්තුතියි අයියටත්......


@බණ්ඩාර..... ස්තුතියි අයියෙ ඔයාටත් අපෙ අඩවියට ගොඩවැදුනට......

විශ්මි at: 4/05/2010 2:46 PM said...

@තිස්ස අයියා...... මම හින්දි ඉගෙන ගෙන නම් නෑ අයියෙ.... ඒත් මතක ඇති කාලෙ ඉඳන්ම ෆිල්ම් බලලමද කොහෙද මට හින්දියෙන් කතා කරන්නයි සින්දුවක් පරිවර්තනය කරන්නයි තරම් දැනීමක් හින්දි භාෂාව ගැන තියෙනවා.....

ඕනෙදත් අහනවා... :) මුණගැහුනම අනිවාර්යෙන් ඉල්ලගනන්ව අයියගෙන්..... ස්තුතියි අයියෙ.......

විශ්මි at: 4/05/2010 2:47 PM said...

@රවා... තව ආස කරන සින්දු ගොඩක් තියෙනව රවා... ටික ටික දාන්නම්.. ස්තුතියි.......


@පිටස්තරයා....... අනිවාර්යෙන්ම සහෝ..... පැරණි ගීත හරිම අපූරුයි...... ගසල් ගීත වලටත් මං මේ තරමටම ප්‍රිය කරනවා..... ස්තුතියි ඔබටත්......


@ උදාර...... පිං නම් මදි වුනොත් ඉල්ල ගන්න බැරියැ....... :) හා හා.... ඉල්ලන්නකො බලන්න ආස කරන සින්දු..... ස්තුතියි උදාර මේ ඉසවුවට ආවට...


@දිල් අක්ක...... මේ සින්දුවෙ අර්තය වගෙම සංගීතය නිසා එහෙම දැනෙනව අක්කෙ.... ස්තුතියි ඔයාටත්......


@ ඉසිඹුව....ස්තුතියි අක්කෙ ගොඩ වැදුනට .....

දුකා at: 4/05/2010 3:35 PM said...

Wooow . .. .

මේක හරිම ලස්සන සිංදුවක් . .

උදාර මලය ගේ සයිට් එකේ දාල තිබිල මම කලිනුත් ඇහුවා. ..

එකේ තනුවට හදපු සිංහල සිංදුවටත් මම හරිම ආසයි . .

"කුරුල්ලෝ ඔබේ තාලෙන් . .
පියාඹන්න ආසයි . .
පියාපත් කොහේ කොතැනේ . .
කොයින්දෝ ගෙනෙන්නේ . . "

Anonymous at: 4/05/2010 4:14 PM said...

මගෙ ආසම සින්දු වලින් එකක් මේක. ලස්සනයි.

බිඟූ at: 4/06/2010 9:18 AM said...

අදමයි ඇහුවේ...
පට්ටම තමා...

/බිඟුවා...!

දුකා at: 4/06/2010 9:43 PM said...

ko appa mekea mama dhaapu comment eka???

විශ්මි at: 4/06/2010 10:19 PM said...

බිගුවා- ගීතය සහ අර්ථය රසවින්දා නම් සතුටක්.

දුකා අයියා- සමහර කමෙන්ට් පෙන්නන්නෙ නැහැනේ අයියා. මොකක් හරි අවුලක් බ්ලොග් වල. දවල් තිස්ස අයියාගේ බ්ලොග් එකෙත් දාපු කමෙන්ට් සමහරක් පෙනුනේ නැහැ.

අනුරාධ at: 4/06/2010 11:34 PM said...

ඒක නේන්නම්. මොකක් හරි කේස් එකක් තියෙනවා. මගේ බ්ලොග් එකෙත් සමහර කමෙන්ට් පෙන්නන්නෙ නෑනෙ. ජරා සීන් එක.

Post a Comment

newer post older post