About

Related Posts Plugin for WordPress, Blogger...

ප්‍රේමිය...



11 අදහස්

දිවා රෑ පුරා සිහිනයෙන් ඇවිද්දවන ප්‍රේමය කවදාක කෙළෙසක හිතේ උපත ලැබුවාද?... දෑස් ඇරගෙනම දකින සිහින අයදින්නේ හදවත වෙලෙන අග්නිජාලාවට උප්පත්තිකාරක වූ ගිනිපුපුරද?

සයියා...එහෙමත් නැතිනම් පෙම්වති‍ය... අතිශයින් සුන්දර ප්‍රේමගීතයක්. ප්‍රේමවන්තයෙක්ගේ හදින් නැගෙන හද කම්පනයට පත් කරන ආයාචනාවක්...

මේ ගීතය ගයන්නේ
කයිලාෂ් ඛෙර් නම් වූ ගායන ශිල්පියායි. ඉන්දියානු ගැමි සංගීතයේද අභාෂය ලැබූ ඔහුගේ ගීත තුළින් මම හැමදාම විඳින්නේ අපූර්ව රසයක්...

සයියා කියන්නේ කයිලාෂ් ඛෙර් විසින් ගයන ලද වඩාත්ම ජනප්‍රිය ගීතය කිවුවත් නිවරදියි. මෙහි මා වින්ද හැඟීම් වලට වචන තුළින් සාධාරණයක් ඉටු කල නොහැකි බැවින් විඳිනු පිණිස ගීතය සහ එහි පදපෙළ ඔබට ඉතිරි කොට තබනවා....

මේක රේවන්ගේ ප්‍රියතම ගීතයක් බවත් මතක් නොකරම බැහැ....




මැණික් මුතු මට අවැසි නැත
මට අවැසි ඔබ හා එක්වීමයි
මා ඔබෙයි පෙම්වතියේ
ඔබ මගෙයි පෙම්වතියේ පෙම්වතියේ

ඔබ ස්පර්ෂ කරයි නම් ආදරෙන්
මම සැනසීමෙන් මිය යන්නම්
එන්න සඳ මගේ තුරුලට
ඔබ තුලම සැඟව යන්නම්
මම ඔබේ නමින් අතරමන් වෙන්නම්
පෙම්වතියේ පෙම්වතියේ


මගේ හදවත සතුටින් පිරී රාත්‍රීන් ගයයි
ගෙවී යන හැම හැම මොහොතකම මම ගිලී යමි
ඔබව දිනාගනිමින් පැරදෙන්නට සිතේ
මේ ප්‍රාණය පරදුවට තබා
මෙලෙස මා ගැතිවී
ඔබේ රුව අයදී
සියළු බැඳීම් ඔබේ නමින් බැඳී ඇත
පෙම්වතියේ පෙම්වතියේ

මේ උණුසුම් මත්බවකි නැඟ එන්නේ
කිසිවකු ආදරයෙන් හිස වැසූ සේලය ඔසවයි
දැන් මනස උන්මතු වී ඇත
ලොවම ආලෝකමත් වුනා
නැවුම් මනාලියක ලෙසින්
මා ඔබේ තවුසා වී
ප්‍රේමයේ පූජාවට මන්දිරය සරසයි
පෙම්වතියේ පෙම්වතියේ


මැණික් මුතු මට අවැසි නැත
මට අවැසි ඔබ හා එක්වීමයි

මම නොදනී
ඔබමයි දන්නේ
මා ඔබේමයි
ඔබ මගේමයි

මම නොදනී
ඔබමයි දන්නේ
මා ඔබේමයි
ඔබ මගේමයි
මා ඔබේමයි ඔබ මගේමයි



11 අදහස්:

දිල් at: 5/01/2010 3:32 PM said...

රේවන් මේකට ආස නොවුනනම් තමා පුදුම විෂ්මි...ඇත්තෙන්ම ගායකයාගේ ගැමිකම මිශ්‍ර උන කටහඬ ගීතයට නැවුම් බවක් දෙනවා කියලයි මට හිතෙන්නේ....අර " සෙයියා " කියලා ගායනා කරන තැන හරිම ලස්සනයි.හිතට දැනෙනවා....ස්තුතියි විෂ්මි

Anonymous at: 5/01/2010 4:28 PM said...

ලස්සනයි විශ්මී ..
ගායකයාගේ කට හඬේ ගැමිකම් රැදිලා තියන අපූරුව... මම කැමති ඒකටයි
ස්තූතියි බොහෝම..!

ගල්මල්-Coral at: 5/01/2010 4:57 PM said...

ඔබේ පද පෙල ගීතය තවත් ලස්සන කරනවා, සුබපැතුම්!

චේජනා at: 5/01/2010 5:02 PM said...

සින්දුව මම කලින් අහල තිබුන නංගි, ඒත් ඉතින් තේරුම දැන ගන්නෙ ඔයා ලිව්ව ම තමයි..

Anonymous at: 5/01/2010 5:24 PM said...

හරිම අපුරු කටහඩකින් ගැයෙන හිත පතුලටම යන තේරුමක් ඇති ගීයක්.... ස්තූතියි අක්කා මේක පල කලාට

Anonymous at: 5/01/2010 6:40 PM said...

ලස්සනයි. කයිලාෂ් ඛේර්ගෙ සිඳු හරිම ලස්සනයි. හින්දි සින්දු නිතරම අහන කෙනෙක් හැටියට මගෙත් ආසම ගායකයෙක් ඔහු..

විශ්මි at: 5/01/2010 8:39 PM said...

බොහොම ස්තූතියි හැමෝටම අදහස් දැක්වූවට.........අපි ආස කරන ගීත ඔබ හැමදෙනාමත් රසවිඳීම සතුටක්......

``` Outsider``` at: 5/02/2010 9:25 AM said...

මට ගීතය අහන්නනම් විදියක් නෑ. මොනා කරන්නද?
ඒත් ගීතයේ සිංහල අදහස ඔයා දාල නිසා ඒක රස වින්ද.

විශ්මි at: 5/02/2010 9:46 AM said...

අහන්න විදිහක් නෑ කිවුවේ ඇයි සහෝ.... අපේ බ්ලොග් එකේ ප්‍රශ්නයක්ද? මේ ලින්ක් එකට ගිහින් අහන්න......



http://www.youtube.com/watch?v=rnK-xJj3rPI&feature=player_embedded

හුටපටයා at: 5/02/2010 8:40 PM said...

මම නොදනී
ඔබමයි දන්නේ
මා ඔබේමයි
ඔබ මගේමයි
මේ පද පේළි ටික නම් මාරෙට හිතට වදිනවා. හැමදාම වගේම හින්දි ගීත වල තේරුම දැන ගන්නේ ඔබගෙන් . . හොද අත්දැකීමක් මට

රවා at: 5/09/2010 4:12 AM said...

නියමයි විශ්මි .. ස්තුති තැන පෙන්නුවට....

Post a Comment

newer post older post