
ගිනි පුපුර ඇස ඇරී
එළි කලේ සිහිනෙකී
නැත ඒ අනන්තෙකී
සිහිනයෙන් සිහිනෙට එතී
පෙම් කඳුළැලී සිව්නෙත පිරී
අප ආ සැටී
අතැඟිලි බැඳී
පියවර නැඟී
කඳු හෙල් මතින්
අප ආ සැටී
හිරු රැස් නැඟී
දහවල දිලී
තරු මල් පිපී
සඳවත පිරී
මන් මත් වෙවී
දින සති ගෙවී
අප ආ සැටී
අභිසෙස් ලැබී
දිවි සුසර වී
ගී තනු නැඟී
හද පිරි තිරී
අප ආ සැටී
මතකෙට නැඟී
නෙත් තෙත් වෙවී
මුව මත සරයි
පෙම් හසරැලී