හින්දි සිනමාවේ ජනප්‍රියතම ප්‍රේම ගී කිහිපයක් මතකයට නැගුවහොත් නිසැකවම මතකයට නැගෙන ප්‍රේම ගීයකි “කභි කභි” චිත්‍රපටයේ එන “කභි කභි මෙරෙ දිල්මේ” යන ගීතය
"සහීර් ලුධියාන්වි" විසින් පද රචනය කරනු ලැබ "මොහොමඩ් ඛයියාම්" විසින් සංගීතවත් කර "මුකේෂ්" විසින් ගායනා කරනු ලැබූ මෙම ගීතය වෙනුවෙන් හොදම පද රචනය, හොදම සංගීතය සහ හොදම පසුබිම් ගායනය සදහා ෆිල්ම් ෆෙයා සම්මාන හිමිවීමද විශේෂත්වයකි.
ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….
ඔබව නිමවී ඇත්තෙ මා වෙනුවෙන්මයැයි
ඔබ මීට පෙර තරු අතර ඇවිදයන්න ඇති
ඔබව පොලව මතට අඩගැසූවේ මා වෙනුවෙන්මයැයි
ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….
මේ සිරුර මේ දෙනෙත් මගේ වස්තුවක් යයි..
මේ ඝන සෙවණැලි වන් වරලස මා වෙනුවෙන්මයැයි
මේ දෙතොල්ද මේ දෙඅත්ද මගේ වස්තුවක්යැයි
ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….
මාවත්දිග හොරණෑ හඬ රැවුදෙන විට
මධුසමය රැයේ මා ඔබේ වේලය ඉවත් කරනවායැයි
ඔබ මගෙ තුරුලෙහි ලජ්ජාවෙන් වෙවුලනවායැයි…
ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….
ඔබ මේ ලෙසම දිවිය පුරා මා පතාවියැයි…
ඔබේ දෙනෙත් ආදරයෙන් මදෙස බලාවියැයි…..
ඔබ තවමත් මට ආගන්තුකයැයි මම දනිමි….
ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….
Subscribe to:
Post Comments (Atom)
19 අදහස්:
ස්තුතියි විෂ්මි ඔයාට,
කවදාවත් අමතක නොවෙන, කවදාවත් නොමැරෙන ගීතයක්.ඉතාම සුන්දර ගීතයක්
මම හිතන්නේ මම දහ දොළොස් වතාවකට වඩා බලපු චිත්‍රපටියක්. බිරිද සහ සැමියාගෙ සංසාරගත් බැදීම අපූරුවට කියන සුන්දර කතාවක්....
හපෝයි....... මට ගෙදර යන්න ඕනෑ.........!
මම මේ සින්දුවේ ඉංග්‍රීසි තේරුම වත් හැමදාම හෙව්වා...
ඇස්වහක් කටවහක් නෑ.... ඔබ දෙදෙන රාධා ක්‍රිෂ්ණා ම තමා.....
(අනේ බොහොම පිං නංගියේ මම මේක උපුටා ගන්නවා... කෙනෙකුට තැපැල් කරන්න....)
විශ්මි..... කොහොමද මෙ සිංදුව රැ 1.30 ට දෙකට විතර ඇහෙද්දි.. ඉස්සර මම වරායට එනවා රැ.. වාහනෙ රේඩියො චැනල් එකෙ මෙ සිංදුව.., ජුලි..., නුරි... මෙ හින්දි සිංදු ප්‍රචාරය වෙද්දි මම කෙලින්ම වහනෙ අයිනට අරන් නතර කරලා සිංදුව අහලා තමයි ගමන පටන් ගන්නෙ.. විශ්මි... ඔයා කලින් දැම්ම සිංදුවත් මට මතකයි.. හරිම රසවත් සිංදුවක්.. මම හින්දි දන්නෙත් නැති පොඩි කාලෙ ඉදන් මම අහාන සිංදු මෙවා... ඔයා අහලා තියනවද නුරී.. චිත්රපටියෙ සිංදුව...?
nanga, saw the post, but not yet listen the song to comment, so the coment will be later
@දිල් ..... මේක මමත් හුඟක් කැමති ගීතයක් දිල් අක්කෙ...... හිතට අමුතුම හැඟීමක් එනව ඇහෙද්දි.... ස්තුතියි ඔයාට......
@තිස්ස අයිය.... නංගි කියනව තව පිනුත් දෙනව...... :( ..... අයිය කැමති සින්දු තියෙනවනම් කියන්න හොයල දෙන්නම් අර්ථයත් එක්කම...... ඔය පිං අයියටම ආපහු දෙනව දෙගුණයක් කරල .... අපි අහල නැති ගීත අපිට හැමදාමත් රසවිඳින්න සලස්වනවට.... ස්තුතියි අයියෙ ... ( අක්කණ්ඩිට කියන්න අපි ලඟදිම එනව කියල :D )
@රවා....ඒ වෙලාවට නම් මට මේ ගීතය අහන්න ලැබිල නෑ රවා.... ඒත් හිතා ගන්න පුලුවන් ඒකෙ තියෙන අපූර්වත්වය.... මොකද කොයි වෙලාවට ඇහුවත් මට මේ ගීතය හුඟක් දැනෙන නිසා....... ඔයා කියන්නෙ 'ආජාරේ... ආජාරේ ඔ මෙරෙ දිල්බර් ආජා' ගීතය වෙන්න ඕනෙ.......ඔව් ඒකත් හරි ලස්සන ගීතයක්....ස්තුතියි රවා...
@චේජනා අක්ක........ sure akka... not to worry about the comment but listen to the song.... you will like it for sure..... thanx..
මං ගාවත් පරණ ගීත තියෙනවා හරිම කැමතියි ඔය වගේ ගීත අහන්න පුදුම සංගීතයක් තියෙන්නේ ඒ වගේ ගීත රසය උපරිමයි... ස්තුතියි ඔබට
ඕනම වෙලාවක ඇස් දෙක පියාගෙන අහලා හිත සන්සුන් කරගන්න පුලුවන් ගීතයක්......
ස්තුතියි ඒ මිහිරි ගීතයේ සුන්දර අරුත කියාදුන්නට.....
සින්දුව ලස්සනයි නංගි, සින්දුව බලද්දි මට හිතුනෙ වයසට යනව කියන සංසිද්ධිය අමිතාබ් බච්චන් වෙනුවෙන් විතරක්වත් වෙනස් කරන්න බැරිද කියල...:)
මමත් හින්දි සිංදු පිස්සෙක්. හැබැයි ගොඩක් පරන ඒවාට.
මේක හරිම ලයාන්ව්ත, හිතේ සියුම් තැන් සංවේදිව උද්දීපනය කරන ගීතයක්.
තේරුම නම් මේ වන තෙක් දැනගෙන හිටියේ නෑ.
ස්තූතියි විශ්....මේ සියල්ලටම.
ඔයාලා ඉතින් එවෙලාවට නිදි.. සුව නින්දක.. මම 18, 19 කලෙ දවස් දෙක තුනකට සැරයක් තමයි රැට පැය 6 ක් නිදාගන්නෙ... සමහර දවස් වලට එකදිගට ඇහැරන් ඉන්නවා.. ඔව් මම කිව්වෙ ආජරෙ.. කියන සින්දුව තමයි....
@ජීවිතය........හුඟක් නව ගීත වල තියෙනවට වඩා පැරණි ගීත වල සංගීතය අපූරුයි තමයි සහෝ.... ස්තුතියි ගොඩ වැදුනට........
@සමනලී.... ස්තුතියි සමනලී මේ පැත්තෙ පියෑඹුවට.......
@චේජනා අක්ක..... ඒකනම් ඇත්ත අක්කෙ ... ඔහු ඇත්තටම අපූරු රංගන ශිල්පියෙක්....
@නිල් අහස..... ඉඩ ලැබෙන හැටියට පැරණි ගීත වල අර්ථය දාන්නම් සහෝ.... ස්තුතියි ගොඩ වැදුනට.......
@රවා....අනේ නෑ රවා...... ඒ වෙලාවට නිදි නෑ...... පොත් කියෙවුවා හුඟක් දවස් වලට.... :)
මම ආසම කරන සිංදුවක් අක්කෙ.
ස්තුතියි විහඟි ගොඩවැදුනට........ මමත් ආසම කරන ගීත තමා මේ......
ස්තූතියි විශ්මි මේ වගේ සුන්දර දේවල් මතක් කරල දෙනවට..
@මචං .... ස්තුතියි ගොඩවුනාට යාළුවා......තව සුන්දර ගීත බොහෝමයි..... ටික ටික දාන්නම්....
@විශ්මි: නංගි පුලුවන් නම් මේ සින්දුව අපූරු පූර්විකාවක් එක්ක.. තේරුමත් එක්ක දානවද... . වෙලා තියනවානම් විතරයි...හොඳේ ...හදිසියක් නැතෝ...http://www.youtube.com/watch?v=IL6jaEvb0ZM
මාව පිස්සු වට්ටවන සින්දුවක් මේක..."දෝස්ත් දොස්ත් නා රහා... ප්යාර් ප්යාර් නා රහා... " සංගම් ෆිල්ම් එකේ....
දාන්නම්කො අයියෙ.... අපි මේ ලඟදිත් ඔය සින්දුව ගැන කතා වුනා........ උදාරට පොරොන්දුවක් උනා එකෙන් පස්සෙ අනිවාර්යෙන්ම මේ ගීතය දාන්නම්...
අපි උස් මහත් වුණේ මේ ලස්සන සින්දුත් එක්ක...
අපේ තාත්තා හින්දි ගීත වලට පිස්සු වැටිල හිටියේ, ඒ කාලේ...
තාමත් එහෙමමයි...
සෙනසුරාදා ඉරිදට මේ වගේ ගීත කන්දෙක පුරා අහගන්න ලැබෙනව ඒ හන්දා..
ගීතය අහලා තිබ්බත් තේරුම දැනන් හිටියේ නෑ මේ වෙනකන්..
මේ අපූරු ගීතයේ තේරුම තේරෙන සිංහලෙන් කියල දුන්න නංගිට ගොඩක් ස්තූතියි !!!
@සන්සරසිඳු...... පුංචිකාලෙ ඇහුවයින් පස්සෙ මේ වගේ සින්දු අහන්න ලැබුනෙම නෑ.... දැන් මේව හොයාගෙන අහන්න වෙලා...... පුළු පුළුවන් වෙලාවට මං සින්දු දාන්නම් අයියෙ...... ස්තුතියි ගොඩ වුනාට.......
Post a Comment