About
මත
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
Raven
3 අදහස්
සුරාවට මිස
මතට
තිතක් නොම තැබූ වග
පසක් කර ගතිමි
නුඹ නිසා
මම
සොඳුර
සබඳ මේ ප්‍රේමයයි
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
විශ්මි
2 අදහස්
සබඳ,
පොදි බැන්ද පැතුම් නැත
සිහින මාලිග පිඹුරුපත් නැත
අනාගත මල් උයන් වතු නැත
එහෙත්,
බැන්ද ආදර හැඟුම් පොදි ඇත
සිහින මත නුඹ අරක් ගෙන ඇත
සතුට හද තුළ පිරී'තිර ඇත
ඉඳින්,
පසු කරන මග දෙපස
ගත කරන හැම දවස
හෙලන සුසුමක පහස
මග හැරී නැත අපට
ප්‍රේමය,
මහ මෙරක බර දැනෙන
පිණි පතක සිසිල දෙන
සිහිනයක මත ගෙනෙන
හිරු සේම ගත දවන
පණ සේ උනුන් රකින
අප සේම අප විඳින
අවකාශයයි..
-විශ්මි-
මතක ඇස්
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
Raven
2 අදහස්
මතක ඇස් කෝටියක
දැවටි දැවටී
රැයක් අලු කලා නුඹ
සීතලක් වත් නොදී
පහන් සිල මත වැදී ගිය සිතුම
මැකී බොඳවී ගියා
පත් ඉරුව නොතෙමාම
මතක අඳුරේ ගුලිව ඉන්න ඉඩ නොතබාම
නුඹ ඇවිත් අවුස්සා හිතද ගත නොඅසාම
තරු ඇසක කාන්තිය
නිවී යන ඇසිල්ලක
අඩ අඳුරෙ ඉඳන් කවි
ලියන්නට හිතමි මම
එහෙත් කවදා එයිද
එවන් ඉසිඹුවක් මට?
නේරංජනා ගඟබඩ
Categories:
සිහිනෙන් ඔබ්බට
ලිවුවේ
Raven
3 අදහස්
නේරන්ජනා
ගං තීරයේ
ඈ උන්නා
සඳක් සේ
දාවලේ
ලිඟු වලින්
වයසින්
තරාතිරමෙන්
නැතිව වෙනසක්
දහක් උන්
පෙළ ගැසී
ඈ හා
රමණයට
පෝලිමේ
ඒ අතක්
මේ අතක්
නොමදැන
මා
අයාලේ
දෙගිඩියාවේ
මුලක් මැද හෝ අගක්
නොපෙනෙන
මිනිස් ගඟ
කළතවයි
නේරංජනාවේ රළ
අප්‍රියයි මට
ඈ සමග
යළි යළිදු නිදිවැද
පෝලිමේ
හිඳිනතර
මහලුව
මියෙනු මිස
වේද එතෙරක්
මෙයින් එපිටක
අඩු මිලට
ජීවිතය විකුණා
කුමන ඵල?
හැරදමාලා
මේ අමන පෝලිම
නේරංජනා රළ
රැගෙන තුරුළට
උඩුගං බලා
පිහිනා
මිදෙනු මිස
එහෙත් තවමත්
බියයි මම
කැට මුගුර පහරට
හූ හඬට
ආදරය සහ කැප කිරීම්..
Categories:
යථා සෙවනැළී
ලිවුවේ
විශ්මි
4 අදහස්
සිහිනයක් නොවේ… මෙය සිහින සිතුවිල්ලක්…… “ආදරය වෙනුවෙන් කැපකිරීම් නොකලයුතුයි”….. බොහෝ දෙනෙක් කියයි එය එසේ නෙවේ කියල….. ඒත් මම හිතන හැටියට නම් කැපකිරීම් කියන්නෙ තමන් ආස කරන දෙයක් අත්හැරීමක් පමණයි……. ඒ දෙයට ඇති ආසාව අත් හැරීමක් නෙවේ…….ඒ කියන්නෙ අපි යමක් ආදරය වෙනුවෙන් කැප කරන්නෙ ඒ කැප කරන දෙය ගැන යම් දුකක් ආසාවක් හිතේ කොනක හිර කරගෙන……
ආදරේ වෙනුවෙන් ඕනෙම දෙයක් කැපකරනව කියන කෙනෙක්ගෙ ආසාවක් තියෙන්නෙ ආදරේ ගැන ඒ ආදරෙන් ගෙවන කාලය ගැන විතරමද?..... ආදරේ නිසා මත්පැන් බීම කැපකරන කෙනෙක්ගෙ හිතේ පොඩි හරි ආසාවක් නැද්ද ඉද හිට හෝ ඒ වෙනුවෙන් කාලයක් ගත කරන්න? ආදරේ වෙනුවෙන් යාලුවො, දෙමවුපියො, නෑදෑයො කැපකරන අයගෙ හිතේ ඒ අය නැතුව පාලුවක් ඇත්තෙම නැද්ද?
මම හිතන හටියට නම් ආදරය වෙනුවෙන් කැපකිරීම් නෙවේ වටින්නෙ ….. අත් හැරීම්…… සැහැල්ලුවෙන්, කැමත්තෙන් අත් හැරීම්… ඒ අත් හැරීම් ගැන නැවත කිසිම දවසක පසු තැවීමක්, ඇතිවෙන්න ඉඩක් ආදරය තුල නැත….. අත්හැරිය දේවල් වල ඉඩත් ආදරෙන් පිරෙනවනම් ඒ දේවල් කිසියම් මොහොතක ආදරය වෙනුවෙන් කැපකලා යැයි මතකයක් හෝ රැදෙනු නැත……
බොහෝ සුන්දර පෙමක් නිසාවෙන් උපන් සැබෑවටම අත්විදින සිහින සිතුවිල්ලක් පමණි…..
මොහොතක දෙකක කවියකි ජීවිතය
Categories:
සිහින තාල
ලිවුවේ
විශ්මි
1 අදහස්
1976 වසරේදී තිරගත වූ "
කභි කභි
" චිත්‍රපටය හින්දි සිනමාවේ එක් සුවිශේෂී සලකුණක්. මෙම චිත්‍රපටය "
සහීර් ලුධියාන්වි
" නම් ඉන්දීය කවියාගේ ජීවිත කථාව ඇසුරෙන් බිහිවූ බවට පැවසෙනවා. එම චිත්‍රපටය සඳහා ඔහු විසින් පද රචනය කළ මෙම ගීතය විශේෂයි. ජීවිතය, හමුවීම්-වෙන්වීම්, හිමිවීම්- අහිමිවීම් ගැන උපේක්ෂාවෙන් ලියා ඇති මෙම ගීතය අප බොහෝ දෙනෙකුගේ ජීවිතවලට සමීපයයි හැගේ.
මම මොහොතක දෙකක කවියෙක්මි...
මගේ කතාව මොහොතකට දෙකකට පමණි...
මගේ සිනහව මොහොතකට දෙකකට පමණි...
මගේ තාරුණ්‍යය මොහොතකට දෙකකට පමණි...
මම මොහොතක දෙකක කවියෙක්මි
මට පෙර කොපමණ නම් කවියන් පැමිණියාද?
පැමිණ ගියාද?
සමහරුන් සුසුම් හෙලා ආපසු ගියා
සමහරුන් ගීත ගයමින් පිටව ගියා
ඔවුනුත් එක මොහොතක කතාවක් පමණි
මමත් එක මොහොතක කතාවක් පමණි
හෙට ඔබගෙන් වෙන්වී යාවී
අද ඔබගෙන් කොටසක් වූ මා
මම මොහොතක දෙකක කවියෙක්මි
හෙට නව ගීතයක් පැමිණේවි
නැවුම් මල් පොකුරු සිප ගන්නෝ
මට වඩා හොඳ කතා කරුවන් වනු ඇත
ඔබට වඩා හොඳ අසන්නන් වනු ඇත
හෙට කවුරුන් හෝ මා මතක් කරාවී
නමුත් කවුරුවත් මා මතක් කරන්නේ ඇයිද?
මෙතරම් කාර්යබහුල ලොවක
මා වෙනුවෙන් කාලය නාස්ති කරන්නේ ඇයිද?
මම මොහොතක දෙකක කවියෙක්මි...
පසමිතුරු නිදි දෙවිඳු
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
විශ්මි
3 අදහස්
දෝතින්ම වැළඳගෙන
හිරු සදිසි විසල් පෙම
කක්ෂගත කොට දිවිය
පිරී ඉතිරෙන තුටින
ඉසිඹුවක් අවැසි නැති
විඩාවක් දැනෙනු නැති
කප්පරක් වදනතර
නොනිමි හසකැන් අතර
පසමිතුරු වෙස් ගනී
නිදිදෙවුද නෙත් පියන
විසුලු වදන්
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
Raven
2 අදහස්
වරු ගණන්
එක දිගට
අප සුසුම්
පමණක්ම
අසමින් වශී වී ගෙවුව
යටගිය දවස්
නැවත
සිහියට එත්ම
විහිලු සහගතය
මට සිතේ
මේ සා ගැඹුරු
වදන්
නුඹ නමින් අද
කවි ගොතන්නට
යොදන
අනන්ත ප්‍රේමය
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
විශ්මි
3 අදහස්
කවියෙන් කවිය
පදයෙන් පදය
තැබූ පියවර මවෙත
පැබැඳි පදරුත්
නොදැනීම මා නමින්
වැල් පාලමක් වුනිද...
ගතව යන පෙරට එන
කල් අතර පිරිපුන්ව
අප අපට ලොබ බඳින
පෙමක් වැඩුනේ කෙළෙස..
ක්ෂයව යන බව කියන
පෙම්වත් හැඟුම් අතර
අනන්තෙට දිගුව යන
තෙරක් නොපෙනෙන පෙමක
ඔටුණු පැළඳුවෙ නුඹය..
ඉඳහිටක හෝ......Kabhi toh nazar - Adnan Sami
Categories:
සිහින තාල
ලිවුවේ
විශ්මි
3 අදහස්
ඉඳහිටක හෝ මා නෙත් දෙස බලන්න..
ඉඳහිටක හෝ මා අසලට පැමිණෙන්න..
නොකියූ කතා ඉඳහිටකවත් තේරුම්ගන්න..
මම ඔබේ උන්මත්තකයා වෙමි....
ඉඳහිටක හෝ මා නෙත් දෙස බලන්න..
ඉඳහිටක හෝ මා අසලට පැමිණෙන්න..
නොකියූ කතා ඉඳහිටකවත් තේරුම්ගන්න..
මම ඔබේ උන්මන්තිකාව වෙමි....
දුටු වනම මා ඔබට හද පුද කලා....
ඔබත් හිතා බලන්න ඔබ මට කුමක් කළා දැයි කියා....
ඔබ කුමක් කළාදැයි කියා....
මගේ හදවත බිඳ නොදමන්න....
ඉඳහිටක හෝ හදවතට හදවත ළං කරන්න....
මම ඔබේ උන්මත්තිකාව වෙමි....
ඔබේ කෙහෙරැල් සිපගන්න සිතෙයි....
එවිට ඔබ කුමක් පවසාවිදැයි සිතෙයි....
ඔබට කුමක් නම් පවසන්නද?....
කුමක් නම් පවසන්නද?....
ඔබේ තීරණය පවසන්න... මා වැළඳගන්න.....
මම ඔබේ උන්මත්තකයා වෙමි....
දැන් ඉතින්...
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
Raven
6 අදහස්
සතර දිග් භාගයම
අවුලුවා හිරු සේම රන් දවන
තරු ඇස් දෙකකි දැල්වෙන
සිහින දන්දෙන
අතුරාලු නෙක රටා දස අත
වියා වෙහෙසට නිදන ලෝකෙක
නිදිවරපු දෙනෙතකුත්
හැව ඇර..
2/14
Categories:
සිහිනෙන් ඔබ්බට
ලිවුවේ
විශ්මි
1 අදහස්
නොරිස්සුම්
ගැස්සුම්
ඇනුම් බැනුම්
රැවුම්
කෙනිත්තුම්
සෝ සුසුම්
කඳුලු වැල්
දිගු නිහඬතා බිඳ....
ලාබයි ලාබයි!
අද විතරයි
හෙට නෑ
ගෝසාව
නිල්පාට
කොළ පාට
සාටක
මොණරු
රතු රෝස
දිගු හාදු
සිහිවටන
හුවමාරු
ප්‍රේමය....
?
අහිමිවීමක් නොවෙයි ඒ
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
Raven
2 අදහස්
සියල්ලම අහිමිවීමක්
නොවෙයි ඒ
හැමවිටම අදට පසු
හෙටක් ඇති තාක්කල්....
මාර්ග සංඥා
එළි නොමැති
අධිවේග මාවතේ
තෙමි තෙමී
සොයාගෙන,
නැවතුනාම අපි
අමාරුවෙන්
වැස්සක සිරි සිරියෙන් තෙතබරි වුන
කහ ඉරක අස
තෙමෙන්නට බැරි වැස්සක් නොවුනත්
නුඹ දිග ඇර ගත්තා කුඩය
ඉවෙන් මෙන්
මුල් වතාවට
අපිට ඉහලින්
බැල්මක දෙකක
හුවමාරුවක්,
කවදත්
අපි අතර තිබුණා
එකඟතාවයක්
යා යුතුය
එතෙරට
කඩිනම් ගමනක්
චුරු චුරුය වැස්ස
සුනංගුය මසිත
මා දෙපා කඩිනම්ය
අත්හැරිය යුතුය
කුඩය යුහුසුලුව
එතෙරක..
සියල්ලම අහිමිවීමක්
නොවෙයි මේ
හැමවිටම අදට පසු
හෙටක් ඇති තාක්කල්....
උදා වූ වසන්තය
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
විශ්මි
3 අදහස්
කලු වළා ඇද හැලී
සිප ගනියි මහ පොලොව
තුරු හිස්ද ඉපිල්ලී
සිනාසෙයි උනුන් වැළඳ අද
දූපතක් වී මහද එදවස
හිම පියල්ලෙන් වැසුණ
රමණීය වසන්තය
සීතලට ගල් ගැසුණ
දිය උනා හිම පියළි
උදාවී වසන්තය
පෑයූ සඳ ඔබේ පෙම
හිරු කිරණ වෙස් ගෙන
මේ අයුරින්.....Kuch is tarah - Atif Aslam
Categories:
සිහින තාල
ලිවුවේ
විශ්මි
4 අදහස්
මේ අයුරින් ඔබේ නෙත්පිය මගේ නෙත්පිය හා එක් කරන්න
ඔබේ හැම කදුළකින්ම මගේ නෙතු පිය සරසන්න
ඔබ හැම මොහොතක්ම හැම වෙලාවක්ම මා සමග සිටියා
ඔවු, මේ ගත විටෙක දුරින්ද විටෙක ළගින්ද රැදුනා
ඔබේ හැම දුකක්ම මගේ බව පවසන්න
ඔබේ මුව මත ඇති මේ දොම්නස මට රිසි නැත
දොම්නසින් බැදීමක් ඔබ හා පැවැත්විය නොහැක
මගේ ඉල්ලීම අහන්න
මේ දොම්නස් බව මුව මතින් ඉවත් කර ගන්න
Time Bomb
Categories:
සිහිනෙන් ඔබ්බට
ලිවුවේ
Raven
0 අදහස්
ශත වරුස ගණනක
බරැති සලු හැඳ
නොහැක පැන යන්න
මට
බැරිය සැඟවෙන්න
බයයි මට
ටක්...ටක්...ටක්..
තත්පර ගෙවේ
ඉතිහාසයේ
කාල බෝම්බය
ඈද මා අතරේ
දහසක් පෙම් කතා හා
අනන්‍යව
හිස කේ ද රැවුලුද සිඳ දමා
උකස් කොට හෝ විකුට දිවියම
පමණි මහ පිපිරුමෙන් ගැලවුම
ඉන්පසුව
අබරණ පැළඳ එන
තටු බරැති සමනලුන්
ඇල්ලිය හැක බරට
එකම රවුමක
ගෙවෙන දිනවල
මධුසමේ සිහිනය
Categories:
සිහිනෙන් ඔබ්බට
ලිවුවේ
Raven
2 අදහස්
හදවතේ බොරු ඇස වැසී
සංවේදනාවෝ ඇහැ අරී
ගල් ලෙනේ මිනිසා
අත වනයි ඈතින්
සියක් වසරක සලු උනා
මෑතින්හිඳිමි මම
ඇගේ සුසුමක් දැනෙන මානෙක
සැහැල්ලුව ළය මතට ගෙන
වළ දමාලා ඊයේද අද හෙට
කාලයද අවකාශයද
අමතකව ගිය සිදුරක
අප දෙදෙන
මරණීය වූ හුදෙකලාවෙක
අතීතේ නැංගුරම් ලා නැති
අද උපන් දරුවන් ලෙසින්
සිහිනය
Categories:
මතක සෙවණැළි
ලිවුවේ
විශ්මි
0 අදහස්
සුමට සිතුවිළි
තෙරප තෙරපා
කටු අනියි හදවතට
ගිලන් විය මිතුරු දම
ඔද වැඩී සිහිනයක්
ඔබත් මාත් අතර
පාරාදීස වළාවක
ප්‍රේමණීය අහස් වියන යට
කාලයද සතුරු වී
අවකාශයේ සිරගත විය
ඔබත් මාත්
නෙත් සතරෙන් දුටු
එකම සිහිනය
ගිනි පුපුර වී සිහිනයේ මම
ඉන් එළිය දුටු ඔබේ නෙත් යුග
දකින්නට අවැසි මුත්
සිහිනය හුදු
සිහිනයම විය
පාසල් මතකය
Categories:
මතක සෙවණැළි
ලිවුවේ
විශ්මි
0 අදහස්
පාසලක...
මතක ගොඩක
හිත
දුව දුවා හැමතැනම
දඟ කරයි නොනැවතිම
කුරුටු ගෑ සිතුවිළි
ගී සින්දු පදවැල් අතර
සොයුරියන් වුනා අප
එකම මවු කුසින් ඔත්
අමතකව නොයෙයි ඒ
සොඳුරු මිතු සබඳකම්
කෙළිදෙලෙන් අකුරු කළ
මතක අතරේ දුවන
සුදුපාට රැළි අතර
සැඟව ගිය කඳුලු කැට
සමුගත්ත දා නුඹෙන්
අදත් උණුහුමයි මට
සූදුව
Categories:
සිහිනෙන් ඔබ්බට
ලිවුවේ
Raven
1 අදහස්
ලෙච්චමී ආයෙමත් ඇවිත්
Categories:
සිහිනෙන් ඔබ්බට
ලිවුවේ
Raven
0 අදහස්
හිස් තැනක්
Categories:
සිහිනෙන් ඔබ්බට
ලිවුවේ
විශ්මි
1 අදහස්
ඉඩ දෙන්න
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
Raven
0 අදහස්
සිහින ඇස් අරී
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
විශ්මි
0 අදහස්
යළිත් නාවත් මොකද ඒ කවි
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
Raven
2 අදහස්
පිළිසිදීම
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
විශ්මි
0 අදහස්
අපේ ආදර කතාව
Categories:
ලේ ගලන සිහින
ලිවුවේ
Raven
2 අදහස්
ඇරඹුම
Categories:
ලිවුවේ
Raven
1 අදහස්
Subscribe to:
Posts (Atom)
ලිපි එකතුව
►
2014
(1)
►
February
(1)
►
2012
(5)
►
November
(1)
►
October
(4)
►
2011
(6)
►
October
(2)
►
February
(4)
▼
2010
(62)
►
December
(3)
►
November
(2)
►
June
(1)
►
May
(3)
►
April
(10)
►
March
(15)
▼
February
(28)
මත
සබඳ මේ ප්‍රේමයයි
මතක ඇස්
නේරංජනා ගඟබඩ
ආදරය සහ කැප කිරීම්..
මොහොතක දෙකක කවියකි ජීවිතය
පසමිතුරු නිදි දෙවිඳු
විසුලු වදන්
අනන්ත ප්‍රේමය
ඉඳහිටක හෝ......Kabhi toh nazar - Adnan Sami
දැන් ඉතින්...
2/14
අහිමිවීමක් නොවෙයි ඒ
උදා වූ වසන්තය
මේ අයුරින්.....Kuch is tarah - Atif Aslam
Time Bomb
මධුසමේ සිහිනය
සිහිනය
පාසල් මතකය
සූදුව
ලෙච්චමී ආයෙමත් ඇවිත්
හිස් තැනක්
ඉඩ දෙන්න
සිහින ඇස් අරී
යළිත් නාවත් මොකද ඒ කවි
පිළිසිදීම
අපේ ආදර කතාව
ඇරඹුම
පිරිස
ගල්මල්-Coral
එකා මෙන් | As One
10 hours ago
One | Zero | Zero
මේක තමයි සංසාරෙ ණය ගණුදෙනුව
2 weeks ago
"දියත් කුලේ අපි"
ප්‍රසන්න මධුර සුඛං
5 weeks ago
mini කවි
ගීකයාගේ නොස්ටැල්ජියාව
5 weeks ago
ටොපිය
තුසිත රාමවික්‍රම අභාවප්‍රාප්ත වෙයි
2 months ago
"බිඟු නද"
ඊයේ මෙන්ම අද
3 months ago
නිදහස් සිතුවිලි
688 - ඉල්ලංකෑමේ ජාතකය - තොරණේ විස්තරය...
4 months ago
ලීෂාන්ගේ බ්ලොග් රෝල
මතකයක් යට හිඳ..!
11 months ago
~මන්දාකිණිය~
හමුවෙමු..
1 year ago
Shimmering Thoughts
COVID කතන්දර
2 years ago
අනන්තය
හිල
3 years ago
හද ගී පොත...
කොළ මැඩපන් ඔයි රාමා...!
4 years ago
සොඳුරු සිත ( Beautiful Mind )
ගෙජ්ජි මල්ල්
4 years ago
දුකා..
දවස් තුන !
4 years ago
චේජනාගේ පිටුව (Chejana's web page)
මෙහෙයවන සෙනෙහස...
4 years ago
මාරයාගේ හෝරාව
නිවිති එක්ක දෙල් කිරට...
5 years ago
Abnormal Minds
ගැලවීම
5 years ago
ජීවත් වෙනකොට | while living
මා හූනා
5 years ago
Il Mondo di Una Povera Pazza
රෝමයේ දන්සැල (පත්තර මල්ලිලාගේ ගේ දන්සැල.......!)
7 years ago
Feeding the Monkey
අවුරෝරා
7 years ago
නිකමට වගේ
කටු කම්බි සහ වීදුරු කටු අතර මම
9 years ago
හිපියාගේ සටහන්...
ඩැෆඩිල්: Verses from my eternal twenties
9 years ago
Fit එකේ සෙට් වෙන්න!!!!
බැරකුඩාවේ කුඩාවට...
9 years ago
මාලිගේ සිතුවිලි....
Agen itupoker terpercaya di Indonesia untuk Online Poker
9 years ago
ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය
අමතකය නුබ හට
9 years ago
අතීතයෙන් ගඟ ගලා.... බසි.....
මොකද්ද මේ....
10 years ago
පිටස්තරයාගේ ලෝකය
කැත කූඹී...
10 years ago
මගේ මරණය
Write to express, not to impress
11 years ago
විඳින්න එන්න
පාත්තරයට.....................සිගා වැඩීම...???
12 years ago
හිතුවක්කාරිගේ සිත් යාය...
දීවී-පාර්ශික වෙළඳ ගිවිසුම..
12 years ago
ඉසිඹුව
ම’සිත හැඟුම් පුබුදුවන්න….
12 years ago
අමුතු කතාවක්!
අමුතුකතාවක් 20 කොටස
12 years ago
යෝගියාගේ සටහන්...
අරණකට පෙම්බැඳ …
12 years ago
වවුල් තිප්පොලේ සිට...
ඇය තවම ආවේ නෑ...
13 years ago
යථාර්ථය අකුරු කරන්නට....
කවි සිතට සමු දෙනෙමි | Good bye my Poetic Mind
13 years ago
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණි හින්දි ගී...
:: Chal Ud Ja re.. මගේ ජීවිතයේ සතුවී.. ::
13 years ago
...::: සියපත :::... by sansarasidu
ඔබ …
13 years ago
Taboo Subjects
අතීතයෙන් අහුලන මතකයන්...
Out In The Open
Show 25
Show All
Popular Posts
ආදරය සහ කැප කිරීම්..
සිහිනයක් නොවේ… මෙය සිහින සිතුවිල්ලක්…… “ආදරය වෙනුවෙන් කැපකිරීම් නොකලයුතුයි”….. බොහෝ දෙනෙක් කියයි එය එසේ නෙවේ කියල….. ඒත් මම හිතන හැටියට නම් ...
තවත් මොහොතක්..
මම නැඟිටීමි. බඩවැල් කරකවා පපුව හරහා දිවඟට පැමිණි අපුල දැන් මට නොදැනේ. දෙනෙතින් කඩා හැලෙන බිඳු කමිස අතින් පිස දමමින් මසොයුරා සමඟ කතා කරන ඔ...
පිටස්තරයා
මම දුවමි... මුලින්ම ගේ දොර හැර දමා කඩිනම් ඇවිදීමකින් ගෙවත්තටද ඉන්පසු පාරටද බටුයෙමි. හන්දියේ ත්‍රීරෝද රථ නැවතුම පසු කල ගමන්ම මම මහා මාර්ගය ඔස...
නුඹේ බිරිඳව..
නුඹේ බිරිඳව මා තබන පලමු සටහනයි.......... නීති ප්‍රකාරව මා දැන් නුඹේ බිරිඳය...... අෂ්ඨක කියා චාරිත්‍ර ඉටුකිරීමට තව කෙටි කලක් ඇත.... මම ආඩම්බ...
බල්ලාගේ මරණය
--> " ජීවිතේ හැටි ඔහොම තමයි මහත්තයෝ" ඥාණවිමල හාමුදුරුවෝ කටහඬ අවදි කරයි " අපේ ජීවිත ත් කොයි වෙලාවෙද කියල නෑ. ඉපදු...
නොතේරුම
ගීයක් රැඳී උන්නා ලැබෙන තුරු හඬක් තරුවක් බලා උන්නීය දරාගෙන අහසක් සදාකාලික දුරක් දිළෙන තරු එළියෙන් මැවෙනු දැක ගොලුව ගිය මිනිසෙක් පහුරු ගෑවා නො...
මරණයට මග බැලුම
ඈ තින් පෙරි පෙරී එන වීදි ලාම්පු එළියෙන් අපගේ සෙවනැළි සිතුවමට නැගෙන්නට පටන් ගත්තේ කොයි වේලාවක පටන්දැයි මට මතක නොතිබිණි. බොහෝ වේලාවක් අපි බලාග...
මොහොතක්...
'ජීවිතේ උගුලක්' ඔහු කීය. සුදු පෙණ නංවමින් ගල් කුළු අතරට වන් දිය කඳ ගල් මතු පිට සෝදා දමා යලිත් මුහුදට එක්විය. ' ඔව්... ජීවිතේ ලො...
මා ප්‍රියාවිය..
ප්‍රේමය ගැන කොතරම් නම් කවි ගී බිහිවෙයිද? කොතරම් නම් කටහඬවල් වලින් විවිධ භාෂාවන්ගෙන් සහ මියැසියන්ගෙන් අප වෙත ඒ ගැන තතු කියාවිද...අද මෙන්ම හෙට...
නොලියවෙන දේවල්
මේ දවස් වල මොකුත් වැඩිපුර ලියවුනේ නෑ. ලියැවුනත් ලියැවුනේ ලියන්න ගිය නමුත් නොලියවෙන දේවල් ගැනම තමයි . ලියපු නමුත් නොලියවුන නිසා දානවද නොදානව...
Categories
මතක සෙවණැළි
(5)
මොහොතක කතා
(17)
යථා සෙවනැළී
(1)
ලේ ගලන සිහින
(18)
සිහින තාල
(8)
සිහිනෙන් ඔබ්බට
(20)
Home