අන්ධ කර මා නුවන්
තවරලා ආලේ අඳුන්
දෝතින් බදා වැළඳ
මා රකින, මා සිඹින
නුඹ
ස්වාර්ථකාමියෙකු නොමවේද?
තුරුලු වී උණුහුමට
නෙත් පියා ගෙන තුටින
නොතකමින් මුලු ලොවම
දැවටෙමින් නුඹ ළඟම
සෙනෙහසට ලොබ බඳින
මම
ස්වාර්ථකාමියෙක් වෙමිය නුඹටත් වැඩිය
-විශ්මි-
Subscribe to:
Post Comments (Atom)
17 අදහස්:
ප්‍රේමයක යථාර්තය ස්වාර්ථකාමී මම තුලින් නියමාකාරයෙන් පෙන්වා දී තිබෙනවා කියලයි මට නම් හිතෙන්නේ නගේ. උපරිමයි.
ඔව් ස්වාර්ථකාමියෙක් තමා..නැත්තම් ජීවිතේ මේතරම්ම බෙදාගන්න පුළුවන්ද ?
හිතට දැනෙන වචන අහුරක් විෂ්මි
උපරිම රසාස්වාදයක් වින්දෙමි..මේ පබැදුමෙන්.
ස්වාර්ථකාමියෙකු කියන්නෙ කාටද? (මෝඩ ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ)
@දුකා...... ස්තුතියි දුකා අයියෙ.. අනිවාර්යෙන් අපි හැමෝම ප්‍රේමය ඉදිරියේදි ස්වාර්ථකාමියො වෙනව.....
@දිල්....... ස්තුතියි දිල් අක්කෙ.....
@නිල් අහස... ස්තුතියි සහෝ ගොඩවැදුනට....
@හංසිනි..... නොදන්න දෙයක් අහන එක මෝඩ ප්‍රශ්නයක් නෙවෙයි හංසි... ස්වාර්ථකාමියෙකු කියන්නෙ 'ආත්මාර්ථකාමියෙකු' කියන අර්ථයමයි..... කවි රසයට හානි වෙන නිසයි ඒ වචනය භාවිතා කලේ නැත්තෙ...
ස්තූතියි ගොඩක් ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ ආදරය තමයි ඒත් එහෙම නොවන ආදරත් තියනවා මම කෙනෙකුට ආදරෙයි ඒත් මට එයා නොලැබෙන බව දැන දැන එයා වෙන කෙනෙකුගෙ කියලා ඒත් ඒක හරි ආදරණිය හැඟීමක්
හැමෝටම, හැමදේටම වඩා අපි ආදරේ අපිටමයි කියන එක ලස්සනට කියලා තියෙනවා නංගී
vishmi ....
this one....
this is beyond my understanding.....
i cant imaging your limitations.....
that's why someone call " Mother " to you somday.
this is just beganing.
we will see....
ඔහුගේ ඇකයේ ඔබ හිස රඳවා..
සැනසුනු මොහොතක ඔබේම දෙනෙතින්...
මාඔබ දුටුවා, ඔහුට නොවේ..
ඔබට පමණි ඔබ ආදරේ...
රසදුනකි නුඔ මට
සෙනෙහස සිත් පිරුණු
සිහිනයකි නුඹ මට
අද දින මා දකින
ජීවිතය විය නුඹ මට
කිසිදිනක හැර නොයන....
සුභ පැතුම් ඔබ දෙපලට
හරිම සුන්දර ආදරයක් අක්කෙ... ආදරේ ස්වාර්ටථකාමී වෙන්න ඕනෙ තමයි. ඔයාලගෙ ආදරේ හැමදාම රැඳේවි.. සහතිකයි...
අපූරුයි නංගෝ... ඇත්තටම අපූරුයි.. ඔබේ වදන් පෙළ මගේ හදවත කිඳාබැස එහි පැළපදියම් විය. අපූරු යෙදුම් ! විශිෂ්ටයි !
ආදරයෙදි අපි හැමෝම ස්වාර්ථකාමීන් වීම වැළැක්විය නොහේ..
පරාර්ථකාමීව ආදරය කරන්නේ කෙසේදැයි මට නම් නොතේරේ.. මන් ද එසේ කළ හැකි නම් ආදරයේදි දුක, වේදනාව මෙන්ම ඊර්ෂ්‍යාවද හට ගන්නට ඉඩක් නොමැති බැවිනි...
හරිම ලස්සනයි... අවංක ප්රකාශනයක් කවියකට ගොනු කරල..
හරිම ලස්සන ප්රකාශනයක්...අවංකයි... සුන්දර කවියක්..
ප්‍රේමය ට වඩා
ආත්මාර්ථයක්වත්
පරාර්ථයක්වත්
නැතැයි මට සිතේ
(සමාවෙන්න දෙන්නම, මම එන්න පරක්කු වුනාට)
@ හංසිනි .... ලැබුනත් නොලැබුනත් ප්‍රේමය බොහොම සුන්දර හැඟීමක්....
@රන්දිල්.... ස්තුතියි අක්කෙ
@රවා .... never try to imagine my limitations rawa...... of course they will be beyond your understanding.... coz no one will ever understand my limitations.. even I, my self couldn't understand it.... if there is anyone who got close to my limitation , it is Raven.....
@ තිස්ස අයිය.... අපි අපිට ආදරේ නිසා නේද තිස්ස අයියෙ ආදරේට මේ හැටි ලෝබ.....
@ජීවිතය... අපූරුයි පදටික සහෝ..... ස්තුත්යි....
@විහඟි....... ස්තුතියි විහඟි...
@සන්සරසිදු... ස්තුතියි අයියෙ.... ආදරේදි අපි හැමෝම ආත්මාර්ථකාමියො වෙනව.... ආදරේ කියන දේට අපි කොයිතරම් ලෝබයිද... සසර ගමන මොහොතින් මොහොත දික් වෙනව..... :)
@පිටස්තරයා.... බොහොම ස්තුතියි සහෝ....
@චේජනා...... ස්තුතියි අක්කෙ... කිසිම පරක්කුවක් නෑ... ඉඩ ලැබෙන හැටියට එන්නකො මේ පැත්තෙ..
" If there is anyone who got close to my limitation , it is ..." WOW.. WOW... WOW.. that is something I like to hear from my loved one too..... hmmmm lucky guy.....
Post a Comment