ජීවිතේ අගුපිළක
මුහුදු බත් වී ගිය
පෙම් හසුන් කඩදාසි ඔරු
ඇත
අකුරු බොඳ උන
කොහිද ඒ කටහඬ
සොයමි මම
සාගරේ රළ පෙරළි විලාපෙද
නිහඬ කල
මධුවිතේ ගිලී යන
අඳුරු දිගු මං අතර
ගිණි පුපුරු මතකයකි
නිවී නොනිවී සසැලෙන
සදාකල් තරම් දිග
මොහොතක්ය
මතකයෙන් නොමැකෙන
වසන්තය යයි කියා ජීවිතය
සරසවන විට
ඉටි මල් ගසා
නිසරු තුරු හිස
හැඟේ
සිහින වුව
වියපත්ව ඇති වග
Subscribe to:
Post Comments (Atom)
2 අදහස්:
දෙයක් නැති උනාම දැනෙන හිස්බව අපුරුවට පද වලට පෙරලලා...
ස්තූතියි දිල්
Post a Comment