About

Related Posts Plugin for WordPress, Blogger...

අවදිව



13 අදහස්





සිහින නිදි ගත්
එක් හිමිදිරියක
පිපුණු මල් දෙපෙත්තක්
පිණි දියෙන් තෙත් බරව
නිදි වැරූ බඹර තුඩක
පහස ලැබ..



-විශ්මි-

වියපත්ව යන සිහින



2 අදහස්




















ජීවිතේ අගුපිළක
මුහුදු බත් වී ගිය
පෙම් හසුන් කඩදාසි ඔරු
ඇත
අකුරු ‍‍බොඳ උන

කොහිද ඒ කටහඬ
සොයමි මම
සාගරේ රළ පෙරළි විලාපෙද
නිහඬ කල

මධුවිතේ ගිලී යන
අඳුරු දිගු මං අතර
ගිණි පුපුරු මතකයකි
නිවී නොනිවී සසැලෙන

සදාකල් තරම් දිග
මොහොතක්ය
මතකයෙන් නොමැකෙන

වසන්තය යයි කියා ජීවිතය
සරසවන විට
ඉටි මල් ගසා
නිසරු තුරු හිස

හැ‍ඟේ
සිහින වුව
වියපත්ව ඇති වග

හිස් තැන්



6 අදහස්















දවස දෙදවස හොරෙන්
ගෙවී යයි ජීවිතේ
පිරෙයි
හිස් තැන් බොහොම

පැණ වැළකි ජීවිතය
විසඳගනු වස් බොහොම
නුඹද මා වෙහෙසූව

සිනහ අපමණක් දැක
කඳුලු කප්පරක් දැක
නමුදු නොසැලී හිටිය
හැටි අරුම බොහෝ පැණ

පන්හිඳක් දී මෙවත
නුඹ පිටව ගිය පසුද
පුරවන්න නොහැකි විය
එකදු හිස් තැනක් මට

සබන් පෙණ බුබුලු වන්
කවි ලියා ඒ මතින්
වසාලනු නොහැකි වග
දනිමි හිස්තැන් කිසිත්

දවස දෙදවස හොරෙන්
ගෙවී යයි මතකයක
තබා හිස් තැන් බොහොම

බියයි ම‍ට
අමතකව යාවි යයි
නුඹ මුහුණ

-Raven-

සිඳුනත් අවසන් ලේ බිඳ



2 අදහස්

‍‍













මිරිකා හදවත
බිම දා අවසන් ලේ බිඳ
හැර දා සුසුමද
පා කර බොල් අහසට
සූරා සිය ගත
සිඳ දා සම් මස් ඇටද
දියව ගියද මා මිහි මත
තණ පතක, පිණි බිඳක
මල් පෙත්තක, පිහාටුවක
සියොත් නදක, අරුණැල්ලක
රැදේවි හද
බැඳි ආලය

-විශ්මි-

මත



3 අදහස්






සුරාවට මිස
මතට
තිතක් නොම තැබූ වග
පසක් කර ගතිමි
නුඹ නිසා
මම
සොඳුර

සබඳ මේ ප්‍රේමයයි



2 අදහස්












සබඳ,
පොදි බැන්ද පැතුම් නැත
සිහින මාලිග පිඹුරුපත් නැත
අනාගත මල් උයන් වතු නැත

එහෙත්,
බැන්ද ආදර හැඟුම් පොදි ඇත
සිහින මත නුඹ අරක් ගෙන ඇත
සතුට හද තුළ පිරී'තිර ඇත

ඉඳින්,
පසු කරන මග දෙපස
ගත කරන හැම දවස
හෙලන සුසුමක පහස
මග හැරී නැත අපට

ප්‍රේමය,
මහ මෙරක බර දැනෙන
පිණි පතක සිසිල දෙන
සිහිනයක මත ගෙනෙන
හිරු සේම ගත දවන
පණ සේ උනුන් රකින
අප සේම අප විඳින
අවකාශයයි..


-විශ්මි-

මතක ඇස්



2 අදහස්

‍‍














මතක ඇස් කෝටියක
දැවටි දැවටී
රැයක් අලු කලා නුඹ
සීතලක් වත් නොදී

පහන් සිල මත වැදී ගිය සිතුම
මැකී බොඳවී ගියා
පත් ඉරුව නොතෙමාම
මතක අඳුරේ ගුලිව ඉන්න ඉඩ නොතබාම
නුඹ ඇවිත් අවුස්සා හිතද ගත නොඅසාම

තරු ඇසක කාන්තිය
නිවී යන ඇසිල්ලක
අඩ අඳුරෙ ඉඳන් කවි
ලියන්නට හිතමි මම

එහෙත් කවදා එයිද
එවන් ඉසිඹුවක් මට?
newer post older post